
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය අද එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රළපනාවේ කලුගල් ඉවත් කිරීම වහාම නවතාදමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මූලික විරෝධතාව පලවී තිබිණි.
ගොවි ජනතාවගේ සහ ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බව එහි පැමිණ සිටි ස්වේච්චා සංවිධාන නියෝජිතයෝ මහා සංඝ රත්නය වෙත සැලකර සිටියහ.
මහා සංඝ රත්නය වැව් බැම්ම මත වාඩිවී සත්‍යග්‍රහයකද නිරතවූ අතර දැනට පොලොන්නරුවේ ජනතාවගේ හදවත බඳු මෙම වැවේ විනාශය සඳහා යොදවා තිබෙන යන්ත්‍ර සූත්‍ර සහ පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසටද වාරිමාර්ග නිලධාරීන්ට බලකර සිටියහ.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්පි මහා සංඝ රත්නය විරෝධතාව දක්වමින සිටි ස්ථානයට පැමිණ වැව් බැම්මේ දැනට සිදු කෙරෙන සංවර්ධන කාර්යය තාවකාලිකව නැවැත්විමට සහ ඉදිරියේදී පවත්වනු ලබන සාකච්ජාවකින් පසුව ගනු ලබන තීරණ දැනුම් දීමටත් පොරොන්දුවීමෙන් පසුව මහා සංඝ රත්නය ඒ ස්ථානයෙන් විසිර ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි මේ වෙලාවේ උද්ඝෝෂණය කරනව කියලා... මිනිස්සු පාරට බස්සන්නේ ආණ්ඩුවමයි... අනේ මන්දා ප්ලෑන් කරලා කරනවද කියලා...
කවුරු මේ තීරණ ගන්නවද දන්නේ නෑ...විහින් නා ගන්න ආණ්ඩුවක් මේක..ලංකාවේ දැන් කරන්න ඕන මේකද..අර ලස්සනට ස්වාභාවිකව තිබුණ තැන පාටගාපු සිමෙන්ති ගල් අතුරලා විනාශ කරන්න යන්නේ..නගර නිර්මාණ කරනවා ලු වර්තමාන ලෝකෙට ගැළපෙන්න කියලා එතන ලොක්කෙක් කියනවා...සුද්දෙක් උනත් කැමති පරණ විදිහට තියන දේවල් බලන්න.එක තමා පෞරාණික වටිනාකම් කියන්නේ...ඔතන බ්ලොග් ගල් ටිකක් අල්ලලා , මල් පෝච්චි තියලා, කොන්ක්‍රීට් බංකු ටිකක් ගහන එක නෙවෙයි නූතන ලෝකේ කියන්නේ...එක හොදයි ටවුන් වල කරන්න කොළඹ වගේ...කොළඹ මිනිස්සු ඔහේ ට්‍රිප් එකක් උනත් යන්නේ කෘතිම නැති සුන්දර වටපිටාවක් බලන්න මිසක් තවත් කොළඹක් බළන්න නොවේ..
එතකොට මේ චීවර දාරියෝ දන්නවද වැවු බැම්ම ගැන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට වඩා ? මේ ගොල්ලෝ ඉස්සර හිටියනම් බැම්ම උඩ ඔය පාරට තාර දන්නත් දෙන එකක් නැහැ
මේවා තියාගෙන කන්නද? සිල්ලි හොයාගන්න ක්‍රම තියනවා නම් ජනාධිපතිතුමාට රට හදන්න දීලා ගොන් හරක් ටික පැත්තකට වෙලා ඉන්න රට කන්නේ නැතුව...
ඔය කට්ටිය ගෙන්නලා කුරුණෑගල වැව හදලා තියෙන මන්තිරුව පෙන්වන්න.
මේක මේ වෙලාවේ අවශ්‍යතාවයක් නෙවෙයිනේ.
වේලි ආරක්‍ෂක විශේෂඥයින් ඇතුළු විශේෂඥයින් විසින් සවිස්තරාත්මක තාක්‍ෂණික තක්සේරුවක් සිදු කර අදාළ බලධාරීන් විසින් අනුමැතිය ලබා දී ඇතැයි මම උපකල්පනය කරමි. එසේ නොමැති නම්, එය වේල්ලේ ආරක්‍ෂක ගැටලු වලට තුඩු දිය හැකිය. "කන්තලේ වේල්ල කැඩීම" පිළිබඳව යූ ටියුබ් හි ඇති යූ ටියුබ් වීඩියෝ කරුණාකර නරඹන්න.
