පියයුරු පිළිකා අවදානම පරීක්ෂා කරන ජංගම මෙමෝ ග්‍රෑම් යන්ත්‍ර විදෙස් රටවලින් ආනයනය කර ගම් මට්ටමින් නොමිලේ බෙදාහැරීමට පිළිකා සරණ භාරය කටයුතු කරන බව එහි නිර්මාතෘ කතානායක කරු ජයසූරිය මහතා පවසයි.
රෝගීන් සදහා සහාය වන නොමිලයේ ඇමතිය හැකි ක්ෂණික ඇමතුම් සේවාවක් 011-2363211 ඔස්සේ අරඹා ඇති බව ද ඉදිරියේදී කුඩා දරුවන් වෙනුවෙන් රැකවරණ පියසක් මහරගම අපේක්ෂා රෝහල නුදුරින්ම අරඹන බව ද ඒ මහතා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වෙනත් දියුණු රටවල් මෙමෝග්රෑම් යන්ත්‍ර භාවිතය ප්‍රතික්ෂේප කරනකොට අපි මොනවද මේ කරන්නේ? (නි)
අහල තියෙන විදියට නම් මෙමොග්රෑම් යන්ත්‍රයෙන් කරන්නෙත් එක්ස්රේ එකක් ගන්නවා වගේ වැඩක්. තරමක් හෝ විකිරණ නිකුත් වෙනවා. වෙන රටවල නම් මේ කටයුත්තේ යෙදෙන්නේ ඉතා හොඳින් පුහුණු වුණ හෙද නිලධාරීන් හෝ විකිරණ ශිල්පින්. ගම්මට්ටමින් යන්ත්‍ර බෙදාහැරලා තනියම කරගත හැකි වැඩක්ද මේ? එම දත්ත කියවන්නෙත් විශේෂඥ වෛද්‍යවරයෙක්. අඩුම තරමින් ඇතිතරම් වින්නඹු සේවිකාවන්වත් නැති රටක ගම මට්ටමින් මෙමෝග්රෑම් ගන්නවා කියලා මේ කාව හෝ රවටන්නට යනවාද? හැකිනම් ගම්මට්ටමින් මිනිසුන්ට රෝහලකට නොයා කැස්සට හෙම්බිරිස්සාවට බෙහෙත් ටිකක් ගතහැකි දිස්පැන්සරිය බැගින්වත් පිහිටවනවා නම්? (නි)
ඔබතුමාට පින් සිදුවේවා! ජාති බේදයකින් තොරව බෙදන්න (නි)
ඉතා හොඳ වැඩක්. කතානායක කරු ජයසූරිය මහතාට පින්සිදු වෙනවා (නි)
ඉතා හොද වෑඩක්. (ර)
මෙමෝග්රෑම් විතරක් දීලා මොනවා කරන්නද? මහරගම පිළිකා රෝහලේ බෙහෙත් තියනවාද සොයා බලන්න. පසුගිය ආණ්ඩුව කාලේ ප්‍රධාන හෝමෝන පාලක බෙහෙතක් වන ඇරමිඩෙක්ස් දුන්නා. ඉන්පස්සේ ආදේශක ගෙන්නුවා. දැන් ඉන්දියාවෙන් ආදේශක වලටත් ආදේශක ගෙන්නනවා. එ්වත් නැතුව ලෙඩ්ඩු රස්තියාදුවෙලා යනවා. සති ගණන් ප්‍රමාද වෙනවා. (නි)
කතානායකතුමනි, ඔබට පිං! (නි)