IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පියා දරුවන්ගේ මාරයා වේ

එංගලන්තයේ ඩර්බි ප්‍රදේශයේ ගේ ගිනි තබා තම දරුවන් 17 දෙනාගෙන් හය දෙනකු මරා දැමීයැයි මයික් පොල්පොට් (56), ඔහුගේ බිරියක මේරි ඇඩ් (31) හා මිතුරකු වූ පෝල් මෝස්ලි (46) අනියම් මිනී මැරීමට වරදකරුවන් කරමින් ලන්ඩන් උසාවියක් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

මයික් එම ගෙට ගිනි තබා ඇත්තේ ඔහු හැර ගිය පෙම්වතිය ඊට අසු කිරීම සඳහාය.

මෙම ඝාතන දුෂ්ට, කාලකන්නි හා ලජ්ජා සහගත ක්‍රියා යැයි උසාවිය ප්‍රකාශ කළේය.

ගැහැණු සොඩකු වූ මයික් බිරියන් පස් දෙනකුගෙන් මේ දරුවන් ලැබී ඇත.

ගින්න පැතිරෙද්දී ඔවුන් බේරා ගැනීමට අසල්වැසියන් පැමිණියත් ගින්නත් දුමාරයත් නිසා ඔවුනට කිසිවක් කර කියා ගත නොහැකි විය.

දරුවන් පිළිස්සී මිය ගොස් සිටියදී  ඝාතනයේ තෙවැනි සැකකරු වන මයික්ගේ අණ කිරීම අනුව ඔහුගේ බිරිය ඝාතනයේ තෙවැනි සැකකරු වන පෝල් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව ද උසාවියේදී කියැවිණි.

එංගලන්ත රජයෙන් ලැබෙන සුබසාධන මුදල් ලබා ගත් මයික් ඔහු වසඟයට ගත් ගැහැණුන්ගේ මුදල් හිමිකරගත් පුද්ගලයෙක් බවත්, නඩු තීන්දුව ගැන ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුට ප්‍රකාශ කළ බවත් කියැවිණි.



අදහස් (0)

පියා දරුවන්ගේ මාරයා වේ

සිල්වා Wednesday, 03 April 2013 09:14 PM

සිය මන මලයා නාකි ඉලන්දරියා, දැන් එතින් කන්නකෝ.(නදී)

:       0       0

රුමී Thursday, 04 April 2013 11:31 AM

ඇසට ඇසක් දතට දතක්, මොවුන්වත් ගිනි තබා මරා දැමිය යුතුයි යන්නයි මගේ අදහස. (නි)

:       0       0

අලහප්පෙරුම Thursday, 04 April 2013 12:20 PM

මිනිසුන් වෙලා ඉපදිලා කරන දේවල ද මේ ...??? (ස)

:       0       0

අමිල Wednesday, 03 April 2013 05:20 PM

දෙන්න ඕන දඩුවම මොකද්ද (දී)

:       0       0

ශාන්ත Thursday, 04 April 2013 01:22 PM

මේක අරාබි රටක වුනානම් බලන්න පුළුවන් අන්තවාදීන්ගේ අදහස් ටික,මුස්ලිම් යට බෙන බෙන ගෙහෙනු දුසිමක් තියාගෙන ඉන්නවා කියල ලියි,ඒවුනාට අරබින් මේවගේ ලමිව මරන්නේ නී,පුළුවන් හින්දි ගෙහෙනුන් තියාගෙන ඉන්නේ,නමුත් එංගලන්තයෙක් කොරපු නිසා,ලංකාවේඅයගෙ කට වෙහිලවගේ.

:       0       0

ප්‍රදීප Thursday, 04 April 2013 03:32 AM

නෝනලා පහයි. දරුවෝ 17ක් ඉන්න පුදුම මිනිහෙක්. අධික රාගය නිසා තමන්ගේ දරුවන් ගිනිතබා මැරීමට ක්‍රියාකර ඇත. මේවා මෙලොවදීම පටිසන් දෙයි.(නදී)

:       0       0

කමල් Wednesday, 03 April 2013 06:07 PM

ආගමක් දහමක් අදහන්නේ නැති මිනිස්සු.(නදී)

:       0       0

බුද්ධි Thursday, 04 April 2013 03:14 PM

නමේ විදියට තමයි වැඩ. නේද පොල්පොට් (ස)

:       0       0

උපාලි Thursday, 04 April 2013 07:25 AM

මේ ක්‍රියා අප රට උනා නමි. මෙහෙමද අපට කියන කතන්දර.(නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 03 April 2013 06:34 PM

මෙහෙමත් පව්කාරයෝ ඉන්නවද?(නදී)

:       0       0

හරීන් Thursday, 04 April 2013 08:04 AM

එල්ලා මරන්න ඕනෑනේ ඉතින්. (නි)

:       0       0

හරීන් Thursday, 04 April 2013 08:07 AM

ඉතා පහත් වැඩක්.. (ස)

:       0       0

ජයලත් ෆෙර්ණන්දෝ Wednesday, 03 April 2013 07:11 PM

මේ විදියේ සත්තු වද දීල මරන්න ඕනනේ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site