නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරැදිකරුවූ පුද්ගලයෙක් මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයකින් ගෙළ කපා ගත්තේය. ඔහු වහා රෝහල් ගත කැරිණි. 2006-7-16 වැනි දින රාමසාමී ලිංගේෂ්වරී නම් පෙම්වතිය ගිනි තබා මරා දැමූ රාමයියා ක්‍රිෂ්ණමූර්තියට (32) මරණ දඬුවම නියම කරන ලද්දේ එම්.එන්.ඒ. ගපුර් මහාධිකරණ විනිසුරු විසිනි. ක්‍රීෂ්ණ මූර්ති වතු සේවකයකි. ඔහුගේ තත්ත්වය බරපතල නැති බව වෛද්‍යවරු කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි
අදට කමක් නැහැ.. මීට පස්සේ අධිකරණයට සැකකරුවො රැගෙන එන විට අත්වලට මාංචු දමා රැගෙන එන්න හොදද?(නු)
හිමාලි මහේෂිකා අමරසිංහ සහ අසිරු මම එකඟවෙනවා. මම ඔවුන් සම එකඟ වෙනවා
යකඩ ඇද ගන්නා වු කාන්දම් වලින් විත්තිකරුවනගේ කූඩු සකස් කිරිම තුළ මෙම තල ප‍්‍රශ්ණයට විසදුම් ලැබේ.(නු)
තත්ත්වය බරපතළ නැත්නම් නැවත ගෙන්වලා දඩුවම තීන්දු කරන්න. (නි)
හොද නැත්නම් නිකා ඉන්නවා මිසක් මැරෙන්නේ මොකටද? නැත්නම් බෙල්ලට තොණ්ඩුවක් දා ගත්තා නම් ඉවරනේ. (නි)
නිකන් පවු දෙන්නේ නැතුව වෙන අතක් බලා ගත්තා නම් ඉවරනේ. (නි)
මේ මෝඩයා බය වෙන්න ඇති ඉක්මණට එල්ලුම් ගහ එයි කියලා. ඒකයි බය වෙන්න ඇත්තේ ෂුවර් එකටම. (නි)
දොස්තරවරු දැකලා නැද්ද මෙයාගේ ඔලුව දෙපැත්තේන් අං දෙකක් තියනවා...(ස)
ඒ වෙලේම අනිත් ටිකත් කපලා දැම්මනම් අළුගෝසුවට වැඩක් ඉතිරිවෙන්නේ නෑනේ....(ස)
රණසිංහ හරි. (නි)
මේ රටේ මිනිස්සු හරිම අමානුශික ම්ලේච්ච මිනිසුන් ජාතියක් කියලා මේ අදහස් වලින් පේනවා..!! (නු)
මේ ලිපියට ඇති මුල් වදන ගැන තරමක් සිත කල කිරුනා ඒතරමට උචිත නැතැයි මට හිතෙනවා මොකද පෙම්වතා කියන නමට ඒ මුල් වදන හරි මදි ප්‍රේමයෙන් වත්කම් ඇති එහෙමත් නැත්නම් වතට ප්‍රේම කරන කෙනෙකුට ඔය වගේ සැහැසි කමක් කළ නොහැකියි නේද කාලිදාසගේ කාව්‍යවල -අතුල රෝහිණි - ජයපාල මාලනී- මහානාග ශීලා- සිරිපාල සහ රන්මැණිකා මේ තියෙන්නේ පෙම්වතුන් කියන අයට උපමා ආදරයෙන් පැරදුනත් ආදරයෙන් දිනුවත් දරා ගැනීමේ ශක්තිය නැත්නම් ම්ම්ම්...(වි)
මේ වගේ අයට පෙම්වතා කියන ඒක හරි නැහැ නේද? පෙම්වතකුට තමන්ගේ පෙම්වතිය මරන්න පුලුවන්ද? (නි)
අදට කමක් නැහැ. තත්ත්වය බරපතළ නැත්නම්, නැවත ගෙන්වලා බෙල්ලේ අනෙත් ටිකත් කපලා දැම්මා නම් අළුගෝසුවට වැඩක් ඉතිරි වෙන්නේ නැහැ. හොදද? (නි)
හොදයි හොදයි වතු සේවක මහාධිකරණ විනිසුරුවරුත් අපේ රටේ ඉන්නව එහෙනම්... මේක ආස්චර්යමද? (වි)