ඇල්පිටිය ගාල්ල ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු නවතා දමා ඇති අළුත්වල ගෝනාපීනුවල අතර කොටසේ ඉදිකිරීම් නිමකරන්නැයි ඉල්ලමින් ගම්වැසියෝ මාර්ග කිහිපයක් වසා දමා උද්ඝෝෂණයක නිරත වෙති. ගැමියන් දහසකට වැඩි පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ප්‍රධාන මාර්ගය හා අතුරුමාර්ග කිහිපයක් ද කිසිදු වාහනයකට යා නොහැකි පරිදි ගල් දමා වසා දැමීමෙන් අධික වාහන තදබදයක් හටගෙන තිබෙන බවත් පොලිසිය කියයි.
මහ පාරේ කූඩාරමක් ඉදිකළ ගැමියෝ දවල් බත එතැන දී උයා කෑමට සැරසෙති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් බුද්ධිමත් කාරුණික කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න එකේ ඉන්න හොරු සහ මිනීමරුවෝ ඉඩ දෙන්නේ නැහැ. ඊට හේතුව මන්ත්‍රින්ට ලැබෙන ප්‍රතිලාභ ඉතා විශාල වීමයි. මන්ත්‍රී පඩි අඩු කළ යුතුයි. බලය අඩු කළ යුතුයි. (ම)
නියම වැඩකාරයෝ අපේ රටේ ඉන්නෙත්. උයාගෙන කෑවේ කිරිබත් ද ? අධික වාහන තදබදයට මැදි උන අයටත් බත් චුට්ටක් දුන්නනම් මේකත් දන්සල් පූජාවක් වෙනවා..... (කේ)
යහපාලනයට පින් සිද්ධ වෙන්න හැම තැනම සංවර්ධන නැවතිලා හින්ද හැමතැනම ඔව්ව පටන්ගනී (ම)
ගමේ රටේ සංවර්දනය කොට උඩ (ම)
රට බාරදෙන්න ඕන උගත්, දක්ෂ, පලි නොගන්න, බුද්ධිමත්, උත්තමයෙකුට, එහෙම අයෙක් තොර ගන්න බුද්ධිමත් ජනතාවක් ඉන්නත් ඕන. නැතිව, බඩජාරි ජනතාවක් නොවෙයි.(හේ)
රටේ කරගෙන ආපු සංවර්ධන කටයුතු නවතා පට්ටපල් බොරු කියමින් දඩයම සහ පළි ගැනීම පමණක් කලාට රට යහපතක් නැත.එනිසා ඊළඟ මැතිවරණයකදී මහජනතාව මේ ද්‍රෝහී නඩයට පිළිතුරු දිය යුතුය.(හේ)
යහපාලනය කියා අසරණ මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන කොට මේ වගේ දේවල් වෙනවා.(හේ)
රට බාරදෙන්න ඔය පසිදු කියන විදිහේ උගත්, බුද්දිමත්, උත්තමයෙක් කොහෙද අපේ රටේ ඉන්නේ? (හේ)