2009 වසරේ ඇරඹි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා නවත්වන ලෙසත් පෙබරවාරි සිට මැයි දක්වා මහපොළ ශිෂ්‍යාධාර මුදල් නොලැබීමට විරෝධය පළ කරමිනුත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (28) කොළඹ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිට පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම ඉරිසියව, (ම)
සිසුන්ට අවශ්‍ය කරන පහසුකම් අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. අපේ රටට වෛදවරුන්ගේ සේවය හිඟ තාවයක් තිබෙන බවත් පේන්ඩ ලැබෙනවා.දුක් මහසිවෙලා අධ්‍යාපන කටයුතු හමාර කරන වෛද්‍ය වරුන්ගෙන් යම් ප්‍රතිශතයක් රට හැර යනවා විවිධ හේතු මත.රජය වග කිව යුතුමයි මේකට. ඒ වගේම උසස් පෙළ විභාගයෙන් ලබාගතයුතු තරඟකාරී ලකුණු ලබා නොගත් , එහෙත් ඉතාම බුද්ධිමත් , වෛද්‍යවරයකු වීමේ කැමැත්තෙන් පසුවෙන හා අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍යමය වශයෙන් හැකියාවක් ඇති/නැති සිසුන්ට තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා පුද්ගලික වෛද්‍ය විද්‍යාල පහසුකම් තිබිය යුතුමයි. එකක් නොව විද්‍යාල 2ක් හෝ 3ක් ප්‍රාදේශීය වශයෙන් ආරම්භ කළහැකිනම් අවශ්‍ය කරන වෛද්‍ය වරු ප්‍රමාණයද ලැබෙන අතර , අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිට රටට යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුලම රඳවා ගත හැකි බැවි මගේ අදහස. අද කී දෙනෙක් පිට රට යනවද ඉගෙන ගන්ඩ, ලංකාවේ අධ්‍යාපන පහසුකම් නැති නිසා.(සීමිත් සංඛ්‍යාවක් තෝරා ගන්න බැවින්), අද මෙය නොකළොත් අනාගතේදී පිට රට වෛද්‍යවරු (චීනය/ඉන්දියාව වැනි රට වලින්) ලංකාවට පැමිණෙනු ඇත .(බ)
මේ ළමයින් ගෙන් මට නම් පේන්නේ උගතුන්ගේ විලාශයක් නෙවෙයි. වැල්ලේ මාළු ලේල්ලමට රොක් වුණ කට්ටියක් වගේ. (ම)
දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න කුහකත්වය වැඩි වීම කනගාටුදායකයි... මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිවැරදි නියාමනයට යටත්ව දිගටම ක්‍රියාත්මක වියයුතුමයි... (ම)
සුගත් ගේ අදහස මමත් අනුමත කරමි. (ම)
මේ අය නිකන් ලිඳේ ඉන්න මැඩියෝ වගෙයි. ලෝකේ මොනවද වෙන්නේ කියල දන්නේ නෑ. හිතන් ඉන්නේ මේ ගොල්ල තරම් නුවනක්කාරයෝ ටිකක් තවත් නෑ කියලයි. ඔක්කොටම වඩා ඉරිසියාවයි කුහකමයි පිරිලා ඉතිරිලා ගිහින්. ලෝකේ බොහොමයක් රටවල තියෙන්නේ සල්ලි වලට ඉගෙන ගන්නයි. ලෝකේ බහුතරක් ඉන්නේ සල්ලි දීල ඉගෙන ගත්තු දොස්තරලා. ඒ කියන්නේ, ලෝකේ වැඩිහරියක් වෙදකම් කරන්නේ හොර දොස්තරලා. කෝ දැන් ගිය අවුරුදු වල එලියට ආපු දොස්තරලා. මමනම් දැකල නැහැ ඒ අය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව වර්ජන කරනවා. ඒ ගොල්ලෝ වර්ජන කරන්නේ වෙන දේවල් වලට. මේ ඔක්කොම විකාර. ලකුණක් දෙකක් කරුමෙට මදි වෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුන එකා මෝඩයෙක් නෙමෙයි. ඉතින් ඒ ළමයට සල්ලි දීල හරි ඉගෙන ගෙන වෛද්‍ය වරයෙක් වෙන්න පුලුවනිනම් කොච්චර දෙයක්ද. සමහර වෙලාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් එලියට එන වෛද්‍ය වරයා වඩාත් දක්ෂ සහ ගුණයහපත් කෙනා වෙන්න පුළුවනි. අපි දන්නවනේ සමහර දොස්තරලගේ ක්‍රියා පටිපාටිය. ඒ වගේම රත්තරන් දොස්තරවරුත් ඉන්නවා කියල අපි අමතක කරන්නේ නැහැ. (බ)
යකෝ දන්සලෙන් කෑවත් කඩෙන් කැවත් හපලා කන්න ඕන කියන එක මේ අයට තේරෙන්නේ නෑ නේ.සල්ලි දුන්න පලියට උපාධිය නිකන් පුදන්නේ නෑ කොහෙවත්.(හේ)