ආරක්ෂාකාරී රිය පැදවීම හා මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් අද (07) විජය පුවත්පත් සමාගමේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික රත්නායක මහතා දේශනය පැවැත්වීය.
විජය පුවත්පත් සමාගමේ ප්‍රවාහන අංශයේ ප්‍රධානී ශ්‍රීලාල් දිසානායක මහතා එය සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ටෙර්නෙට් ඇති අය ස්මිත් (නදී)
මෙවැනි දේශන රියදුරු බලපත නිකුත් කරන තැනේදීම දෙනවා නම් ලොකු දෙයක්. මොකද එතනට කී දහාක් එක් රොක් වෙනවද දවසකට.(නදී)
බලන්න මෙතරම් වැදගත් දේශනයකට සහභාගිවෙලා ඉන්න ප්‍රමාණය මීට වැඩිය පුළුල් විදියට මේවගේ වැදගත් දේශනා පවත්වන්වනම් සිදුවන අනතුරු අවම කරගන්න පුළුවන්.. (නදී)
ඉතාම කාලෝචිත සහ හොඳ වැඩක්. එහෙත් වඩාත් පුළුල් වැඩපිළිවෙලක් ඇත්නම් තවත් හොඳයි. තවත් සමාගම් සහ අයව එකතුකරගෙන වර්ණවත්, චිත්‍ර සහිත මාර්ග නීති සහ ජාත්‍යන්තර ප්‍රමිතීයට අදාළව ඇති මාර්ග නීති සහිත අත්පොතක් මුද්‍රණය කර එයට මිලක් නියමකොට වෙළඳ පොළටත් නිකුත් කරන්න. එය විජය සමාගමට ඉතා හොඳින් කළහැකියි. හැකිනම් රථවාහන දෙපාර්තමේන්තුව සහ අදාළ බලධාරින් සමඟ එකඟතාවයකට විත්, සෑම රියදුරු බලපත්‍රයක් ගන්නා අයෙකුටම අනිවාර්ය අත්පොතක් දීමටත් , විභාග උපකාරයක් බවටත් පත්කළ හැකියි. අවශ්‍ය උදව් අන්තර්ජාලය ඔස්සේ ලබාගන්න. (නි)
ට්‍රැෆික් වලදී එකම වේගයකින් යන්න පුරුදුවෙමු. (නි)
මම ළඟදි කැමරාවට අහුවුණා වේගයෙන් රිය පදවලා.මගේ බලපත්‍රයෙන් ලකුණු කැපෙන්න ඒ වගේම දඩ ගෙවන්න මට එංගලන්ත රියදුරු පාලනයෙන් ලියුමක් ආවා. හැබැයි ඒ වගේම මම පළවැනි වරට මේ වැරැද්ද කළ නිසා මට පැය 4 ක දේශනයකට සහභාගී වෙන්න කියලා ක්‍රමයකුත් තිබුණා.මම එය තෝරාගත්තා.මුලින් එයට සහභාගී වුණා. හැමදෙනාම වගේ කැමරා ක්‍රමයට අකමැතිව කතා කළා.මැදදී දරුවන් අනතුරු වලින් නැතිවුණ අම්මලත් පවුලේ අයත් සොහොන් කොත් අසළ මල් තබමින් වැළපෙන වීඩියෝත් පෙන්නුවා,. අවසානයේදී නැවත කැමැත්ත /අකමැත්ත විමසනවිට 94% වේගයෙන් පැදවීම වැරදි බවට ලකුණු දී තිබුණා. අවබෝධය තුළින් අනතුරු වළකාගත හැකි බව අපි කාටත් තේරුම්ගියා. (නි)
මේ දේශකයාට වුණත් ආශාවක් ඇතිවෙන්න සුදුසු පිරිසක්, විශේෂයෙන්ම කාන්තාවන් ඇතුළත් ප්‍රේක්ෂකයෝ පිරිසක් එකතු කරන්න. මොකද අද කාන්තා රියදුරුවරියන් වැඩිවෙනවා. ඒ වගේම හැම තැනම කාගේ හරි වාහනයක ගාවාගන්නෙත් එයාලාමයි. (නි)
දින පහක් මෙවැනි පන්තියකට සහබාගිවීම දඩ මුදලට අමතර දඩුවමේ කොටසක් විය යුතුයි (නදී)