නිවසේ තනිවම සිටි වයස අවුරුදු 13ක දැරියකට අතවර කරන්නට හැදූ බව කියන ගම්පහ ප්‍රාදේශීය සභා සේවකයෙක් (32) සැකපිට අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි.
වරිපනම් බදු විස්තර සොයා ගෙදරට ගිය ඔහු එක් වරම දැරියගේ ළැම මිරිකා ඇතැයි ද දැරිය කෑ ගහගෙන එළියට පනිද්දී සේවකයා පැන ගිය බව ද කියති.
ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියකු සමග ඔහු සමාව ගැනීමට ගිය නමුත් නිවැසියන් එය ප්‍රතික්ෂේප කර ඇත.
ගම්පහ නව නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට සිද්ධිය පැමිණිලි කළ පසු ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ හා සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි ගනේමුල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට ලංකාවේ හැමොටම චීස් කන්න වෙයි (අ)
මේක දැන් මෝස්තරයක් වෙලා, දැඩි දඩුවමක් දෙන්න ඕනේ (අ)
මෙහෙම ගියොත් මේ රටේ ගැහෙනු ළමයින්ට, ගුරුවරියන්ට, කාන්තාවන්ට අනාගතයක් නැතිවෙයි වගේ. ෂරියා නීතියම නැතත් ඊට සමාන හොද කාටත් එකසේ දඩුවම් දියහැකි දැඩි නීතයක් දැන්නම් මේ රටට ඕනා. සියලු බලදරීන්ගේ අවධානය පිණිසයි.(නදී)
සමන්, ඒ වගේ දඬුවම් දෙන්න ඕනේ ජනතාවම තමයි.(නදී)
ප්‍රාදේශීය දේශපාලකයෝ වගේමයි සේවකයෝත්. මෙවැනි සිදුවීම් සරල කොට සළකා යටපත් නොකර නීතිය හමුවට පැමිණවීම සමාජයේ යහපැවැත්මට නිසැක වශයෙන්ම හේතුවෙනවා.(ත)
නීති නම් පන මදි (ත)
මෙයාව ගස් බැදලා ගහන්න ඕනේ.(නදී)
සමාව ගන්න කලින් වැරදි නොකර ඉන්න ඕන, සාමව ගන්න කැටුව ගිය සහයකගේ හැටිත් දන්න නිසා වෙන්න ඇති ගැණු ළමයාගේ ගෙදරින් සමාවක් නැත්තේ, (ත)
මොකද මේ අයට ට වෙලා තියෙන්නේ?.මේ ඔක්කොම කරන්නේ දෙසපලුවොනේ .මුන්ව මරල දාන්න වටිනාවා (අ)
කමකට නැති මිනිස්සු,,
මේකට විසදුම තමයි ගණිකා නිවාස ඇති කිරීම. අසහනකාරයෝ ඕවට ගියාම ගැහැණුන්ට කරදර නැහැ පිට රට වගේ.(නදී)
මොනවට මිරිකන්න ගියාද? (අ)
ලංකාවේ නීතිය තද මදි. මෙහෙම ගියොත් දරුවන්ට යන කල මොකක්ද? රට සංවර්ධනය වෙන්න ඕනෑ ගොඩනැගිලි වලින් නෙමෙයි ගුණ ධර්ම වලින්. (නි)
ලාච්චුවට දැම්මනම් හරි. (අ)
