පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ලේකම් හා තාක්ෂණ නිලධරයා සැලැස්මක් අනුමත කරදීමට රුපියල් දෙලක්ෂයක් ඉල්ලා රුපියල් ලක්ෂයක් අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් මත සිකුරාදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී අද (19) නියෝග කෙරිණි.
කළුතර දොඩම්ගොඩ ව්‍යාපාරික සමන්ත පෙරේරාගෙන් මෙම අල්ලස ලබාගත් බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය සභාවල ඕක ඉතාම සාමාන්‍ය දෙයක්. පුළුවන් නම් සියලුම දේ නිවෙරදි, නීත්‍යනුකුල ඔප්පු සහිත ඉඩමක නිවසක් ඉදිකිරීමට නිවාස සැලසුම අනුමැතියට ඉදිරිපත් කරන්න. කුමන හෝ වරදක් ඔබට පවසා අනුමැතිය පමා කරාවි. තාක්ෂණ නිලදාරියා , මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා කවුරු හරි මෙම පමාකිරීම සිදුකරන අතර ,ඉල්ලන අල්ලස ලබාදුන් විට සියලු වැරදි නිවරදි වේ .අනුමැතියද එදිනම ලැබේ .මෙය සිදු නොවන තැනක් ඇත්නම් අතලොස්සකි. යහ පාලනයෙන් මෙම දේවලුත් නිවැරදි වනවානම් ලොකු දෙයක්. (නදී)
චින්ත්ගේ අදහස හරියටම හරි මම මේ සම්බන්ධව.(හේ)
හිතට එකඟව වැඩ කරන්න. (නි)
චින්තාගේ අදහස හරියටම හරි. මම මේ සම්බන්ධව හොඳටම දන්නා කෙනෙක් (නි)
මම ඔය කියන තාක්ෂණ නිලධාරියාව දන්නවා. මගෙනුත් සල්ලි ඉල්ලුවා. මම කොහොමටත් එයාව අල්ලලා දෙන්න හිටියේ වෙලාව බලලා. (නි)
අල්ලස මහ පිළිලයක් රටටම (නදී)
මොවුන්ට සමාවක් දෙන්න නරකයි. (නි)
මට කීවා එයා ප්ලෑන් එක ඇඳලා දෙන්නම් කියල, මගේ ප්ලැන් එක හොඳ නෑ අනුමත කරන්න බෑ කියලා (නදී)