යාපනය පලෙයි උඩුතුරෙයිහිදි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කිරීමට ගිය බව කියන පුද්ගලයකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා කන්කසන්තුරේ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවකුට අත්අඩංගුවට ගැනීමට උඩුතුරෙයි ප්‍රදේශයට පොලිස් කණ්ඩායමක් ගිය බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පෑ බවත්, එක් සැකකරුවකු පොලිස් නිලධාරියකුට පොරෝ පහරක් එල්ල කරන්නට උත්සාහ කරද්දි ඔහුගේ අතට වෙඩිල්ලක් තබා එය වළක්වා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්කසන්තුරේ පොලිස් ස්ථානාධිපතිට හා සෙසු නිලධාරීන්ට ලගදීම මාරු (බ)
දැන් පොරොව හරි ජනප්‍රියනෙ! (නි)
පොලිසියට දෙවියන්ගේම පිහිටයි! (නි)
පසුගිය කාලේ මේවගේ වැඩ කිහිපයක් සිදු වුණා. එකවරක් ජනමාද්‍ය වේදීන් පිරිසක් යන වාහනයේ මත්ද්‍රව්‍ය තිබී ඇල්ලුවා. (ම)
නීතිය සියල්ලන්ටම පොදුවිය යුතුය (නි)
උතුරේ මිනිස්සු නීතිය විහිළුවට අරගෙන වගේ (නි)
ප්‍රශ්නයක් නැහැ. යහපාලනයනේ..! යහපාලනයේදී පොරෝ පහරක් කන්නත් ඉතින් පෙර පිනක් තියෙන්න ඕනෑ (නි)
කොටියාට යළි පණදෙන්න හදන්න නම් එපා (නි)
පොරොව දර පළන්න ගත්තේ ඉස්සර. දැන් ගන්නේ මිනිසුන් මරන්න. (නි)
පොරොව තහනම් කළයුතු ආයුධයක් වෙමින් පවතී (නි)
ඡන්දෙන් පරාජයවුණ කට්ටිය කොහොමත් කැමතියි ප්‍රශ්න ඇතිවෙනවා නම්... (නි)
ඔය පටන් ගන්නේ එක දෙක. මේකත් මහින්ද මහතා දේශපාලන වාසියක් ගන්න හදනවා කියලා සුපුරුදු කන්ණාඩිකාරයෝ කියාවි. අනේ නිදහස් කරගත් රටට මොකද වෙන්නේ? (නි)
දැන් කොහොමද සනීප නේද යහපාලනය. මේවට වග කියන්න දිනු දේශය අනතුරේ කියන්නේ නිකන්ද ? (නදී)
මේ සාමාන්‍ය දේවල් වලටත් අැයි අපි දේශපාලනේ ඈදා ගන්නේ. ජාතිවාදය අවුලන්න එපා. මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. නැතිවුණා කොටියට නෙමෙයි,පැරදුන මහින්දට පනදෙන්න එපා. (නදී)
පොරෝ පහර දුන්නේ වැඩ අවුලුවාගන්නද? හමුදා චෙක් පොයින්ට් තිබීමේ වැදගත්කම පැහැදිලියි නේද? (නි)
මේ යොදා තිබෙන්නේ අවම බලයයි! උතුරේ දකුණේ කියා වෙනසක් නැත. නීතියට ගරුනොකරන කාට වුවත් එකම හැන්දෙන් බෙදිය යුතුය (නි)
මෛත්‍රිපාල,රනිල්, මංගල ප්‍රශ්න විසදන්න දැන්. නැත්නම් ඡන්දේ දී මහජනයා නිසි පිලිතුරු දෙවි.(ම)
කට්ටියටම මාරුවීම් ලැබෙයි (ම)
මෙවැනි සිද්ධි හෝ මීට වඩා බරපතල ඒවා (අත්අඩංගුවට ගැනීමට ගිය පොලීසියට වෙඩි තැබීම වගේ ) දකුණේ වෙලා තිබෙනවා.මේක උතුරේ වුණා කියලා ජාතිවාදය ඇදලා ගැනීම හොඳ නැහැ. (නි)
මේ මිනිසුන්ට මොනවාද මේ වෙලා තියෙන්නේ? නීතිය අතට අරගෙන ඇයි මේ විදිහට හැසිරෙන්නේ? (නි)
දකුණේදී ඉස්සර වුණානම් පොලිසිය කළේ් කෙලින්ම වෙඩි තියලා මරණ එක. හැබයි ඒ කාලෙත් නැගෙනහිර වුණාම හමුදාවත් නිකන් ශේප් වුණා. අවම බලය නිසි ආකාරයෙන් පාවිච්චි කිරීමට පොලිසිය ටිකක් හෝ දැනුවත් වී ඇති බව පෙනෙනවා.(ම)
මේකේ අදහස් දක්වන සමහර අය යාපනයට මහින්දගේ කාලේ ගිහින් තිබුනා නම් ඔය කතාව කියන්නේ නැහැ. මම යාපනය ප්‍රදේශයේ රාජකාරි කළ අයෙක් විදිහට හොඳින්ම දන්නා කාරණයක් තමයි ඒ කාලෙත් ඔය වගේ දේවල් බොහොමයක් වුණා. මේක යහපාලනයෙවත් මහින්ද පාලනයෙවත් තියෙන වරදක් නොවෙයි. අපේ රටේ මේ වනතුරුත් රටේ මහා ජාතිය සුරක්ෂා කරන්න හරිහමන් අණපනත් ගෙනෙන්න කිසිම ආණ්ඩුවකට බැරිවුණා. ඒ අතරතුර රටේ සියලු සුළු ජාතින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත්තා. පුලුවන්නම් කියන්න කොටි අල්ලාගෙන හිටපු ප්‍රදේශවල පදිංචි කළ එක සිංහලයෙකුගේ නමක් මහින්දගේ කාලේ. (නි)
ඩයස්පෝරාවේ කට්ටිය ඕකත් විකෘති කරලා පෙන්නයිද දන්නෙ නැහැ? (නි)