විනය පරීක්ෂණයක් පැවැත්වෙන කොළඹ ආනන්ද විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පරීක්ෂණය අවසන්වනතුරු ඉවත් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.
ඔහු ගාල්ලේ පාසලක සිටිය දී කළැයි කියන සිද්ධී කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් නිකුත් කර විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, බ්‍රහස්පතින්දා (29) එම විනය පරීක්ෂණය නැවත කැඳවූ අවස්ථාවේ හිටපු අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සාක්කි දුන් බවත් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
රාජ්‍ය සේවා කොමිසමෙන් නව විදුහල්පතිවරයකු පත් කර ඔහුට වැඩ බාර දෙන්නැයි කිහිප විටක්ම දැනුම් දී තිබිය දී එම නියෝග නොතකා හැරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව ඇති බව ද, වැඩ තහනම් වූ ඔහු මාස කිහිපයකින් පසු නැවත සේවයේ පිහිටුවා ආනන්දයේ විදුහල්පති ලෙස පත් කර ඇති බව ද, මේ වන විට ඔහුගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න මතුවී ඇති බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
ආනන්ද විද්‍යාලයයේ සිසුවකුට පහර දුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් කරන්නැයි ගුරු සංගමයේ ලේකම් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඒ තීරණයට එකගයි.(හේ)
අද කාලයේ සිසුන් ගුටි කන හේතු මිට කලින් මේ සම්බන්ධ පුවතකදී සිසුවෙකු කියා ගන්න කෙනෙක් ලියපු භාෂාවෙන් පේනවා. (බ)
අනිවාර්යයෙන්ම මමත් මෙයට එකඟයි ! මෙහෙම මානසික අසහනයන්ගෙන් පෙළෙන පුද්ගලයන් තව දුරටත් පාසල්වල රාජකාරිවල නිරත වීම තුලින් සිසුන්ට සහ පාසලේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවේ! (ම)
කන මිරිකලා කම්මුල් පහරක් ගැහැව්වට නියෝජ්‍ය විදුහල්පතිවරයකු පාසලෙන් ඉවත් කරන්නලු' අනේ කාලේ වනේ වාසේ අනේ අපට දන ගස්සල ගහපු ගුරුවරුන්ට අපි අදත් ණය ගැතී. ඔබලා ලංකාවේ ගුරුවරු වෙන්න සිහිනෙන්වත් පතන්න එපා. (බ)
ගුරුවරු කියන්නේ දෙවිවරු නොවේ. අම්මලට ලිංගික බලපෑම් කරන ළමා අපචාර කරන ගුරුවරු කීදෙනෙක් ඉන්නවද? ගුරු පත්වීමක් ලද පලියට මිනිහෙක් සුද්ධවන්තයෙක් වෙන් නෑ. ළමයෙකුට "මෙහෙ වරෙන් පරයා" කියනවද හොඳ ගුරුවරයෙක්. මෙවන් මානසික රෝගීන් ගුරු සේවයෙන් නෙරපා අංගොඩ යැවිය යුතුයි. 12 වසරේ ළමයෙක් ගුටි කාල නිකම් ඉන්නේ ගුරු ගෞරවය නිසයි. ඒ ගැන ඒ ළමයට හා පියාට ගරුකළ යුතුයි. ළමයා ගුරුවරයාට ගැහුවනම් ගුරුවරයා දැඩි සත්කාර ඒකකයට යවන්න වෙනවා. අනුරාධපුරේ පාසලක ගණිත ගුරුවරයෙකුට මාස කීපයකට කලින් සිසුවෙක් බිම දාගෙන ගැහුවා. ගුරුවරයා පාසලෙන් මාරුවෙලා ගියා (බ)