ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද උදෑසන 11.45 වන විට 48% ක් පමණ වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයෝ 16,37,537 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.
මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කින් අපේක්ෂකයෝ 588 දෙනෙක් තරඟ වදිති.
දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 තුළ මධ්‍යස්ථාන 1054 කදී ඡන්දය ප්‍රකාශ කිරීම පැවැත්වෙන අතර මැතිවරණයේ සියළු කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 22,900 දෙනෙකු යොදා ඇත.
මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු පත්තල ගෙදර සියනෑ ගුරු විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණ ආයතනය යන ස්ථාන වල පැවැත්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන් නැත්තටම නැතිවේවා! යහපාලනයක් උදා වේවා (නදී)
හොරුන් ගෙදර යැවීමට ජනතාව පෙළ ගැසී ඇත (නදී)
ගම්පහ යනු බුද්ධිමතුන්ගේ දිස්ත්‍රික්කයි. බොහෝවිට ගම්පහ ජනතාව නියම තීරණය ගනු ලැබේ. (නදී)
හොරුන් නැත්තටම නැතිවේවා! (නදී)
මගේ රටට දළදා හිමි සරනයි
හැමෝම කියන්නේ හොරු නැති වේවා කියලා. කට ඇරල කියපල්ලකෝ හොරු කව්ද කොයි පැත්තේද ඉන්නේ කියල.(නදී)
ෂෙහාන් ඒක ඉතින් කියන්නත් දෙයක්ද මිනිස්සු මෝඩ නැහැ (නදී)
අනේ දෙවියනි! හොරුන් නැත්තටම නැති වේවා! යහපාලනයක් උදා වී අප රට සුකිත මුදිත වේවා! (නදී)
ඒ හොරුත්, මේ හොරුත් නැති වේවා! (නදී)
නිදහස් රටක් ලැබේවා (නදී)
රට මුලට (නදී)