(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 11ක් බෙදා හැර අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.
2023/24 මහ කන්නයේ දී වී ගොවීන් සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලට මුදා හැරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.
මේ සඳහා රජය රුපියල් බිලියන 11.6 මුදලක් වෙන් කළේය.
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන් වී වගාව ආරම්භ කරනු ලබන්නේ අනෙකුත් ප්‍රදේශවලට වඩා පසුව බැවින් දැනට මුදල් ගෙවීමට ඉතිරිව ඇත්තේ එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව අනෙකුත් ප්‍රදේශ වල ගොවීන් කිහිප දෙනකුට අදාල මුදල් ලැබී නොමැති නම් ඊට හේතුව ඔවුන් ලබා දුන් ගිණුම් අංක හෝ නම්වල ඇති දෝෂ විය හැකි බව ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝර ගන්න සල්ලි බිලියන 11ක් බෙදා අවසන්