1990 වසරේ තිරගත වු ‘තනිඩාර්’ චිත්‍රපටයේ ඇතුළත් වුණ ‘තම්මා තම්මා’ ගීතය මේ වසරේ තිරගත වීමට නියමිත බොලිවුඩ් චිත්‍රපටයකට ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. මෙසේ මෙම ‘තම්මා තම්මා’ ගීතය ඇතුළත් කර ඇත්තේ එළැඹෙන මාර්තු 10 වැනිදා තිරගත වීමට නියමිත කරන් ජෝහාර්ගේ සිනමා නිෂ්පාදනයක් වූ ‘බද්‍ර්රිනාත් කි දුල්හානියා’ චිත්‍රපටයේය.
මෙම චිත්‍රපටයේ ඇතුළත් මෙම ‘තම්මා තම්මා’ ගීතයට පෙනී සිටින්නේ, ආලියා භාට් හා වරුන් ධාවන් දෙදෙනායි. මොවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහාද එක්ව සිටිති. ‘තනිඩාර්’ චිත්‍රපටයේ ඇතුළත් මෙම ‘තම්මා තම්මා’ ගීතය ගායනා කළ බප්පි ලහිර් හා අනුරාධා පෙඩ්වාලා මෙම චිත්‍රපටයේද මෙම ගීතයට ගායනයෙන් දායක වී තිබීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd