සැකකරුවකු පැය 48ක් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සහිත අපරාධ නඩු විධාන සංග්‍රහයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙළේය. නීතිපති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ ඇත.පසුගිය 11 වැනි දා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එකඟයි ඒ දේට
විකාර
නීතිය ගැන කවුරු කවුරුත් දන්නවා ඇතිනේ (නි)
සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ 2015 කුඩු ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ කොහෙද ? පන්සලේ සිටිය ගෝනා මරා කෑවේ කව්ද ? කටු ගේ කඩුවේ කව්ද ? නිදන් හැරුවේ කව්ද ? අදිකරණ ලේකම්ට පහර දුන්නේ කව්ද ? නිදහස් අධ්‍යාපනය විනාශකලේ කව්ද 1, 2?(නු)
ඔයාලට වැඩ ගොඩයි.(නදී) .
අයියෝ සල්ලි
හොද යෝජනාවක් බව පෙනේ.අධිකරණයට හොද අවස්ථාවක් රටට අයහපත් යෝජනා සදහා පක්ෂ භේදයකින් තොරව ජනමත විචාරණයක් ඒ වගේ දේවල් සදහා පැවැත්වීම. (නි)
ඇත්තතමයි,පැය 48ක් තියාගන්නෙ මොකටද.අසූ ගනන්වල මේ ගොල්ල රජ කරපු කාලෙ ප්‍රශ්න කරන්නයි, දඬුවම් දෙන්නයි, පැයක්වත් ගියෙ නැහැ.
මොකද්ද ඒ වැඩේ ඇති වරද
ඉඳලා හිටලා මේ ගොල්ලො හොඳ වැඩත් කරනවා වගේ. (නි)
පැය 48ක් පොලිසියේ ඉඳලා නිරුපද්‍රිතව එළියට ආපු කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. (නි)
වරදක් කල කෙනෙක් 48 නොවෙයි පැය 100 තියාගත්තාම මොකද වෙන්නේ