පෙම්වතියගෙන් ඉවත්වීම සඳහා ඇයට මරණීය තර්ජන ඇතුළත් එස්එම්එස් යැවූ බව කියන පෙම්වතාද ඊට උදව් කළ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියකද අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
තම පෙම්වතාගෙන් ඉවත් වන ලෙසත් ඉවත් වුවහොත් රුපියල් ලක්ෂ 50ක් ගෙවන බවත් ඉවත් නොවුවහොත් මරා දමන බවත් කියමින් පෙම්වතාගේ පරණ පෙම්වතිය යැයි කියමින් තමාට එස්එම්එස් ලැබුණු බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
මෙම තිදෙනා තනි තනිව පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමේ දී සොයාගෙන ඇත්තේ පෙම්වතාගේ පරණ පෙම්වතිය සේ පෙනී සිටිමින් පෙම්වතියට එස්එම්එස් යැවීම සඳහා දැන් සිටින පෙම්වතා රූපලාවන්‍ය ශිල්පිනියට රුපියල් 5000ක් ගෙවා ඇති බවයි.
පෙම්වතියගේ නමින්ම ලබාගත් සිම් කාඩ් පතකින් මෙම පණිවිඩ යවා ඇති බවත් දැනගන්නට ඇත. පෙම්වතා කූඩුවට දැමූ පසු පෙම්වතිය ඔහු ඉල්ලා හැඬූ බවද කියයි.
සැකකාර පෙම්වතා දෙදරු පියෙක් බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතෙකු ලබා ගන්න තියන වුවමනාව ඔහුගේ වගතුග සොයා බලන්න යොදවන්නේ නැහැ . යමක් වුනාට පසුව පිරිමියාටම වැරැද්ද පටවනවා. (බ)
මම වගේ නම් මේ දෙන ලක්ෂ 50 අරන් ඒ අයට පාඩුවේ ඉන්න. දීලා වෙන කෙනෙක් හොයාගන්නවා හොඳ සල්ලි තියෙන බුද්ධිමත් ලැබුන සල්ලිවලින් හොඳට. මගුල්කනවා පරණ පෙම්වතාටත් ඇරයුම් කරනවා. (බ)
දැන් කාලයේ තරුණියන්ට යන්තම් නාඩි වැටෙන පිරිමියෙකු හරි කමක් නැහැ බෝයි ෆ්‍රෙන්ඩ් ට අරන් පාරේ යන්න පුළුවන් නම්. මේ පිරිමියා කාගේ කවුද අන් සතු කෙනෙක්ද තාත්තා කෙනෙක්ද ඒ මොනවායින්වත් වැඩක් නැහැ . මට නම් හිතෙන්නේ මේ උරචක්‍රමාලාවෙන් ගැලවිලා තමන්ගේ පවුල ගැන හිතන්න ඕන බව අර පිරිමියාට අන්තිමේ තේරෙන්න ඇති. (බ)
චතුරි, කිවුවට පුළුවන් වෙයිද එ්ක කරන්න? (නි)
පවුල ගැන නෙමේ තව අහිංසක ගැණු ළමයෙක්ව රවටන්න මේ ළමයව ගලවල දාල. මේ වගේ කාලකන්නි කාමාතුරයන්ට හරි හැටි දඩුවමක් නැති නිසා තමා ඔහොම දේවල් අහන්ඩ ලැබෙන්නේ නිතර නිතර. (බ)