මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි කියයි.
එක්සත් ජාතික පෙරමුණට මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 ක් හිමිවිය.
එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය බ්‍රහස්පතින්දා (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හැම පක්ෂයටම බලපානවා නම් හොඳයි. මොකද ජනතාව ප්‍රතික්ෂේප කළ සමහරු නැවත එන්න පුළුවන්. (නි)
අතිගරු අගමැතිතුමනි,කරුණාකර රෝසි සේනානායක වැනි ලෝකයේ ඕනෑම තැනකට ආඩම්බරයෙන් යාහැකි ලංකික කාන්තාවන් ඇමතිකමක් නොලැබුනත් රාජ්‍ය තන්ත්‍රයේ තබාගන්න. ශ්‍රී ලංකාවෙත්, ලෝකයේ වෙනත් රටවලත් කාන්තාවන්ටත්, කුඩා ළමුන්ටත් වන කරදර හිරිහැර, එතුමියට පමණි තේරුම්ගත හැක්කේ. (නි)
අනන්න වෙනස එතුමා නිතරම ගරු කරන්නේ ජනතා මතයට. (නදී)
රෝසි මහත්මිය නොතේරුණත් සැලකියයුතු මනාප සංඛ්‍යාවක් අරන් තියෙනවනේ.ඒ නිසා එතුමියට ජාතික ලැයිස්තුවෙන් අවස්තාවක් ලබා දෙන්න කියලයි මගෙත් අදහස.අනෙක් පැරදුන අය ගැනනම් මට එච්චර පැහැදීමක් නැහැ.(ම)
ජනතාව ප්‍රතික්ෂේප කළ අයට නැවත අවස්ථාවක් නොදිය යුතුයි. ඔබතුමා නිවැරදියි.
තම ආසනය ජයග්‍රහණය කළ අපේක්ෂකයකු මනාප අඩුවීම නිසා පරාජිතයකු ලෙස සැලකීම නුසුදුසුය. මනාප ක්‍රමයම බොහෝ අසමානතා වලින් සමන්විතය. (ම)
බොහොම හොඳයි (බ)
මහ මැතිවරණයට තරඟකර පරාජයට පත්වූයේ ජනතාවගේ නොසතුට නිසාය. ඔවුන් පරාජවූ නිසා නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්නොකිරීමට ගත් එම නිවැරදි තීරණයට අපගේ ස්තුතිය සහ රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කටයුතු කරගෙන යාමට සුභ පතනවා! (බ)
අනේ රෝසි කොහොම හරි ගන්නකෝ (බ)
දැන්නම් හිතෙනවා මහින්ද මහත්තයා එදා අපරාදේ කියලා රට බේරාගත්තේ (නි)
රෝසි වැනි වැඩක් කරන කෙනෙක් ගැන තව වතාවක් හිතුවොත් හොඳයි නේද? (නි)
කාන්තා නියෝජනය වැඩිවීමටත්, කාන්තා හඬ සඳහාත් රෝසි පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. කරුණාකර එය සළකා බලන්න (නි)
රෝසි සේනානායක පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය (නි)
හොඳ තීන්දුවක් (නි)
රෝසි ඉන්නම ඕනෑ කෙනෙක් (නි)
අනේ පවු! යූඑන්පී යේ සිටි සමහර හොඳ මිනිසුන්ටත් තැනක් නැහැ (නි)
හොඳයි. බොහොම හොඳයි. බොහොමත්ම හොඳයි. (නි)
මෙතුමා කවදත් ජනතා මතයට ගරුකළා (නි)
බොහොම අගෙයි මැතිතුමනි (නි)
ගරු අගමැතිතුමනි, හොඳින් සිතා බලා සුදුස්සන් පමණක් පත්කරන්න (නි)
මෙන්න නියම වෙනස (නි)
ජනතා පරමාධිපත්‍යයට ගරුකිරීම ගැන ඔබතුමාට අපගේ ප්‍රණාමය! ජන හදවත හඳුනාගත් නායකයෙක්. (නි)
අබේරත්න, රෝසි වැඩ කළා තමයි. නමුත් නීතියක් තියනවනේ පක්ෂයක් වුණාම. රනිල් මහතාගේ තීරණය හරි. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කලින් පොරොන්දුවෙලා ඒ මිනිස්සුත් කැපකිරීම් කරලා තියනවා. ඡන්දෙ ඉල්ලු අයට පක්ෂයත් වියදම් කළා. පැරදුනාම ගත්තොත් අනිත් අයටත් නරක ආදර්ශයක් (නි)
ජනතා පරමාදිත්වයට ගරු කිරීම ගැන ඔබතුමාට මාගේ ප්‍රණාමය (ම)
කරුණාකර රෝසි සේනානායක මැතිනියට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් දෙන්න.ඇය ඉතා සුදුසුයි (නි)
නුසුදුස්සන්ව එහෙම ළංකරගන්නවා නෙමෙයි (නි)
සන්ධානේ නායකයත් එලෙසම කළොත් වඩා නිවැරදියි (නි)
අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාර වලදී සහභාගිවන උපරිම පිරිස 3 කට සීමාකරන්න. අපේ රටේ අයවැයෙන් විශාල මුදලක් දේශපාලකවරුන්ගේ විදේශ ගමන් සඳහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. දැන් චන්ද්‍රිකා තාක්ෂණය ඉතාමත් දියුණුයි. හරියට බෙහෙත් ගන්න නැති ඉස්පිරිතාල වල පහසුකම් නැති අපේ වගේ දුප්පත් රටකට මේවා අනවශ්‍ය වියදම්. කිසියම් දේශපාලකයෙකු ඔහුගේ විදේශ ගමන් සදහා අනවශ්‍ය පිරිස් රැගෙන ගියහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි සහ ඔවුන්ගෙන් එම මුදල් අය කරගත හැකි නීති සම්පාදනය කරදෙන මෙන් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලීමක් කරමු. (නි)
හොඳ ඉදිරි ගමනක් සර් (නි)
අපිට බොහොම සතුටුයි (නි)
ගොඩක් අයගේ වාසනාව හමාරයි වගේ (නි)
මහ මැතිවරණයට තරඟකර පරාජයට පත්වූයේ ජනතාවගේ නොසතුට නිසාය. ඔවුන් පරාජවූ නිසා නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්නොකිරීමට ගත් එම නිවැරදි තීරණයට අපගේ ස්තුතිය සහ රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි කටයුතු කරගෙන යාමට සුභ පතනවා! (නි)
රෝසි ඉන්නම ඕනෑ කෙනෙක්. ඒක මිනිස්සු තීරණය කර හමාරනේ! (නි)
රනිල් මැතිඳුනි, රෝසි ගන්න එපා. එයාට අපි ඡන්දෙ නොදුන්නේ එයාව අපි ප්‍රතික්ෂේප කළ නිසයි. ඔබතුමා ප්‍රතිපත්තිගරුක වන්න. ප්‍රතිපත්ති කැඩුවොත් ඔබතුමාට රටේ තියෙන ගෞරවය අඩුවේවි (නි)
රෝසිට ඡන්දේ නොදුන්නේ කොළඹ ලිස්ට් එකේ හොදම අය ගොඩක් හිටිය නිසා මිසක් රෝසි එපා නිසා නෙමෙයි. රෝසි සිටිය යුතුම කෙනෙක්. (නි)
රනිල් වික්‍රමසිංග අගමැතිතුමනි, හොඳ මිනිසුන්ට පමණක් දෙන්න (නි)
රෝසිට දුන්නොත් තව කීදෙනෙක් ඉන්නවද දෙන්න? පක්ෂයේ විනයක් තිබිය යුතුයි. (නි)
රෝසිට ඡන්දේ නොදුන්නේ කොළඹ ලිස්ට් එකේ හොදම අය ගොඩක් හිටිය නිසා මිසක් රෝසි එපා නිසා නෙමෙයි. රෝසි සිටිය යුතුම කෙනෙක්. (බ)
කාන්තාවන් වෙනුවෙන් යහපත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් හොඳ සේවාවක් කරන ලද රෝසි සේනානායක මහත්මියට අවස්ථාවක් දෙන්න. (බ)
තව කීදෙනෙක් හිටියත් ඒ අය රෝසිලා නෙමෙයි. (නි)
කාන්තාවන් වෙනුවෙන් යහපත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් හොඳ සේවාවක් කරන ලද රෝසි සේනානායක මහත්මියට අවස්ථාවක් දෙන්න. (නි)
හොඳින් සිතා බලා සුදුස්සන් පමණක් පත්කරන්න (නි)
රෝසි සේනානායකට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් වටිනවා. (නි)
මම එ.ජා.ප නොවුණත් ඔබතුමාට ගරු කරනුයේ නොසැළෙන, ප්‍රතිපත්ති ඇති,නිසි තීරණ ගන්නාවුත් පරාජයේදී නොසැළෙන, එ.ජා.ප.යන දැවැන්ත අලියා ගමනාන්තයට ළඟාකරවූ නිසාය. නාස්තිකාර වියදම් වලින් වළකින්න. (නි)
රෝසි ගැන තව ටිකක් හිතන්න මැතිඳුනි (නි)
සංස්ථා සභාපතිකම් එහෙමත් දෙන්නේ නැද්ද? (නි)
රෝසි සේනානායක මන්ත්‍රීතුමියට අවස්ථාවක් දුන්නොත් නරකද අගමැතිතුමනි. සමහර අවස්ථාවන්හිදී යම් සාධාරණයක් කිරීමට අප නම්‍යශීලී වියයුතුය. (නි)
කාන්ති කියන එක ඇත්ත. මේ වගේ අත්දැකිම් ඇති, යමක් කරන්න පුළුවන් කාන්තාවො හරි අඩුයි. ඒ නිසා ඇයට අවස්ථාවක් දියයුතුයි (නි)
ඇත්තටම රෝසි හොඳයි. අපරාදේ ගාල්ලෙන් ඉල්ලන්න තිබුනේ. (නි)
අනේ! රෝසි පවු නේද? (නි)
පරාද වුණු අයට නොදෙන එක හොදයි (ම)
හරියට වැඩ කළොත් ජනප්‍රසාදය ලැබේවි (නි)
කදිම ආරම්භයක් අගමැතිතුමනි. (නි)
ඔබතුමා කවදත් ගත්තේ හරි තීරණ. (නි)
රෝසි ගැන තව ටිකක් හිතන්න මැතිඳුනි (ම)
ඉතාම නිවැරදි හා පැහැදිලි තීරණයක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පරිණත භාවය හා රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳ ප්‍රබල සාක්ෂියක්.(ම)
රෝසි සේනානායකට අවස්ථාවක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඇය අනිවාර්යයෙන් සිටිය යුතු වැදගත් කාන්තාවක්. (නි)
නියමයි. (නි)
මෙම තීරණය සන්ධානයත් ගනිත්වා! අවුරුදු 5 ටම මෙම තීරණය නොවෙනස් වේවා! (නි)
ජොශප් මයිකල් ම හ තා ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි (ම)
සන්නස්ගල මහත්තයා ආසනය දිනුම්නේ. එතුමා ගැනත් හිතලා බැලුවොත් හොඳයි නේද! (ම)