අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවට අයත් බටපොළ පොදු සුසාන භූමියේ සොහොන් කොත් සහිත මීනිවළවල් අධිකරණ අවසරයකින් තොරව ඩෝසර් කර දමා තණකොළ පිඩැලි සහිත පස් බැම්ම ද විනාශ කැර ඇතැයි කියති.
වසර 30 කට අධික කාලයකට ඉහත දී මිය ගිය නීතීඥවරුන්, ගුරු මව්පියන්, ගමේ පැරණි ප‍්‍රභූවරුන් හා විද්වතුන් මෙන්ම ගැමියන්ගේ සිරුරු 40 කට වැඩි සංඛ්‍යාවක් භූමීදානය කර ඇති මෙම සුසාන භූමීය ඉකුත් මස ඩෝසර් බැකෝ යන්ත‍්‍ර යොදා පස් කපා ඉවත් කර තිබේ.
මිටියාගොඩ බටපොළ විහාරස්ථානයට ඉදිරියෙන් පාරේ අනිත් පැත්තේ කදු ගැටයක පිහිටි මෙම පොදු සුසාන භූමීයට ඉහළින් ප‍්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය ද පිහිටා ඇත.
ලංකාවේ නීතිය අනුව පොදු හෝ පවුලේ සුසාන භූමීයක වළ දමා හෝ තැන්පත් කර ඇති මළ සිරුරක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඥාතීන්ගේ කැමැත්ත ඇතිව ප‍්‍රදේශයේ අධිකරණයෙන් අවසර ලබාගත යුතු වේ.
එවැනි ක‍්‍රමවේදයන් කිසිවක් අනුගමනය නොකරමින් එම පොදු සුසාන භූමීයේ වල දමා තිබූ මියගිය අයගේ ඥාතීන්ගේ විරෝධතා මැද ප්‍රදේශිය සභාව විසින් සොහොන් භූමීය තුළ තිබූ මළ සිරුරු තැන්පත් කළ වලවල් හා සොහොන්කොත් සොයා ගැනීමටවත් නොහැකි වන සේ විනාශ කර දැමීම පිළිබඳව ප‍්‍රදේශවාසිහු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පැමිණිලි කළ බව තම නම් සඳහන් කිරීමට අකමැති කීපදෙනෙකු පැවසීය.
මේ සම්බන්ධව අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කේ.කේ.ලක්‍ෂ්මන් මහතා පැවසුවේ දිගුකලක් සිට කැලෑවට යට වෙමින් තිබූ සොහොන් භූමීය නවීකරණය කිරීමට තණකොළ පිඩැලි ඇල්ලූ බවත් එය කියන තරම් සොහොන් වලට හානියක් සිදුනොවූ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගොඩක් කට්ටියට මොකක් වුණත් පෙනෙන්නේ යහපාලනයේ වැරදි. (නි)
රටට ගිය කලක්. (ස)
මේ යහපාලනයේ මහිමයද? (නි)
මේක ඉතාම අමානුෂික සිද්දියක්. කවුරු කොහොම කීවත්, මොන සිද්ධාන්ත ගෙනහැර පැවත්, මියගිය සාමාන්‍ය හෝ උසස් ප්‍රාදේශීය වාසීන්ට මෙවැනි විදියට අගරු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව නම් නොකියාම බැරිය ...... මා සිටින රටේ මෙවැනි සිද්දියක් ඇති උනොත් එම වැරදිකරුවන්ට නඩුපවරා දඬුවම් දෙනවා. ශ්‍රී ලංකාවෙත් මෙවැනි නීති පද්ධතියක් තිබේද? (කේ)