බේරුවල පයාගල යටදොළ මාර්ගයේ පයාගල ගඟ රක්ෂිතයේ කරණ ලද අනවසර ඉදිකිරීම දැනට තහනම් කැර ඇති බවත් එහි ගොඩනැගිලි සැළසුම් සළකා බලා අවසන් තීරණය ගන්නා බවත් කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එස්.ආර්.වීරරත්න මහත්මිය පවසයි.
ගැමියන් පවසන්නේ මේ ස්ථානයේ සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දිනයන්හි දී ඇළ මාර්ගය ගොඩකරමින් ඉදිකිරීම් සිදුකළ බවයි. ගොඩනැගිල්ල ලින්ටල් මට්මට ගොඩනගා ඇත. ගොඩනැගිල්ලට ඇළේ සිට ඇත්තේ අඩියක පමණ දුරකි. ඉදිරිපස මාර්ගයේ සිට එයට ඇත්තේ අඩි හයකි.
බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පන් ද සිල්වා මහතාගේ රියදුරකු බව කියන පුද්ගලයකු ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය නිලධාරන් බිය ගන්වා මේ ඉදිකිරීම් කරන බව ද ගැමියෝ කියති.
හිටපු සභාපති පුෂ්පන් ද සිල්වා මහතාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
මේ ඉදිකිරීම් කරණ පුද්ගලයා මගේ රියදුරෙක් නොවෙයි. ඔහු ප්‍රාදේශීය සභාවේ රියදුරෙක්. මා දන්නා තරමින් මේ ඉඩම ඔහුට අයිති ඉඩමක්. ඒත් ගොඩනැගිලි සැළසුමට අවසර අරගෙන නම් නැහැ. මට අයිති ඉඩමක් අනෙක් පැත්තේ තියෙනවා. බද්දක් ගහලා සැලසුම අනුමත කළ හැකියි. වාරිමාර්ග අය කියන්නේ මේ ස්ථානයේ ගඟ රක්ෂිතය අඩි 20ක් කියලා.
ප්‍රාදේශිය ලේකම් පවසන්නේ මේ ඉදිකිරීමට කිසිදු අවසරයක් දී නැති බවයි.
ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ද කීවේ ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබාගෙන නැති බවයි.
මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එස්.ආර්.වීරරත්න මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
අපි ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. එතැන තිබෙන්නේ ඇළ මාර්ගයක්. ඒ අැළ දෙපස අඩි 20ක ඇළ රක්ෂිතයක් තිබිය යුතුයි. මේ ඉදිකිරිම් කරද්දී ඒ ගැන සැළකිලිමත් වී නැහැ. ඒ නිසා අපි ඉදිකරණ අයට නියෝග කලා ඉදිකිරීම නවතා අදාල සැළසුම් සමග වාරිමාර්ග කාර්යාලයට පැමිණෙන ලෙස. ඔවුන් සමග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනවා. දැනට ඉදිකිරීම නවතා දැමීමට කටයුතු කැර තිබෙනවා.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි
චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 May 2015 12:07 AM
ඇළ අයිනේම ගෙවල් හැදුවහම නොයෙක් කරදර ඇතිවෙන්නේ ඒ ගොඩනැගිලි අයිතිකරුවන්ටමනේ! (නි)
ගගන Tuesday, 26 May 2015 02:50 AM
වහගෙනම වැඩේ දෙනවා වගේ (නදී)