‘බියගම විලේජ්‘ හෝටලය හිමි කෝටිපති ව්‍යාපාරික රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද රහස් පොලීසිය කැඳැවීය. ඔහු පුතාටත් දුවටත් අමතරව නෑයන් නොවන අයටද ඉඩම් ලියා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ බලපත් සහිත පිස්තෝලය පසුගිය 20 වැනිදා දොම්පේ පහළ දොම්පේ යද්දී කැබ්රියේ තිබුණු බව කියන පොලීසිය ඔහු එය රියේ තබා බසින්නට ඇත්තේ තම ඝාතකයා මාළු කපන මන්නයක්ද සහිතව එහි සිටි බවට කිසිම හෝඩුවක් නොලැබුණු නිසා විය හැකිය යැයි කියයි. හෙල්මටයක් පැලඳ කළු ජැකට්ටුවක් ඇඳ සිටි මිනීමරුවා ඔහු හොදට හඳුනන පුද්ගලයක් විය හැකි බව පොලීසිය කියයි. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කළ ව්‍යාපාරිකයා බොහො පින් දහම් කළ අතර ඕනෑම දෙයකට අත දිග හැර වියදම් කිරීමට කිසිම මැලිකමක් නොදැක්වූ බවත් කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd