ලබන මාසයේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50ටත් වඩා පහළ බැස ඇති බැවින් ඉතා ඉක්මණින් ඉන්ධන මිල අඩුකිරීම පහසු කාර්යයක් බව ද ඒ මහතා කියා සිටියේය. නව මිල සූත්‍රයට අනුව ජනතාවට බරක් නොවන ආකාරයෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවැඩි වීම අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ පහළ යනු ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතන්න පුරුදු වෙන්න. 29 වෙනිදා අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට එන්නේ එදාට බඩුමිල අඩුකරන්න. නැතුව ඔයාලා හිතන හිතන වෙලාවට බඩුමිල අඩුකරන්න මේක ළමයින්ගේ සෙල්ලම් ආණ්ඩුවක් නෙමෙයි (නි)
මේක ඇත්තටම හොඳ දෙයක්. පෙට්‍රල් ලෝක වෙළඳ පොළේ ලාබ වෙනකොට ජනතාවට ප්‍රතිලාබ ලැබෙනවා වගේම ලෝක වෙළඳ පොළේ මිල වැඩිවෙනකොට ඒකත් දරාගන්න ජනතාව පුරුදුවෙන්න ඕනෑ (නි)
කෝ ඉතින් තෙල් සුත්‍රේ ? (බ)
අවරුදු 10 ක් දුක් වින්ද මහජනතාවට මාසයක් දෙකක් බලන් ඉන්න එක මහ දෙයක්ද ? (නදී)
මේගොල්ලෝ සුත්‍ර හදලා එනකොට තෙල් මිල අයෙත් නැඟලා තියෙයි!! (නි)
මේකේ අදහස් දාන මිනිස්සු පාට පාට කණ්ණාඩි දාගෙන අදහස් දාන්නේ (නි)
පසුවදා අඩු කරන්න බැරි නම් වේදිකා වල කිව්වේ මොකද? කරන්න ගියාම තමයි අමාරුව තේරෙන්නේ (නි)
මෙයා කලින් කියුවේ නම් මුල් දවස් 5 හේදි මිල අඩු කරනවා කියලා. කියනකොට සේරම ගහන්නේ බයිලා (නදී)
හොඳ දෙයක් (නදී)
හොඳ දෙයක්. ඔබ ගැන ලොකු විශ්වාසයක් රටේ ජනතාවට තිබෙනවා (නි)
අපි බලාගෙන හිටියේ 29 වෙනකොට අඩුවෙයි කියලා. දැන් බලනකොට පෙබරවාරියේ. ඔහොම යනකොට මේක දිගටම මෙහෙමම තියෙයිද දන්නෙත් නැහැ (නි)
හොඳ අදහසක්! (නි)
කලින් නම් කිවුවේ සියළු බදු ඉවත්කරනවා කියලා. දැන් අළුත් සුත්‍ර...? (නි)
ප්‍රභාත්ගේ තරුණකම මොන පැත්තේද තියෙන්නේ....මෙච්චර කල් ඔහේ හිටිය. දැන් තදියම! (බ)
මේක ගෙදරට කඩෙන් හාල් ගේනවා වගේ වැඩක් නෙමෙයි රොෂාන්. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ (නි)
රොෂාන්, හදිසියට මේවා කරන්න බැහැ (නි)
හොඳටම හොඳයි (නි)
හදිස්සියට බැහැ කියල දැන්ද කියන්නේ. කලින් කිව්වේ පස්සෙන්දම අඩු කරනවා කියලා. සුත්තරේ පස්සේ හදාගන්න. එතකන් අඩුකරන්න බැරිද? අනිත් එක ඔය සුත්තරේ හදලා එනකොට තෙල් මිල වැඩි වෙලා තියෙයි. එතකොට සුත්තරේට අනුව අපිට අඩුවට දෙනවා කිව්ව ඒවා හම්බ වෙන්නේ නැහැ. අනිත් එක මේ දවස් වල රුසියාවට රිද්දන්න අඩු කරපු තෙල් මිල අායෙත් තිබුනටත් වැඩිය වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඒ ගොල්ලන්ට වෙච්ච පාඩු අල්ලන්නත් එපැයි. එතකොට අපට හුලන් තමයි (නදී)
ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වැඩි වීම අනුව තම රටවලත් තෙල් මිල වෙනස් වෙනෙවා. එක ඕන රටකට ම එකවගේ බලපාන දෙයක්. ලංකාව විතරක් වේලාව එනකම් ඉන්නවා. (හේ)
හඳුන්වාදෙන්න යන තෙල් සුත්‍රය ජනතා හිතවාදී එකක් වේවා! (නි)
හදිසියට කරන්න බැරිනම් ඇයි බොරුවට පොරොන්දු දුන්නේ? (නි)
මෙතන සමහරක් අයට ඉතින් මේවා දකිනකොට ඉවසන්න බැහැනේ. හොඳ දෙයක් කරන කොටත් බලන්නේ පාට කන්නාඩි ගැනනේ. පවට පින දෙන්න බෑ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.(හේ)
ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල 2014 වසරේ ජුනි මාසයේදී ඩොලර් 107ක් ව පැවතිය. එම මිල ක්‍රම ක්‍රමයෙන් අඩුවී මේ වනවිට ඩොලර් 47-48 සීමාවට පහත බැස තිබේ. නමුත් පසුගිය රජයෙන් මෙහි කිසිදු සහනයක් ජනතාවට ලබා දී නොමැත. අවසාන වතාවට බොර තෙල් මිල මෙතරම් පහල මට්ටමක තිබුනේ 2009 වසරේ මාර්තු මාසයේය. මේ අනුව,තෙල් සඳහා මිල සුත්‍රයක වටිනාකම ජනතාව තේරුම් ගත යුතුය. (බ)
දැන් ජනතාවට සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
තෙල් මිල අඩු වෙනවා කියන්නේ ලොකු සහනයක්.(හේ)
නියමයිනේ! (නි)
මහින්ද මහත්තයා කිව්වේ හදිස්සියේ කරන්න බැරි බව. මෙයාල දින සියෙන් අඩු කරනවා කිව්වේ මොන දේකටද? දැන් බලමු කියලා හරියන්නේ නැනේ.(හේ)
මෙහෙ තෙල් මිල අඩු වැඩිවෙනවා ,වෙළඳ පොළ මිල අනුව. ඒක හොඳ ක්‍රමයක්. සාධාරණයි (නි)
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවැඩිවීම අනුව ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහළ පහළ දාන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද? (නි)
මුල් දවස් 5දී මිල අඩු කරනවා කියලා රොෂාන්ට කිව්වෙ කවුද දන්නෙ නැහැ (නි)
කරන්න තියෙන්නේ ඉතින් බලාගෙන ඉන්න එක තමයි (නි)
ඔය මිල සූත්‍ර කතා කලින් අයගෙත් තිබුණා වගේ මතකයි. (නි)
කල් වැඩි නැද්ද? (නි)
අම්මෝ ඇති යාන්තම් පහුගිය කාලෙම අපි ගෙව්වේ තෙල් පවක් රුපියල් පහකින් අඩු කරලා පම්පෝරි නොගසයි කියලා බලාපොරොත්තු වෙනවා ඇත්තටම අපි දන්නවා චම්පික හොරෙක් නෙවෙයි කියලා ඒ විශ්වාසය අපට තියෙනවා (බ)
බලමුකෝ තෙල් මිලේ සුත්‍රය කොහොමද කියලා.(හේ)
බස් ගාස්තු, ලොරි ගාස්තු, ගෑස් නිසා වැඩි උන කෑම ගාස්තු වලටත් මිල පාලනයක් ඕනේ (නදී)