නිවැසියන් කියල සඳහන් කරලා තිබුනට දෙමවුපියන් ඉන්නවද දන්නේ නැහැ. ඔවුන් සිටිනවා නම් දරුවන් විශේෂයෙන් දියණියන් අනාරක්ෂිත කිරීමෙන් ඔවැනි අවලමුන්ට ඉඩප්‍රස්තාව ලබාදීම නිසා ඔය තකතීරු අම්මට තාත්තට නීතියෙන් දඬුවම් කලයුතුයි. ඔය අධමයන්ට රටේ නිසි දඬුවම් නොලැබෙන නිසා කලයුතුම දේ අදාළ අයට භාරයි.(නදී)
හරියට හරි දෙමවුපියන් ගත් තිරණය. සමාවක් දෙන්නම නරකයි. මිනිස්සුන්ට හැදිලා තියන විසේ හැටියට දැන් ගැහැනු ළමයෙක් තනිවම ගෙදර තියාගන්නත් බයයි (නි)
ෂරියා නීතිය යටතේ යම් ඉන්ද්‍රියක් හලාල් කළ යුතුයි (නි)
හරි දැන් ලංකවේ පිරිම් කට්ටිය බාගයට බාගයක් හිරේද කොහෙද?(නදී)
හැදෙන වැඩෙන ගැහැණු දරුවෙක් ගෙදරක ඉන්නකොට දෙමුපියොත් මීට වඩා සැලකිල්ලෙන් ඉන්න ඕනෑ. යමක් වුනාට පස්සේ වැඩක් තියේයැ? හොඳ වේලාවට මේ දරුවා කෑගැහුවේ. ස්ත්‍රින්ට අතවර කරන්න එන අයව මෙල්ල කරන්න තියෙන හොඳ ආයුධයක් මේක (නි)
ජීවිතේට මෙවැනි දේ කරන්න බැරි විදියේ දඩුවමක් දෙන්න තියෙන්නේ.(නදී)
මහා අය වගේම තමයි, ප්‍රා. පොඩි අයත් කිසිම වෙනසක් නැහැ (නි)
මේ අනාගත ප්‍රාදේශීය දේශපාලුවෙක්. (නි)
මිනීමරුවෙකුට වුනත් උපරිම දඩුවම ලැබෙන්නේ එය සැලසුම් සගතව කළ බවට සාදාරන සැකයකින් තොරව ඔප්පු වුනොත් විතරයි. ඒ වගේ මේ මනුස්සයටත් මහා ලොකු දඩුවමක් ලැබෙන එකකක් නැහැ. මෙය හදිසියේ ඇතිවූ මානසික විකෘතියක ප්‍රතිපලයක්. එනිසා හිරේ විලංගුවේ දැම්මා කියලා විතරක් ඔහුව සමාජගත කරන්න බැහැ. දඩුවම් සමගම ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමටත් උසාවි නියෝගයක් ලැබුනොත් හොදයි. දෙමාපියොත් ඔය වයසේ ළමයින්ගේ ඇදුම්, පැළදුම් ගැනත් ටිකක් උනන්දු වුනොත් දෙපාර්ශවයටම හොදයි. (නි)
අනාගතයේදී පලාත් සභාවක ඉහළ තනතුරක් දරන්න අවශ්‍යකරන මූලික සුදුසුකම් ලබන්න මොහු පුරුදු පුහුණු වෙන බව පේනවා. වර්තමානයේ ඉන්න පළාත් සභිකයන්ව අභිබවා යන්න සමහර විට මොහුට හැකිවේවී.(නදී)
නීල් සහ රොෂාන්ගේ අදහස් අනුමත කරමි. පොලිසියේ සිටින මහත් වරුනි කොන්දක් ඇති සැටියෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම නැති වුනොත් ගස් බැදගත් කතාව සහ තමාම ගහ ගත්තා කතාව වගේ වෙයි.(නදී)
මම වැඩ කරන්නේ සෞදි අරාබියේ. මෙහෙ තරම් අහිංසක ගෘහ සේවිකාවන්ට වද දෙන රටක් තවත් නෑ. ෂරියා නිතිය ගෙනාවොත් අපුරුවට තියෙයි.(නදී)
ජනාදිපති තුමනි ෂරියා නීතිය ලංකාවට ගෙන්න එවිට පමණි මේවා නතර කරන්න පුළුවන් වන්නේ (අ)