හය මාසයක ගවේෂණයකින් පසු හිරියාලේ හිරිපිටියේ කළුගලක් විද අඩි 206 ගැඹුරේ දී ජල දරයක් මතු කැරගත් බවත් මිනිත්තුවට ලීටර් හාරදහසකට වැඩි ජල ප්‍රමාණයක් ඉන් නිකුත් වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලයේ කුරුණෑගල ජල භූ අංශයේ ජ්‍යෙෂ්ඨ ජල භූ විද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා කියයි. සියල්ල නිසි පරිදි සිදුවුවහොත් හිරියාල ජල සැපයුමට මෙම ජල දාරය හා ඒ අසල කැනීමට නියමිත තවත් ළිං ප්‍රයෝජනයට ගැනෙනු ඇත. එහි වතුරේ ස්වභාවය ද හොඳ බවත් එහෙත් තවත් පරීක්ෂණ කැරගෙන යන බවත් වික්‍රමරත්න මහතා පවසයි. ගල මැදින් වතුර මතුවීමත් සමග බොහෝ පිරිස් එහි ඇදී ආහ. ජල හඟයෙන් පීඩා විඳින කුරුණෑගලට ද මේ ජලය බවුසර්වලින් රැගෙන යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහුවට තරහා වෙන්න එපා. කොළඹ සන්නිය වගේ නෙමෙයි නේද? (නි)
අර මන්නාරම් මුහුදේ හමු වූ ගෑස් නිදිය වගේද දන්නේ නෑ..(ස)
හරිම සතුටුයි. (නි)
කොහෙට හරි වතුර ගෙනියන බටයක් ද දන්නේ නැහැ මේ හිල් කරලD තියෙන්නෙ. වෙන පළාතකට වතුර සැපයීම අඩු වුණාද බැලුවා නම්. (නි)
මම නම් කියන්නේ දැං ලංකාවෙත් මුහුදු වතුර පිරිසිදු කිරීමට පටන් ගන්න කාලය ඇවිත්..!(නු)
ඉන්ද්‍රජිත් කියන දේ හරි .මෙම ජල ධාරාව නිසිලෙස කළමණාකරනයට පිටවර ගත යුතුයි. එහෙම උනොත් මේ සතුට හැමදාම බුක්තිවිදින්න පුළුවන් වේවි (ස)
පින් සිද්ද වෙන වැඩක්
රට හොඳ උනත් මිනිස්සු හොඳ නෑ (ස)
අනේ ඉතින් මේකත් සල්ලි කරයිද දන්නෙ නැහැ. (නි)
මෙතන පීඩකයක් මගින් අධික පීඩනයක් යටතේ ළිද පතුලට යොදන නිසා තමයි වතුර උඩට විදින්නේ.. නැතිව ඔතරම් උඩට වතුර උඩට විදින්න විදියක් නැහැ..!(නු)
ෆයිරෝගෙ කතාව සහතික ඇත්ත. මේ ටිකට මෝටරයක් දාලා ඒ වතුර ටිකත් හොරාට අදිනවද දන්නෙ නැහැ. (නි)
මම දන්න තරමින් ඉන්ද්‍රජිත් හරි.ඒ කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් (ස)
එස්.එල්.ටී.තේ. මහත්තයෝ අඩි 206 යටින් බට දාලා යමලෝකෙට වතුර ගෙනියනවා කියලද ඔයා හිතන්නේ.. හැමදේකම වරදි පැත්ත විතරක් බලන්න එපා..!(නු)
නියමයි ! සුබ පැතුම් (ස)
අනේ වාසනාවන් ! මෙහෙම වතුර ලබ්බෙන්නේ චින්තනේ බලයෙන්. දැන්වත් විස්වාස කරන්න! අදහන්න! වාසනාවන්! (ස)
