දින කිහිපයක් තිස්සේ රජරටට වැසි වැටීමත් සමග අනුරාධපුරයේ කලාවැව, රාජාංගනය, අංගමුව ද පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල වැව් ද වාන් දමයි. මින්නේරි ඔය, මළ ඔය, කහඹිලියා ඔය, කුඹුක්කන් ආරු, තලපත් ආරු හා පෙරිය ආරු පිටාර ගලයි. කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 10 ක් දක්වා විවෘත කැර තත්පරයට ඝන අඩි දහ දාහක් ද, රාජාංගනයේ දොරටු හයක් අඩි 6ක් දක්වා උස්සා තත්පරයට ඝන අඩි 7200 ක් ද අංගමු ඔයේ දොරටු දෙකක් අඩි දෙකක් උස්සා තත්පරයට ඝන අඩි 1200 ක් ද මුදාහරින බව ඉංජිනේරු වන එම් ජී එම් කලීල් හා එම් එච් ආර් බණ්ඩාර මහත්වරු කියති. කලාවැව, ගල්නෑව අක්කර 500 පාර ද, සෝමාවතී පාර ද අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි