පෘතුගීසි යුගයට හෝ ලන්දේසි මුල් යුගයට අයත් පැරණි නැවක සුන්බුන් හලාවත සින්නපාඩුව ආසන්න අලි කකුල් ගල නමින් හඳුන්වන ස්ථානයකින් සොයාගත් බව ගාල්ල සමුද්‍ර පුරා විද්‍යා ඒකකයේ පර්යේෂකයෝ පවසති.
වෙරළේ සිට කිලෝ මීටර දෙකක් පමණ ඈතින් මීටර නමයක් පමණ ගැඹුරෙහි මෙම ස්ථානය පිහිටියේය.
. එමෙන්ම 2006 දී සින්න පාඩුවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන 2009 දි ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ තැන්පත් කැරැණු තඹ කාලතුවක්කුව නිසා මේ සුන්බුන් සොයා ගත හැකිවිය, එහි ප‍්‍රමාණය, හැඩය සහ සංයුතිය අනුව එය කවර වකවානුවකට අයත්වේදැයි නිගමනය කළ හැකි වෙතියි පුරා විද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා කියයි.පැරණි පෘතුගීසි සහ ඕලන්ද ලේඛණ පරීක්ෂා කැර ගිළීගිය නෞකාව පිළිබඳ තොරුතුරු සොයා බැලීමට උත්සාහ ගන්නා බවත් ඔහු පවසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් සිල්වා මහතාගේ මග පෙන්වීමෙන් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් සමුද්‍ර පුරා විද්‍යාඥ ඒ.එම්.ඒ.දයානන්ද මහතා සහ රුක්ෂාන් පි‍්‍රයංගන, සමීර කරුණාරත්න ඉන්දික උපුල්, මහින්ද කරුණාරත්න, රුවන් අසංක, කසුන් වීරසේකර, චමල් ගමගේ යන මහත්වරු සහ නදීකා කුමාරි මෙනවිය ද මෙම ගවේෂණයට සහභාගී වූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd