තරිඳු ජයවර්ධන
අද අලුයම දෙකේ සිට උදේ හය වන තෙක් පැය හතරක කාලයක් තුළ දිවයින පුරා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 2564 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මීට අමතරව රථවාහන නඩු 4735 ක් ලබා ගත් බව ද ඔහු කීවේය.
පොලිස්පත පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 741 දෙනකු ද, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම නීති පොඩි මිනිහට නඩුදාලා හෙටම හිරේ යවයි.
පුදුම වැඩේ කියන්නේ හොර තක්කඩි 225න් කවුරුවත් අල්ලගන්න බැරිවුණාද? සමහරවිට ඔය ඔක්කොම "සැමවිටම යහමින් අසුචි" නාගත්ත ගමන් ඉන්න නිසා රාලහාමිලාට අඳුනගන්න බැරිවෙන්න ඇති.
පොඩි මිනිසුන්ට නීතිය අකුරටම. ප්‍රසිද්ධියේ රටේම ජනතාව ඉදිරියේ අර්ජුන් මහීන්ද්රන්ගේ කටයුතුවල සියලු වගකීම් මම බාරගන්නවා කියපු මිනිහ අද අගමැති. අර්ජුන් මහේන්ද්‍ර හොරාකාලා රටෙත් නැහැ.. අනිත් ලොකු උන්නැහේලත් ඉන්නවා. වැඩිය ඇද්දොත් තමන්ගේ කුණුත් එළියට එනවනේ... අනේ මෙහෙම රටක්...!!!
වැරදිකරුවෙක් හිරේ දාන්ඩ එපාද? සැකකරුවන්ට විරුද්දව නඩු දාන්ඩ එපාද? එදිඅ පොහොට්ටු යෝජනා.
හැබෑවටම මහේන්ද්‍රන් මහත්තයව අල්ලගන්න බැරිද ?
දැන් හරි සතුටුයි ද? පොලිස් දෙපාර්තමේන්තුවට මිනිසුන්ට ජිවත්ව වෙන්නේ විදිහක් නෑ ජිවන වියදම වැඩි ලොකු එවුන් හොරකම් කලාට නඩු නෑ අනේ මෙහෙම නිතියක් .....මේකත් එක vat ක්‍රමයක් දැන් රජයට සල්ලි නෑ ඒකයි මෙවා කරන්නේ..................
ආයෙත් බටලන්ද පටන් අරගෙන වගේ සේරම හොරු ලංකාව ඉවරයි සිංහලයාට විනකටින රදල නිතිය කන්න නැතිනම් හිගා කාපියව් මෙයිට හොදයි
අල්ලලා තියෙන්නේ හැංගිලා හිටපු සැකකරුවෝ වරෙන්තුකාරයෝ සහ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝයි. එහෙම නැතිව සිල්වත් අහිංසක මිනිස්සු වෙන්න බැහැ. එහෙම නිවැරදි මිනිසුන් අල්ලන්න පොලිසියට බැහැ. මෙම වැටලීම වැරදි නම්, පොලීසියට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන්. නීතිය දන්නා අය දන්නවා මෙහි බැරෑරුම් කම. පොලීසිය කරලා තියෙන්නේ නීතියෙන් සැඟවී කට්ටි පැන්න අය කොටුකර ගැනීමයි. එය පොලිස්පතිතුමා ඇතුළු පොලිසියේ වගකීම. එය හරිහැටි ඉටු නොකළොත් හිරේ යන්න වෙන්නේ පොලීසියට. අනික පොලිසියට වැටුප් ගෙවන්නේ මහජනතාවගේ මුදලින්. ඒ නිසා පොලීසිය ඉන්නේ හොරු අල්ලන්න මිසක් කුඹුරු කොටන්න නෙමෙයි. පොලීසිය තමන්ව නිරපරාදේ අල්ලුවානම් ඒ අයට තමන්ගේ නිදොස් බව අධිකරණයේදී කියන්න පුළුවන්. එහෙම තියෙද්දී අධිකරණය මග හරින්නේ හොඳ මිනිසුන්ද? වැරදි කරන අයව අල්ලන්නේ අපේම යහපතට නේද? කියන එක සමහර දෙනාට තේරෙන්නේ නැත.
අපිට නිව්ස් නිවැරදිව දැන්වුවාට බෙහෙවින් ස්තුතියි.