දුෂ්කර පළාත්වලින් තරුණ තරුණියන් ගුවන් සේවය සඳහා බඳවා ගැනීමට අනුරාධපුරයෙන් ප්රථම වරට අරඹනවා” ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතා කියයි. අනුරාධපුරයෙන් තෝරාගත් විසි දෙනකුට සිය දිනක පුහුණුව අරඹමින් ඔහු කීවේ මසකට වරක් විසි දෙනකු පුහුණු කරන බවයි.
ශ්‍රී ලංකන් සේවය ගුවන් යානා විසි එකක් රටවල් 34කට ගමනාන්ත 63ක් පවත්වයි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුවන් සේවයේ සභාපතිතුමාගේ සුදුසුකම් මොනවද? නෑ නිකන් ඉතිං ඇහුවේ අපිට දැන ගන්න. (නි)
@ අමිල, ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න ඉගෙන ගන්න ඒ හැටි අමාරු නෑ.. ඔය 100 අමතරව තව දින 50ක් හොදට මහන්සි උනොත් එක හරි ලේසි. මම මේක අත්දැකීමෙන් කියන්නේ.. මේක හොද වැඩක්... එත් කල්බදු ක්‍රමයට නැතුව අපේම කියල ගුවන් යානා අරගෙන කරනවා නම් මේකේ අදායමෙන්ම රට හදන්න පුළුවන්.. මම දන්නා විදේශිකයන් අපේ සේවයට හරි කැමති.. (නු)
ඡන්දය සැප්තැම්බර් අට වැනිදා ඉවරවෙනවා..!!(නු)
ඡන්දෙ නිසාද කොහෙද? (නු)
අනුරාධපුරයෙන් ප්රථම වරට...ඉන්පසු හම්බන්තොටින්..එහෙම නේද?(නු)
කොහොමත් මේ වැඩේට ගැළපෙන්නේ අනුරාධපුරේ තමයි. (නි)
ඉතා නරක ‘කස්ටමර් සර්විස්’ එකක් දැනට නම් තියෙන්නේ. පුලුවන් නම් ඒක දියුණු කරගන්න බලන්න. (නි)
ඕකට ගත්තේ කොහොමද කියලා දන්නේවත් නෑනේ අපි. අඩුගාණේ ඉල්ලුම් පතක් වත් දාන්න තිබුණනේ අපිටත්. (නි)
මමත් ලාංකිකයෙක්. ඒත් මම කවදාවත් ලංකන් ගුවන් සේවයේ යන්නේ නැහැ. 'කස්ටමර් සර්විස්' අන්තිමයි. (නි)
සමහර අයගේ අදහස් දැකක්හම හිතෙනවා යුද්ධය තිබුණා නම් හොදයි කියලා. (නි)
අයකැමි තනතුරේ ඉන්න සමහර කාන්තාවන් හිතාගෙන ඉන්නෙ අපි රට යන්නේ එයාලගේ මුදල්වලින් කියලා... පාඩු ලබන්නත් හේතුව මේකම තමයි..!!(නු)
ඡන්දය නිසා දී ඇති පත්වීමක්..!!(නු)
මෙයාලා බදවාගත්තේ මොන සුදුසුකම් පරීක්ෂා කරලාද?(නු)
මෙයාලගේ පුහුණුවෙන් පස්සේ කොහේ නවතීද දන්නෙ නැහැ..!!(නු)
කාන්තාවන් රවට්ටන්නයි යන්නෙ..!!(නු)
මේකේ නම් සැගවුණූ දෙයක් තියෙන පාටයි. (නි)
මෙහෙමහරි වැඩ කරලා ශ්‍රී ලංකන් එක ගොඩ දාගන්න පුලුවන් නම් කොච්චර හොදද? ඒක පාඩු ලබලා හින්දා නැවැත්තුවා නෙමෙයිනේ. (නි)
2012දී ලෝක විනාශය වෙනවා කියනවා නේද? (නි)
අනුරාධපුරේ කෙල්ලෝ ටිකත් අල්ලලා ඉවරයි වගේ. දැන්මම මේ අය සෑහෙන්න ආඩම්බර වෙලා ඇති. අපි නොදන්නවායැ ගුවන් සේවිකාවන්ගේ තියෙන ආඩම්බර? (නි)
එතකොට මේ ගුවන් සේවිකාවන්ට වැටුප් දෙන්නේ රජය මාර්ගයෙන්ද? (නි)
මාලදිවයිනේ ලාල්, අපේ අය මොන දේ කළත් එහි ඇති නරක මිස හොද පැත්තක් පෙනෙන්නෙ නැත්තේ ඇයි? බලන්න ඒක කොච්චර හොද දෙයක්ද? ඉංග්‍රීසි දැන ගන්න, කතා කරන්න පුළුවන්. (නි)
අහිංසක කෙල්ලෝ ටිකක්. (නි)
අමිල ,කොළඹ ඉන්න කට්ටියට විතරද ඉංග්‍රීසි පුළුවන්? පුළුවන් වුණාට මොළය නැහැනේ එයාලට. දුකයි ඔයාගේ දැනුම ගැන. ගමේ අය ඉගෙන ගත්තම හොදට මොළෙයි වැඩ කිරීමේ හැකියාවයි තියෙනවා. (නි)
