ලූණුගල දොර පොද රක්ෂිතයේදී ගින්නට අසුවී පිලිස්සී ගිය පිඹුරකුට ලූණුගල පශු වෛද්‍ය නිලධරයෝ ප‍්‍රතිකාර කරති. අඩි 15 ක් දිග කිලෝ 28 ක් බරැති පිඹුරා කපිල බණ්ඩාරනම් හමුදා සෙබළෙක් පශු වෛද්‍ය නිලධරයන්ට බාර දුන්නේය.
පිඹුරාගේ හම අඩි හයක් හතක් පිලිස්සී ඇත. පිඹුරා සුවකළ හැකි බව පශු වෛද්‍යවරු කියති. බිත්තර හා මස් කෑම වශයෙන් පිඹුරාට ලැබේ.









1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැටි ඒ පිබුරගේ
බොහොම පින්. මේ සතා ඉක්මණින් සුව වේවා! (නි)
හොඳ වැඩක්.....(ස)
සුභ අනාගතයක්...(ස)
කපිල කර දේ හොඳයි...(ස)
කැළෑ ගිණි තැබීමෙන් මතුපිටට පෙනෙන්නාවූ ආර්ථිකමය හානියට වඩා විශාල වූ පරිසර විනාශයක් සිදුවන බව පෙන්වන හොඳම සාක්ෂියක් ලෙස මෙය වටහාගත යුතුය. ස්වකීය වාසස්ථානය ගින්නෙන් දැවීයත්දී යන්තම් දිවිගලවා ගැනීමට මෙම පිඹුරා වාසනාවන්ත වී තිබුණද, එම වාසනාව අහිමි වූ වන ජීවීන් සිය ගණනින් ගින්නට පිළිස්සී මියැදෙන්නට ඇත. මෙම අහිංසක සත්වයාගේ දිවි බේරාගැනීමට යුහුසුළුව කටයුතු කළ දයාබර මිනිසුන්ට ප්‍රනාමය පුදකරමි. එසේම විශාල පරිසර හා ජෛව සම්පත් විනාශයන් සිදුකරන කැළෑ ගිණිතබන්නන් අල්ලා ගැනීමට අදාල බලධාරීන් වෙත අවශ්‍ය සහාය ලබා දී අපගේ මිලකළ නොහැකි වටිනා ස්වභාවික සම්පත් රැකගැනීමට කටයුතු කිරීම රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි..(ස)
පින් සිදු වේවා !.(ස)
මස් වැද්දෝ කෑළෑ ගිනි තියන නිසා නියඟයට අමතරව මෙම වැද්දන්ගෙන් ජීවිත බේරා ගැනීමටත් සිදුව ඇත.....(ස)
අනේ සාධු! හොද වැඩක්. (නි)
අතීතයේ සිටි බුද්ධදාස රජතුමාව සිහිවෙනවා...(ස)
හොද වැඩක්. (නි)
ගොඩක් හොද වැඩක්. ඔබට පින්. (නි)
අනේ හොඳයි..ඔය කොයි කාටත් පින් සිදු වේවා....(ස)
උතුම් ක්‍රියාවක්. සියළු සත්වයෝ නිදුක් වෙත්වා..! නීරෝගී වෙත්වා..!! දුකින් මිදෙත්වා...!!.(ස)
තවමක් උතුම් මින්ස් ගුණ ඔබලාගේ හදවෙත් තබීම ලොකු සතුටක් ඔබට දිගාසිරි පතමි .(ස)
ඔබලාගේ මේ සත් ක්‍රියාවට මාගේ ගෞරවය....පිඹුරාට ඉක්මන් සුවය.....(ස)
ඔබට අපෙන් මල් මිටක් මහත්මයාණෙනි. (නි)
කපිල බණ්ඩාර මහතාට සහ පශු වෛද්‍යවරයාට මාගේ ප්‍රණාමය! (නි)
වයසක පිබුරෙක්
ගොඩක් උතුම් ක්‍රියාවක්....(ස)
ඉතා කරුණාව ඉතා විශිෂ්ටයි. (නි)
අන්න රත්තරන් වටින මිනිස්සු...(ස)
ඔබ මානව හිතවතෙක් මහතාණෙනි. (නි)
මේ වගේ උතුම් හදවත් ඇති මිනිස්සු දකින්නත් ආසයි......... (ස)
ඔබ සැමටම මේ පින් අත්වේවා! (නි)
මෙයට දායක වූ සැමට පින් සිදු වේවා ...! (ස)
උතුම් මිනිසත් ක්‍රියාවක්........... (ස)
''බිත්තර හා මස් කෑම වශයෙන් පිඹුරාට ලැබේ'' සතෙකු වෙනුවෙන් සතුන් කිහිප දෙනෙකු තම ජීවිත පූජ කරනවා. මස් හා බිත්තර සතුන්ගේම ය. දැන් පිඹුරාට සතුන්ගේ මෙන්ම උතුම් මිනිසාගේ ද සහාය ලැබෙනවා. මෙවැනි ලෝකයක් දැකීම කොතරම් සුන්දරද? පිඹුරාට ඉක්මන් සුවය පතමු. වෙදකම් කරන මහත්වරුන්ටද බොහොම පිං සිදුවේවා... සතුනට අනෙක් සතුන් අවශ්‍යම වන්නාසේම මිනිසාට ද මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ සහාය අවශ්‍ය බව මෙයින් මනාවට පැහැදිලි වේ. (ස)
බොහොම පින්.. බෝධිසත්ව ක්‍රියාවක්... (ස)
අපි අතරේ තාමත් මනුස්සකම , සත්ව කරුණාව දන්න අදුනන මිනිස්සු ඉන්නවා (ස)