(අංජුල මහික වීරරත්න)
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් අංශෝධනය කිරීමටත් 2024-2-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ( විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති අතර එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් වසංගතය හා ඉන්පසු ඇති උ රටේ ආර්ථික අර්බුදය නිසා අද නොවැටුණු එකම ව්‍යාපාරය බැංකුවයි. 2020 සමඟ 2021 2022, 2023 සසඳා බැලුවොත් සමහර බැංකුවල ආදායම 100%කින් තවත් සමහර බැංකුවල ආදායම 150%කින් වැඩි වී තිබෙනවා. හැම ව්‍යාපාරයක්ම, කර්මාන්තයක්ම අර්බුදයට යද්දි බැංකුවලට පමණක් ඉතා ශක්තිමත්ව ආදායම් උපයාගන්න හැකිවී තිබෙනවා. තිබෙන්නේ දැන්වීම්වල කියන ආකාරයේ සුහද හදක් ඇති බැංකු නම් මේ වෙලාවේ මේ රටේ පොදු ජනතාව දෙස විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස මීට වඩා සාධාරණ ලෙස බැලිය යුතුයි. එසේ බලන දිශාවකට බැංකු පරිවර්තනය කරන්න