
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ආනයනය කෙරුණු "පාම් ඔලේන්" තෙල් තොගයක් ශ්‍රී ලංකා රේගුව වැරදි අංකයක් යටතේ නිෂ්කාශනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 613 ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මෙරට ප්‍රධාන පෙළේ ආනයන සමාගම් දෙකක් මෙම තෙල් ආනයනය කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ 2013-2016අතර කාලයේදීය.
භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකය පිළිබඳ ගැටළු තිබියදී මෙම භාණ්ඩ මුදා හැරීමේදී මීට අදාළව බැංකු ඇපකරයක් තබා නොගැනීම පිළිබඳවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානය යොමු වී ඇත .
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ නිලධාරීන්ට දඬුවම් පැනවීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම පාඩුව පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ටම් හොරු
2013-2016 කාලයේදී සිදුවූ පාඩුව දැන් තමයි හෙලිවෙන්නේ. දැන්වත් රටේ ජනතාව වෙනස් විය යුතුයි.
කෝටි 613 යිනේ .ඕක මොකද්ද ?අපි තමයි හොඳටම කලේ
බැලූ බැල්මට මෙතනත් සීනි හොරකම වගේම සාටකයක් ගෑවී ඇති බව නම් පෙනෙනවා.
වැඩිම උනොත් ස්ථාන මාරුවක් දේවි
මේ ටික කාලෙට රාජ්‍ය ආයතන වලින් කෝටි වලින් ගණින්න බැරි තරම් ආදායමක් රජයට නැතිව ගිය බව දැනගන්න ලැබුනා. මේ දුෂන වංචා නැති කලා නම් අද අපි කොහේද. එහෙම උනානම් මේ කොරෝ්නාවත් මහ කජ්ජක්ද.