නිවිතිගල හංගමුවේ රත්නෝදය මහ විද්‍යාලයේ පරගස් කැලෑව අද සශ්‍රීක කුරුඳු වගාවකි.

අක්කර තුනක් පමණ එම බිමේ වැටමායිමේ පුවක් ගස් සිටුවා ඇත.

2010 නොවැම්බරයේ වගා කළ මෙම කුරුඳු වගාවේ මංගල අස්වැන්න සඳුදා (30) පෙරවරු 9.30ට නෙළන බව විදුහල්පති ඇත්ඔය මහින්ද හිමියෝ කියති.

පාසලේ කෘෂිකර්ම විෂය භාර චමරා ඕපනායක මහත්මිය පවසනුයේ මුහුදු මට්ටමේ සිට අඩි 300ත් 500ත් දක්වා කුරුඳු වගා කළ හැකි බවයි.