කෝ අපේ ඥානසාර හාමුදුරුවෝ? කෝ අපේ රතන හාමුදුරුවෝ?
අන්න හොඳ කරුණක් හෙලි උනා. වැව් බැම්ම උඩ තාර දාපු පාරක් තියෙනවා නම් මොකටද අමුතුවෙන් ඇවිදින මං තීරුවක්? රටේ අනිත් පාරවල්වල අයිනෙත් ඇවිදින්න මංතීරු තියෙනවද? විෂේශයෙන්ම ඉතාමත් කාර්ය බහුල මාර්ගවල? ඉස්සෙල්ලා ඒවට මංතීරු හදලා එන්න කියමු.
මං තීරුව හදන්න පුළුවන්ද? බැරිද? කියන එක නොවේ කාරණේ. මුදල් නැති රටක මුදල් අරපරිස්සම් කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ නොහැකියාවයි. ඒ කියන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි.
භික්ෂූන් වහන්සේලා වෙනයි, සංඝයා වහන්සේලා කියා හඳුන්වන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වෙනයි. අද බොහෝ මෙරට බෞද්ධයින් ඒ වෙනස දන්නේ නැහැ...
කොමිස් කාක්කන්ට රට බාරදෙන්න කියලා කඩේ ගියා. උන් රජ වුනා. දැන් උන් මදිය තර කරගන්න කොමිස් ගහනවා.
හාමුදුරුවෝ හදන්නේ කොරෝනා නාන්න....
කළුගල් වලට විකුණාගෙන සීගිරිය, සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය.
හැම හාමුදුරුවන්ට ම චීවරධාරියෝ යනුවෙන් අමතන්න එපා මිනිසුනේ.!
හැම දේකටම විරෝධය පාන එක දැං කලාවක් බවට පත්වෙලා. අකිල කියපු විදියට ඕක හදන මුල් කාලෙම තාර දැම්මා ද දන්නෙ නෑ. තාර දානකොටත් එපා කියන්න තිබුනා නේ. ඔතන ඇවිදින මං තීරුවක් හැදුවා කියල බැම්මට කිසිම හානියක් වෙන්නේ නැහැ. අනෙක ඔය ගල් පසු කාලීනව දාපුවා. ඒව ඉවත් කිරීමත් සිදුවෙන්නේ නැහැ නේද . ටිකක් එහාට මෙහාට කරන එක විතරයි. අනෙක මං තීරුව නිසා ඔය බැම්ම ශක්තිමත් වෙනව තවත් . දැං ඉතිං මේකටත් ඇති තරමක් ඩිස්ලයික් දාන්න .
දන්නා දේ කොරන්න අරින්න එයා දන්නේ ඇවිදින මංතීරු හදන්නයි උද්‍යාන හදන්නයි පරණ ගොඩනැගිලි අලුත් කොරන්නයි විතරයි වෙන දන්නා ඉටිගෙඩියක් නැහැ.
වැවට හානියක් නොවන ආකාරයට ඔතන ඇවිදින මං තීරුවක් හදන එක සරල වැඩක්. ඒක නෙමෙයි ප්‍රශ්නය. ඵෙතිහාසික භූ දර්ශනයකට නාගරික ලක්ෂන එකතූ කිරිම. කිඹුලාවල කරපු එකම පොලොන්නරැවට ආදේශ කිරිම නොකල යුතුව තිබුනා. ඵෙතිහාසික වටපිටාවක මිනිසූන් කාලයක් තිස්සේ අත්දකින ලද දෙයට මැදිහත් විමේදි මීටවඩා සැලකිලීමත් විය යුතුව තිබුනා.
පොලොන්නරුව වැනි ප්‍රදේශයක ඇවිදින මංතීරු මේ අවස්ථාවේදී අවශ්‍යද ? ඒවායින් බඩු මිල පහත හෙළිය හැකිද? කොරෝනා මර්ධනය කල හැකිද? මේ ආන්ඩුවට පිස්සුද කොහෙද? ප්‍රමුඛතා හඳුනා ගැනීමේ මොලයක් ඇත්තෙම නෑ. භෞතික සංවර්ධනයක් මවාපාලා ජනතාව රැවටීමේ උපායකි මේ.
කොළඹ ජෝගින් පාත් කර කර හිටපු කෙනාව ජනපති කලාම ඔහොම වෙනවා.
ඹය වැඩිපුර සල්ලි තියෙන අමාත්‍යංශ රඡයේ නොවේද ? පුද්ගලික මුදලින් දුවන්නක්ද ? රටේ ප්‍රමුකතාවය ඡොගින්ද ? කැම අඩුපාඩු මිනිස්සු කොපමනද ? මහඡන මුදල් සුලුතරයකගේ සුඛවිහරනයට යොදවන්නො කොවිඩ් වලට ……….
හොඳ වැඩක් කරද්දීත් යුඑන්පී අය කකුලෙන් අදිනවා.
දියුනු වන ලොකය ත් එක්ක අපි දියුණු වෙන්න ඔනැ එ නිසා වැවට හා වැවි බැමීමට හානියක් නැත්නම් වැඩෙ හොදයි.
නුවර වැවේ මංතීරුව අයින් කරන්න කියලා කියයිද මේ අය..?
රටට මේ වසංගත සහ මුදල් නැතිම වෙලාවක මේක අවශ්‍යමද.?
ඔය සල්ලි වලින් ඔය පැත්තේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදා දෙන්න..
මෙතන සිද්දවෙන්නේ ප්‍රෝඩාවක්, කපටිකමක්, විනාශයක්... ඒ නිසා ඔය තියෙන ගල් පුවරුව ඔහොම්මම තියෙන්න ඇරලා වැව වටේ ඇවිදින්න තියෙන ස්වභාවික මාර්ගය ටිකක් ප්‍රතිසංස්කරණය කෙරුවා නම් තමයි හොඳ... !
ඔබට සුව පහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, බඩු මිල අඩු විය යුතුය. ඒ සඳහා රටේ ණය අඩු විය යුතුය. ඒ සඳහා විදේශිකයින්ගේ මුදල් රටට එන ක්‍රමයක් තිබිය යුතුය. ඊට ලංකාවට ගැලපෙන හොදම ක්‍රමය සංචාරක ව්‍යාපාරයයි. ඒ අඩුම කාලයක් තුල වෙනස් කාලගුණික තත්ත්ව අත්විදිය හැකි නිසාත්, පෙන්වීමට ඕනැ තරම් ස්ථාන ලංකාවේ ඇති නිසාත් ය. සංචාරක ව්‍යාපාරය සඳහා රට පිරිසිදු විය යුතුය. පිළිවෙලට තිබිය යුතුය. නරඹන ස්ථානයට ඉතා ඉක්මනින් ප්‍රවේශ වීමට මාර්ග පහසුකම් තිබිය යුතුය. මේ සඳහා ඔබට මට කල හැක්කේ පවතින කුමන හෝ රජයක් කරන ව්‍යාපෘති වලට සහයෝගය දීම හා, රට පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය විනය පවත්වා ගැනීමයි. එවිට මුදල් රටට ගලා ඒ. බඩු මිල අඩු වේ. ඔබේ ජීවිතට පහසු වේ.
තිස්සවැවත් තියෙන්නේ ඔය වගේමා පෞපෞරාණික තැනක. නමුත් එදා හදපු ඇවිදින ම්ංතීරුව අද කොච්චරනම් පාවිච්චි කරනවද මිනිස්සු. හොද් දේවල් පරිසරයට හානියක් නොකර කිරීමට ජනතාව උදවු කල යුතුය
මේ හරි දෙයක් කියලා මම නම් හිතන්නේ නැ
ලොක්කට පුලුවන් මෙච්චරයි වගේ පේන්නේ කිසිම ජාතික දැක්මක් නැ වගේ අපේ 2 බලාපොරොත්තුව
අපි සල්ලි හම්බකරගනන හදනකොට හාමුදුරුවෝ පාරේ ඉදගෙන විරුද්ධ වෙනවනේ
හාමුදුරුවෝ අර මක්කටැයි බිම ඉදගත්තේ
අපේ රජවරු ඉදිකරලා තියෙන වැව්, අමුණු ටික තිබුණේ නැතිනම් අද රටක් නෑ. ඒ නිසා මේ රජවරු ඉදිකරලා තියෙන වැව්, අමුණු ටිකට අත තියන්නේ නැතිව වෙන තැන්වල ඔය කරන දෙයක් කරන්න රටේ ඕනෑ තරම් ඉඩ තියෙනවනේ. මේ සාපය පරිසර විනාශය නිසාමයි.
දැනටමත් එහි ඇවිදීමේ මාවතට අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරණය කිරීම පමණි. ජලාශය ආරක්ෂා කිරීමට අවශ්‍යයි. ජනතාවගේ දියුණුව සඳහා හොඳ ව්‍යාපෘතියක් හඳුනා ගන්න. ද්විත්ව ක්‍රීඩාවක් විය හැකිය.
නිසි ඉංජිනේරු තක්සේරුවක් නොමැතිව වේලි වලට බාධා කිරීම පිළිබඳ කදිම උදාහරණයක් නම් 1986 අප්‍රේල් 20 දින කන්තලේ වේල්ල අසාර්ථක වීමයි.
කරුණාකර කියවන්න ...... ලංකාවට 2017 ඔක්තෝම්බර් 25 වන බදාදා දින වේල්ල ආරක්‍ෂක ව්‍යවස්ථා සම්පාදන අවශ්‍යයි - ආනන්ද කන්නන්ගර විසිනි. ... මෙන්න පාඨය ........ ලංකාවේ ඇති වේලි විශාල සංඛ්යාවේ තත්වය සැලකිල්ලට ගෙන අපේ රටට සියලු වේලි කළමනාකරණය කිරීම සඳහා නෛතික රාමුව සපයන වේලි ආරක්ෂණ නියාමන රාමුවක් (ඩීඑස්ආර්එෆ්) ඉතා ඉක්මනින් අවශ්ය වේ. දැනට වික්ටෝරියා ප්‍රාන්තයේ වේලි ආරක්‍ෂක නියාමකයෙකු ලෙස සේවය කරන ඉංජිනේරු සිරාජ් පෙරේරා මෙම අදහස් පළ කළේ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක සහ සංවාදයකදී ...
"වේලි ආරක්‍ෂක උපදේශන මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වේලි ආරක්‍ෂක නියාමන යාන්ත්‍රණය" පිළිබඳව 2020 ඔක්තෝබර් 26 දිනැති කැබිනට් සංදේශ අංක 11/2020 දරන තත්ත්වය කුමක්ද ? ප්‍රමාදය කුමක්ද ?
ලංකාවේ වේලි වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් කල, ලංකාවේ නියාමන යාන්ත්‍රණයක් නොමැත. කන්තලේ වේල්ල අසාර්ථක වීමේදී මෙන් සෑම ටොම්, ඩික් සහ හැරීටම තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම් කළ හැකිය. වේලි ආරක්‍ෂක ඉංජිනේරුවන් කණ්ඩායමක් 2017 දී ව්‍යාපාරයක් දියත් කර "වේල්ල ආරක්‍ෂාව" පිළිබඳ නීති සම්පාදනය කරන ලෙස රජයට බල කළේ එබැවිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2020 ඔක්තෝබර් 26 දිනැති කැබිනට් සංදේශය අංක 11/2020 ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, එතැන් සිට, නොදන්නා හේතුන් මත, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනී ...
අප කවුරු කැමති අකමැති වුවත් පවතින යථාර්තයට මුහුනදිය යුතුය. නුතන ලෙෳකික දියුණුව යනු විශ්වය විනාශය කරා ගෙනයාමට මනසින් දියුණුයැයි කියනු ලබන මිනිස් සත්වයා විසින් තනමින් යන මාර්ගයයි. ප්‍රශ්ණය වනුයේ මුලු ලොවම විනාශයට යන මාවතේ පුරුකක් වන අප සිට ගන්නා ස්ථානයයි එහි මුල් කොටසේද, මැද කොටසේද, අග කොටසේද යන්නයි. ඒ ස්ථානය සදහා ගහ මරා ගැනිමයි.
කන්තලේ වැව් බැම්ම උඩ කෝවිල් ගමට උඩු පැත්තේ ජලසම්පාදනයේ වතුර පොම්පගාරයක් ඉදිකරන්න පයිල් ගහලා 1986 අප්රේල් 26 වැනිදා සිදුවුන මහා විපත්තිය දැන් කාටත් අමතකද?