ශ්රී ලංකා එයාර් ලයින් එකේ ලාංකිකයන්ට දක්වන ආගන්තුක සත්කාර ගැනත් සැළකිළිමත් වෙන්න (නි)
අනේ මන්දා, ශ්‍රී ලංකන් මෙදා පාර මොකක්ද දන්නෙ නැහැ කරන්න හදන්නෙ? කෝකටත් නංගීයේ පරිස්සමෙන්. (නි)
අයියෝ! ගුවන් සේවයේ අවසානය වෙයිද දන්නෙත් නැහැ. (නි)
ගම්බද ලලනවොත් වැඩ පටන් ගන්න වගෙයි යන්නේ. (නි)
විනාසයි. (නි)
මෙය යම් යහපත් දෙයක් සදහා අවස්ථාවක් කරගන්න (නි)
මේවා ඡන්දෙට කරන දේවල්.. දැං ඉතිං කතිරේ ගහයි.. (නු)
දින සීයෙන් පස්සේ මොකද වෙන්නේ? (නි)
සෑම ශ්‍රී ලාංකිකයෙකුමට සමාන අවස්ථාවක් තියෙන්න ඕන බව මතක තබා ගන්න.. කොළඹ අයට විතරක් නෙමෙයි..!!(නු)
ඡන්දය තියෙනවා නේද මේ පැත්තේ...!(නු)
හොද වැඩක්. නිකන් සේබන වැඩමුලු පවත්වන්නේ නැතුව ආදර්ශවත්ව කරගෙන යන්න. (නි)
ඔයාලා අහුවෙන්න එපා. (නි)
නිල ඇදුමක් දෙන්නේ නැතුව ඔය විදියට එක එක පාටින් සාරි ඇන්දුවහම ලස්සනයි. (නි)
හැබැයි ගන්න කලින් හොදට හොයලා බලලා ගන්න. (නි)
අනේ අපේ ගම්බද කෙල්ලො ටික..!!(නු)
මේවාට කොහොම කවදා අයදුම්පත් ඉල්ලනවාද දෙයියෝ තමයි දන්නෙ.. කොතනක හරි වරදක් තියෙනවා..!!(නු)
හොද අදහසක්. තවත් ගුවන් යානා විස්සක් විතර ගත්තොත් මාසයකට විසි දෙනෙකුට රැකියා දෙන්න පුලුවන්. කොච්චර හොදද? (නි)
මොනවා කළත් කමක් නැහැ නංගී, පරිස්සමින්. (නි)
දින 100 ඉවර වුණාට පස්සේ පුහුණූව සාර්ථකව නිමා කළා කියලා සහතිකයක් දීලා යවන්න. (නි)
අයි මේහෙම කරන්නෙ...!!(නු)
කුඩු ගෙනියන හැටිත් කියා දෙනවාද?(නු)
මේක විශ්වාස කරන්න අමාරුයි.. ගුවන් සේවිකාවක් වෙන්න නම් හොදට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න පුළුවං වෙන්න ඕන.. මම හිතන්නේ නැහැ මේ අයට එහෙම හැකියාවක් තියෙනවා කියලා.. මේක මේ ඡන්දෙ නිසා ගත්ත පිරිසක්ද කොහෙද?(නු)
දකුණෙ ඡන්දෙ තියෙන කොට එහෙන් තවත් විස්සක් ගන්නවා.. එතකොට මොයාලගේ ලස්සන ඉවරයි.. විතාරණට තේරෙන්නෙ නැද්ද? එහෙමයි අපේ වැඩ..!!(නු)
කොහොම කවදා අයදුම්පත් ඉල්ලනවාද දෙයියෝ තමයි දන්නෙ ????(නු)
අමිල ඇයි එහෙම කියන්නේ. දැක්ක පමණින් එහෙම කියන්න එපා කට වුනත්...(නු)
මෙහෙම ගන්න අයගේ තත්ත්වය ගැන නම් හොයලා බලන්න වෙනවා. හම්බන්තොටින් කට්ටියක් ගත්තා. ඉංග්‍රීසි බැහැ. මේ අය නියෝජනය කරන්නේ ලංකාවේ ජාතික ගුවන් සේවය. වෙන රටක මගියෙක් එක්ක හරියට අදහස් හුවමාරු කරගන්න බැරි නම් අන්තර්ජාතික ගුවන් සේවයකින් වැඩක් තියෙනවද? අනිත් එක මේ අයව ගත්තේ කොහොමද? කොළඹ ඉන්න අය ගන්නෙත් සම්මුඛ පරීක්ෂණ 4ක් තියලා. ඉංග්‍රීසි විභාගයක් තියලා. එතකොට මෙයාලට ඒවා තිබ්බද? අපිට දැන ගන්න ඕනෑ. (නි)
ඉතාම හොදයි මේ වැඩේ.. ඒත් ඇයි මේ ඡන්දය ලං වෙලාම මේවා පටන් ගන්නෙ.. අනේ මට තේරෙන්නෙ නැහැ මොකද රහස කියලා.. (නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.. හෙට අනිද්දාට රත්නපුරයෙන් එහෙමත් පටන් ගනිවි..!!(නු)