රොෂාන්ගේ මොළේ තාම වැඩිල නැහැ. මම හිතන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ අඩු ලුහුඬුකම් (බ)
තෙල් මිල අඩු කරන එක ලබන මාසේ වෙනකල්වත් බලන් ඉන්න බැරි අය ඉන්නේ මේ රටේ. මෙපමණ කාලයක් වැඩියෙන් සල්ලි දීපු එක ගැන ටිකක්වත් දුක හිතෙන කෙනෙක් නැද්ද ? (බ)
ඉන්ධනවලට ගන්න බදු නාස්ති නොකර වියදම් කළොත් හරි (බ)
අඩු කරනවානම් සන්තෝසයි අනිවාර්යෙන්ම ත්‍රී වීල් ගාස්තු බස් ගාස්තු වගේ ප්‍රවාහන ගාස්තු අඩු වෙයිනේ අනිවාර්යෙන්ම හොඳ දෙයක් (බ)
කට්ටියට තේරෙන්නේ නැද්ද ඕක අඩු කළාම පරිභෝජනය වැඩිවෙලා පරිසර දූෂණය වැඩිවෙලා විදේශ විනිමය වැඩිපුර වැය කරන්න වෙනවා කියල. අඩු කරන එක ඇත්තෙන්ම හොඳයි. ඒ උනාට එ්කේ අතුරු ප්‍රතිඵල ? (බ)
කොහොමටත් ඉතින් කියනකොට එකක් කරනකොට තව එකක් වෙන එක මේ අයගේ පුරුද්දනේ. මෙයාල කියපු විදියට අඩු කරනවානම් මොනවද කරන්න බැරි. (බ)
ඇත්තටම හොඳ දෙයක් මීට ඉස්සර පොරොන්දු එක්ක බැලුවම ඇමැති ඉල්ලන්නේ සාධාරණ කාලයක් හැබැයි හරියටම වෙනවනම් පටන් ගැන්ම හොඳයි (බ)
සාමාන්‍යයෙන් ලංකාවට මාස තුනකට පමණ අවශ්‍ය තෙල් තොග ගබඩා කර තබා ගන්නා බවයි රජයේ අදහස , ඒ අනුව ඒ තෙල් තොග මිලදී ගත් මිල අනුව තමයි මිල අඩුකිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ එකට ටික කාලයක් ගතවෙනවා ඔය හිටියා වගේ තවටික කාලයක් අපි ඉවසමු (බ)
මෙතුමා කියපු විදියට ලෝක වෙළඳ පොළේ මිල අඩුවුණත් නැතත් අනිවාර්යයෙන්ම තෙල් මිල අඩුවිය යුතුයි. බද්ද අඩුකළ විට තෙල් මිල ඉබේටම අඩුවෙනවා (නි)
බොරතෙල් බැරලයක් ඩොලර් 35 දක්වා පහතට පැමිණිලා නේද? එහි ප්‍රතිලාභය සාධාරණව මහජනතාවට බෙදාදෙන්න (නි)
සත්‍යපාල, දැන්නේ ඕවා කියන්නේ. ඡන්දෙට කලින් කිවුවේ පසුවදා සිට අඩුකරනවා කියලනේ. මොකද ඒ දවස් වල ගණන් හැදුවේ දැන් මිල එක්ක නේද?? (නි)
තරුණ අපිට නම් හොඳට මතකයි තිබෙන බදු ඔක්කොම ඉවත්කරනවා කිව්ව එක. ඕකට ඉතින් සූත්‍ර ඕනෑ නැහැනේ. (නි)
කලින් සුත්‍ර ගැන කිව්වේ නැහැ නේද ? බදු අයින් කරනවා කියලා නේද කිව්වේ ? (නදී)
මෙතුමා ඡන්දදායකයන්ට කිවුවෙ නම් අපිට බලය ලැබුන ගමන් ඉන්ධන වලට පනවා තිබෙන අසාධාරණ බද්ද වහාම ඉවත් කරනවා කියලයි. නමුත් මෙම අසාධාරණ බද්ද අපෙන් දැන් දවස් 10 කටත් වැඩි ප්‍රමාණයක් අයකරගෙන. දැන් ඒ බදු සාධාරණීකරණය වෙලා. (නි)
තාම බලය ලැබිලා දවස් 11යි නේ. අවුරුදු ගානක් ඉවසපු එකේ තව දවස් ටිකක් ඉවසාගෙන ඉන්න බැරි ඇයි. (නි)