ගල්කිරියාගම පුරාවිද්‍යා රක්ෂිතය ද පිහිටි නිසල ආරණ්‍ය සේනාසනයේ සූදු ගල් අපනයනය කරන බී.ටී.සී ඉතාලි සමාගමට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් දර්ශන ද සිල්වා මහතා ලබන 14 වැනි දා තෙක් අතුරු තහනමක් නිකුත් කෙළේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පතල් කැනීම් කාර්යංශය 1992දී පුරාවිද්‍යා අවසරයකින් තොරව එහි ගල් කැඩීමට ඉතාලි සමාගමට අවසරදී ඇත. මේ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් කැර ඇත්තේ 2011.9.9 වැනි දාය.ආරණ්‍ය සේනාසනයේ කටාරම් සහිත ගල්ලෙන් 13කි. එහි පුරාවිද්‍යා ස්මාරක වලට දැනටම දැඩි හානි සිදු වී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙ හන්ද නවත්තයි (නු)
අනේ ගල් ටික කඩලා ඉවර ඇති.. ඒකයි දැං අතුරු තහනමක් ආවෙ..!(නු)
චන්ද්‍රසිරි දන්නෙ නැහැ වෙන්නප්පුවේ අයියලාගේ හැටි (නි)
වෙන්නප්පුවේ අයගේ කඩවල් වල ලංකාවෙන් ගෙනිච්ච කල ඉකුත් වූ බඩු දින මාරු කරලා අධික මිලකට විකුණනවා (ස)
වෙන්නප්පුවෙ හාදයෙක් පවුල් ජීවිත අවුල් කලාට වෙන්නප්පුව ගමටම බනිනව ....(ස)
වෙන්නප්පු අයියලා ඉතාලි වල කරන්න ඕනෑ හැම ජරා වැඩක්ම කරනවා නම් මෙයාලා ගල් ටිකක් ගත්තහම මොකද වෙන්නේ? (නි)
රටේ නීති රීති නොදැන නොවෙයි නේද මේ වැඩවලට අවසර ලබාදීලා තියෙන්නේ ...කවුරු හෝ දේශපාලන බලවතෙක් මේක පිටිපස්සේ ඇති..(ස)
මෙය වහාම නැවැත්විය යුතුයි (ස)
වැඩ නවත්තලාද කියලා කාව හරි යවලාම බලන්න ඕන..!(නු)
ලංකාවෙ මිනිසුන් ඉතාලියෙ හොරකම් කරන කොට ඉතාලියෙ අය මෙහෙ ඊට වැඩි දේවල් අරගෙන යනවා. (නි)
ඔවු ඔවු. ඉතාලියේ අය අතීතයේ ඉදලාම මේ වැඩේට ප්‍රසිද්ධයි. (නි)
ඉතාලියේ අය අතීතයේ සිටම 'මාබල් ' වැඩ වලට දක්ෂ හොඳ ගල් කාරයෝ (ස)
වෙන්නප්පුවේ අයට බැනලා මදි (ස)
රට කරවන්න නම් මසුරන් නැතුව අතේ සීගිරි පවුව විකුණා කලුගල් වලට... (නි)
ඇයි හැමදාම වෙන්නප්පුවට බනින්නේ (ස)