තිළිණි ද සිල්වා
නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් කිහිපදෙනෙකුට හිරිහැර සිදුවී යැයි කියන මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලය පවත්වාගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියම කළ බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා ලංකාදීපයට පැවසීය.
එම හෝටලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එය අවසන් වනතුරු එම හෝටලය වසා දැමීමට අධිකාරිය තීන්දු කළ බවත් එම නියෝගය අදාළ හෝටලයේ හිමිකාරීත්වයට දැනුම් දුන් බවත් ඔහු කීවේය.
මෙම මිරිස්ස හෝටලය සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රයක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බව සිදු කරන පරීක්ෂණ වලදී හෙළි වූ බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියාපදිංචි බලපත‍්‍රයක් නැතුව හෝටලය පවත්වා ගෙන යාම ගැන එ්කේ අයිතිකාරයින්ට එරෙහිව නීතියෙන් යමක් කරන්න බැරිද? මම එහෙම අහන්නේ මටත් ඒ විදිහට හොටෙල් එකක් දාන්න හිතිලා තියන හින්දයි.
මම දැක්ක විදිහට ඒක හෝටලයක් නොවේ වැල්ලේ ගහපු පොල් අතු මඩුවක් ඔය වගේ බලපත්‍ර නැති ඒවා දහස් ගණනක් තිබෙනවා, මිරිස්සේ සාමාන්‍ය මිනිස්සු ඉන්න ගෙවල් වලත් home stay කියල බෝර්ඩ් ගහල සංචාරකයෝ ඉන්නවා .