සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන ඔහුගේ නිවසින් එළියට දමා ඇති අතර නිවසේ බඩු මුට්ටුද ඉවත් කර ඇතැයි වාර්තාවේ.
පෞද්ගලික බැංකුවකට එම නිවස උකස් කර ණය මුදලක් ලබාගෙන ඇතත් එය නිසිලෙස ගෙවා නොමැතිවීම හේතුවෙන් පැවරූ නඩු විභාගයේදී කොළඹ දිසා අධිකරණයෙන් දුන් තීන්දුවක් අනුව මෙසේ නිවසේ බඩු මුට්ටු ඉවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදය. එහෙම කරන්න බැහැනේ. මෙයා කැප්ටන් කෙනෙක්නෙ.ලෝයර් කෙනෙකුට වඩා ඉහළයි නේද.?(නදී)
මම නම් සිතාගෙන සිටියේ මේ පක්ෂයේ පිරිසිදු අය පමණයි ඉන්නේ කියලා. නයක් ලබාගෙන එය නොගෙවා සිටීමත් වරදක්.(නදී)
අපේ මාමා කෙනෙකුටත් ඔහොම දෙයක් වුණා. අම්මෝ බැංකු ලෝන් අරන් සෙල්ලන් කරන්න නම් බැහැ. මාමා නම් ලෝන් අරන් ගේ හැදුවේ නොගෙවා කට්ටි පනින්න නොවෙයි. එයාට දේශපාලන හයියක් තිබුනෙම නැහැ. බාගයක් විතර ගෙවද්දී මාමා අනතුරකට පත්වෙලා එකතැන් වුනා. පුළුවන් කමක් තිබ්බා නම් මග හරින්නේ නැති ඒ මාමා හරිම අවංක කෙනෙක්. (බ)
තවත් ඔය වගේ ණයකාරයෝ මේ රටේ ඉන්නවාද ? සත්තු වගේ මේ විදියට මනුස්සයෝ ගෙවල්වලින් ඇදල දොට්ට දාන එක පව් නැද්ද ? (බ)
පොන්සේකා මහත්තයට ලැබෙන ඩොලර් වලින් ගෙයක් අරන් දෙවි ..කට්ටිය කලබල නොවී ඉන්න..පොඩ්ඩක් ඕනනම් මෙයා ගැන ගමේ කට්ටියගෙන් අහල බලන්න..බංකලොත් වෙන හැමෝම පිරිසිදු නැහැ . (ස)
සල්ලි තියාගෙන නොගෙවා හිටියා නම් වැරදියි.එත් දේශපාලුවෝ නම් ණය අරගෙන නොගෙවා ඉන්න වාර අනන්තයි.ඒවා ඉතින් බොල් ණය තමයි.පොඩි මිනිහෙක් නොගෙව්වොත් තමයි ඔය සේරම (නි)
මේ මනුස්සයට උදව්වක්, පදව්වක් කරන්න කවරුවත්ම ඉඳලා නැත්ද? (ර)
අපරාදේ ජනවාරි 08 වෙනිදට කලින්නම් අපේ රජතුමාගේ එක ශක්තිමත් කරලා ගේ බේරගන්න තිබුන ,අමතරව අතට ගානකුත් ගන්න තිබුන ,මේ යහපාලනයක් ඇවිත් ඒවත් නැතිකරලා දැම්මනේ (අ)
ජයංගනී ආරියරත්න 2015-06-17 02:44:17 ඔබතුමිය ඔය කියන නායකයා උදව්කරපු "සාධාරණ" දෙය අපි හැමෝම දැන් දන්නවා නේද ? තවත් එ්ක "සාධාරණීයකරණය" කරන ඔබ වගේ අය .....(බ)
මගේ ගෙවල් දොරවලුත් මෙහෙම නැතිවුණා. ව්‍යාපාර නිසා.ඒකේ වේදනාව මම තවම විඳිනවා. හතුරෙකුටවත් එහෙම නම් වෙන්න එපා. හරියට අසරණ වෙනවා. (නි)
නන්දලාල්, ඔයා පොළවට ඇවිල්ලා ඉන්නේ පිටසක්වළ සත්වයෙක් විදියටනේ.මේ අය දේශපාලනයට එන්නේ තුත්තිරි ගස් අල්ලාගෙන. නමුත් මේ අය යනකොට යන්නේ මාර ගස් උස්සාගෙන. (නි)
යහපාල උන්නාන්සේ ෆොන්සේකාගේ පුද්ගලික ලියන මහත්මයද එයාට හම්බු වෙන ඩොලර් ගැන දන්නවා වාගේ කියන්නේ .(ම)
ගෙවල් සඳහා උකස් ණය ගැන්මේදී අනිවාර්යයෙන් රක්ෂණයක් ගැනීමට සිදුවෙනවා. යම්කිසි හේතුවකින් උකස ගෙවන්න කලින් ගනුදෙනුකරුගේ ජීවිතයට හානියක් වුණොත් බැංකුව කරන්නේ අර රක්ෂණය මඟින් ඉතිරි ණය පියවාගෙන අදාළ නිවාස ඔහුගේ අඹුදරුවන්ට නැවත උකසින් නිදහස්කර භාරදීමයි. මතු කාලයක තමන්ගේ ආදායම් අහිමිවීම් අවදානම් වලින් ගැළවෙන්න පවා රක්ෂණ ක්‍රම තිබෙනවා. එතකොට මෙවැනි ඉතිරි වූ උකස් ණය ගැන වදවෙන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නය අපේ රටේ සාමාන්‍ය ජනතාවට උකස් මුදල් රක්ෂණ වාරික ආදී මෙකී නොකී දේවල් ගෙවන්න සාමාන්‍ය තත්ත්ව යටතේ අපහසුවීම. නමුත් හැකි කෙනෙකුට ආදයම් රක්ෂණයක් මඟින් මෙවැනි වෙලාවක සහනයක් ලබාගන්න පුළුවන්. නමුත් ඉතා කල්පනාවෙන් කොන්දේසි කියවා බලා රක්ෂණ ගතයුතුයි. (නි)
ලසිත,ඇයි ලෝන් එකක් ගනිද්දී රක්ෂණයක් තිබුණේ නැද්ද? (නි)
පිවිතුරු යහපාල, මහින්ද මහත්තය ගැන ඇරෙන්න අනිත් හැමෝ ගැනම දන්නවා.(ම)
වැරදි කෙනාට සහය දුන්නේ. අපේ රජ තුමාට සහය දුන්න නම් ගෙවල් දෙක තුනක්ම හදා ගන්න තිබ්බා.(නදී)
බැංකු ලෝන් අරන් මේ වගේ වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට පමණි කොටි ප්‍රකෝටි ගණන් වෙච්ච ලොකු දේශපාලන බලය ඇති අය කිසිම කරදරයක් නැතිව ඉන්නවා (ම)
මහජන දේපල හොරකම් කලාම ඇප දෙන්න බැරි උනත් ගෙවන වාට්ටුවලට යවල සැප දීල ඇප දෙනවා. නමුත් මේ වගේ දේකට කෙලින්ම නීතිය ක්‍රියාත්මකයි. (නදී)
පිරිසිදු නිසා නේද ගේ අහිමිවෙලා තියෙන්නේ? එතනෝල් ගෙන්නුවා නම් ,කුඩු ගෙන්නුවා නම්, මාල කැඩූවා නම්, කප්පම් ගත්තා නම් ,කොමිස් ගැහුවා නම් , මංකොල්ලකෑවා නම් මේ මනුස්සයට මෙහෙම වෙයිද? (නි)
අනුන්ගේ සල්ලි ගත්තම ඔහොම තමයි.(ම)
සමහර අය අනක් ගුණක් නැතිව ඔහේ අදහස් ලියනවා. මේ ප්‍රවෘත්තියෙන් ගම්‍ය වන වැදගත්ම දෙය සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂයේ අය දුෂණයට හසු නොවීම නිසා මෙවැනි ඉරණමකට ගොදුරු උන බවයි. ෆොන්සේකා මහතා හිරේ ගිය නිසා "හරි ගියේ" අලස් උන්නැහේට. ඉතින් එයා තමයි කපිතාන් ගයාන් විතානට මේ අවස්ථාවේ උදව් කළ යුත්තේ.(නදී)
සත්‍යා , මම ඔයාගේ අදහසට ගරුකරමි (නි)
"බංකොලොත් වෙන හැමෝම පිරිසිදු නැහැ .....".! මම නම් බංකොලොත් එකට අමතරව "පරාජිත" කියන විශේෂණ පදයත් මීට ඈඳනවා . (නි)
රකිත් සතොසෙන් වියලි අහර අරන් බැංකුවට දෙන්නද හි හි හි (ම)
ගමේ අය නම් ඔහු ගැන හොඳට දන්නවා... (නි)
මේවා පක්ෂ නායකයාට කියලා ගැලවීමක් ලබා ගන්න තිබුණානේ. කොහෙද ඉතින් එහෙම උදවුවක්වත් නායකයා කරයිද.? මහින්ද මහත්තයා නම් තමන්ගේ පක්ෂයට කැපවීමෙන් වැඩකරන කෙනාට තම සෙවන බේරා දෙන්න මොකක් හෝ සාධාරණ දෙයක් කරලා උදවු කරනවා. එහෙම කරන එක මනුස්සකම. ඇඟ බේරාගෙන ඉන්න එකට මොන කම කියලද කියන්නේ කියලා මම දන්නේ නැහැ. කොහොම උනත් මේක පක්ෂෙට හොඳ නැහැ. (ස)
සත්‍යාගේ ජයාගේ ඇතුළු කිහිප දෙනෙක් ගේ අදහස් වලට මමත් එකග වෙනවා . (ම) .
හිටපු ජනාධිපතිතුමාට වැඩ කලානම් ණය සතොසෙන් ගන්න තිබුණා කිසි ප්‍රශ්නයක් නැතිව.(නදී)
අපරාදේ මෙතුමාට අර රුපියල් සීය ගානේ එකතු කරපු මන්ත්‍රීතුමා අනුගමනය කලානම් ඔහොම වෙන්නේ නැහැ (නදී)
විජයබාහු, ලක්ෂ 52 ක බඩු අරගෙන විකුණලා බැංකුවේ ණය ගෙවන්න බැරිද? හු හු හු, බාහු.(ම)