
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව නගරයේ පවත්වනු ලබන වෙළඳ ප්‍රදර්ශණයක් සඳහා පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ හරි අඩක්ම අවහිර කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්වන බව මහජනතාව කියා සිටිති.
මාර්ග නීතිපවා උල්ලංඝණය කරමින් ප්‍රධාන මාර්ගයේ පදික මාරු මත ප්‍රදර්ශණයේ කුටි ඉදිකර ඇතැයිද එම ජනතාව චෝදනා කළහ. රජයේ අනුග්‍රහයෙන් මෙම පොළ පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
මේ නිසා එහි විශාල රථ වාහන තදබදයක්ද ඇතිවී තිබෙනු සුලබ දසුනකි.
පොලොන්නරුව නගරයේ හෝ ඒ අවට මෙවැනි ප්‍රදර්ශණයක් පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන ඕනෑ තරම් තිබියදී ජනාකීර්ණ නගරය මධ්‍යය අවහිර කිරීම අනවශ්‍ය අනතුරුදායක තත්වයක් නිර්මාණය කිරීමක් යැයිද ඔවුහු පෙන්වා දෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා.. බුද්ධිමත් මහත්වරුන් ගත්ත තීරණයක් ගැන අඩුපාඩු කියන්න සාමාන්‍ය ජනතාව කවුද.. යන්න පාරෙ ඉඩ නැත්නම් නොගිහින් ඉන්න කියන්න. පොළොවෙන් මතුවෙලා ආවේ ජනතාවගේ ප්‍රශ්ණ විසඳන්නම තමයි.
කුරහන් සාටකයෙන් සරසලා තියෙන්නේ....
හැමදාම නැහැනේ අනේ කීයක් හරි හම්බකර ගන්න අපිත් උදවුවෙමු අපහසුම දවස් කීපයකට විඳිමු.
ප්‍රදර්ශනේ තියන්ඩ වෙන තැනක් තිබුනෙම නැද්ද .පොලොන්නරු ජනතාව ගැන මොන කතාද .
ප්‍රදර්ශන තියන්න හොඳම තැන තෝරන්න දන්නේ වෙළෙන්දා. ඔබ වගේ කෙනෙක් ගොඩනැගිල්ලක උඩ තට්ටුවෙත් වාහන අලුත්වැඩියා කරන්න ගරාජයක් දමන්න යෝජනා කරවී..