වටිනා ජල සම්පත වර්තමානයේ පමණක් පරිභෝජනය කර විනාශ නොකර මතු පරපුර උදෙසාද රැක ගැනීම කළ යුතුම වේ.(ස)
හොද විදියට, ප්‍රයෝජනවත් දේකට ගත්තොත් තමයි හොද. (නි)
ඉන්ද්‍රජිත්ගේ පැහැදිලි කිරීමට ස්තූතියි. (නි)
අනේ වාසනාවන් (ස)
වාසනාව .........වාසනාව ...!(ස)
කියන්න බෑ අපේ මාමලා ගැන , යටින් මෝටරයක් දාලද දන්නේ නෑ (ස)
මනුෂ්‍ය වටිනාකම දන්නා පිරිසක්
සිතට සැනසීමක්. පිපාසයට දිය බිදුවක්. (නි)
වාසනාවන්! (නි)
මේ නිසා තමයි ලෝකේ උතුම්ම රට ලංකාව කියන්නේ (ස)
හිරිපිටියෙ අයෙක් කියන කතාව හරි.. තාම ඉඩමේ අයිතිකරුවත් දන්නේ නැතිලු මොකද උනේ කියලා.. අනේ මන්දා එක්කෙනෙකුට රස අනෙකාට වස කියනවානේ..!(නු)
වාසනාවන් (ස)
මෙතන කළුගල් පර්වතයක් නම් නැහැ. ඒ උනත් පොලොව යට තියෙන වතුර සීමා සහිත ප්‍රමාණයක්. ප්‍රවේශමෙන් ප්‍රයෝජනවත් විදියට පාවිච්චියට ගන්න විදියට හැදුවොත් ලොකු දෙයක්. (ස)
අනේ කුරුණෑගලට වාසනාවන් (ස)
මෙහෙම මතු උනා කියන්නේ තව තැනකට වතුර නැති වුණා කියන එකයි (ස)
බොහොම හොඳයි , ඒත් ඉහාගෙන කන දේ පිහාගෙන නොකා අර පරිස්සමින් පාවිච්චි කරන්න (ස)
පොලවේ තියෙන වතුර ටිකත් ගොඩට ඇදලා ඉවරකරයිද කියලත් කියන්න බෑ (ස)
වංශය කබල් ගාන කට්ටිය අවදි වෙලා හැඩයි. (නි)
අපේ මව් භූමියේ වටිනාකම දැක්කද ? ලෝකෙන් උතුම් රට ලංකාවයි (ස)
ආසියාවේ ආශ්චර්යය, ඇතුගල් පුරයෙන්... (නි)
මේ අධික පීඩනයක් යටතේ ඉහලට එන්නේ භූමියේ මීට ආසන්නතම ඉහල මට්ටම් වල පාෂාණ සතර අතරේ කාලාන්තරයක් තිස්සේ රැඳවී පැවැති සංචිත ජලයයි. මේවා මෙහෙම හැමදාම ගොජ දමමින් ගලායන්නේ නැහැ. තැඹිලි ගෙඩිය හිල් කරපුවාම වගේ තමා. මේ සංචිත පිරිමහගෙන පාවිච්චි කරන්න දැනුවත් කරනවා මිස මහා නොනවතින නිධානයක් පහල වීමක් හැටියට සලකා නාස්ති කරන්න අනුබල දීම අයහපත් දෙයක්. අනික් කාරණේ, පාෂාණ සතර අතර පැවැති ද්‍රවස්ථීතික පීඩනය මෙසේ අඩු වත්ම භූමියේ ස්ථාවර බව බිඳ වැටීමට සුළු ඉඩකඩකුත් පවතිනවා. මේ සියල්ල අඩංගු වුනොත් තමා මේ පුවත සම්පූර්ණ වන්නේ. කෙසේ වුනත් මෙය ජනතාවගේ යහපතට යෙදවෙවා කියා පතමු. (ස)
ලක් දෙරණට වාසනාවන්, කුරුණෑගලින්. (නි)
"නිරාන් මේ නිසා තමයි ලෝකේ උතුම්ම රට ලංකාව කියන්නේ" 'මේ නිසා' කියන්නේ.., අධික පෑවිල්ල හේතුවෙන් ඇති වූ ජල හිඟය දුරලන්න මිහිකත සතුව පරිස්සමට තියාගෙන හිටි දේවල් පවා හූරගෙන කන්න බොන්න සිදු වීම නිසාද? (ස)
අපේ ලිංවල වතුර අඩුවෙන්නේ මේ නිසානෙ..!(නු)
අන්තිම බිංදුව ලංකාවට (ස)
ගොඩක් සතුටුයි. අහිංසක සත්තූන්ට ප්‍රයෝජණය පිණිසත් යම් ක්‍රියා මාර්ගයක් ගත්තොත් නේද හොද...? (ස)
ඉන්ද්‍රජිත්ගේ අදහස ගොඩක් වටිනවා. (නි)
සමහරවිට අහලපහල ජලාශවලට බලපෑමි ඇතිවීමට පුලුවන් .ඒසේ නොවීමට කටයුතු කරන්නේ නම් ඉතා හොදයි. (ස)
මේ කරන්නෙ එතරම් හොද වැඩක් නෙමෙයි. ස්භාව ධර්මය සගවාගෙන සිටින දේවල් බලෙන් උදුරා ගන්න හොද නැහැ.. මේවාගේ ප්‍රතිවිපාක අනාගතයේ දවසක විදින්න වෙයි..!(නු)
රටේ තියෙන වනාන්තර ජුන්ඩත් කපලා විකුණා ගන්නවා වගේ පොළව යට තියෙන ගල් ජුන්ඩත් කඩලා විකුණා ගත්තොත් මොනද වෙන්නේ? (නි)
අපේ මිනිසුන් හරි හදිසි කාරයොනේ.. ඉස්සරත් ඔහොම නළ ලිං හෑරුවා ටම මතකයි.. ඒවගෙමුත් ඔහොම ආවා.. අනේ ඒ වගේ දැං හුලං එන්නෙ.. සමහර ඒවගේ කටේ තියන්න බැහැ කිව්ල් රහයි.. මේකත් එහෙම වෙන්න බැරි නැහැ.. කුරුණෑගල හුණුගල් තට්ටුවක් තියෙනවා ඒ පැත්තේ..!(නු)
දැක්කම ආස හිතෙනවා. වාසනාවන්! කුරුණෑගල හිරිපිටිය ප්‍රධාන මාර්ගය අසළ හිරිපිටිය වැව් ඉස්මත්තේ වෙල් යාය... දැක්කම ගමේ යන්න හිතුණා. ගිය මාසේ ගියාම ගමේ හැමෝම හූල්ල හූල්ලා හිටියේ වැස්ස නැහැ කියලා. ඊයෙ නම් වැස්සලු. අද මෙහෙම වෙලා. ගෙදරට කතා කළා. තාම ඒ අයවත් දන්නේ නැහැ. ඉන්ටනෙට් මැජික් එකක් නම් නොවේවා! (නි)
ඉන්ද්‍රජිත් කියන කතාව හරියටම හරි. මේක මහා මෝඩම මෝඩ වැඩක්. වැස්සක් වැසසහම හිදුන වැවක් පිරුණාට, භූගත ජලය එහෙම වැඩි වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරලා ඉවර කළොත් ආයෙත් ඇති වෙන්න බොහොම කාලයක් ගත වෙනවා. හරියට තෙල් නිධියක් ඇති වෙනවා වගේ. දැන් පුත්තලම පැත්තේ නළ ලිං හදලං හදලම භූගත ජලය නැති වෙලා තියෙන්නේ. කුරුණෑගලටත් මෙයාලා ඒ ටිකම තමයි මේ කරන්නේ. රටකට ප්‍රතිපත්ති තීරණ ගන්න බුද්ධිමත් පාලකයන් වගේම ජල කළමනාකරණ පනතක් ඕනෑ කියන්නේ, මෙන්න මේ වගේ මෝඩ වැඩ නවත්වලා අනාගතය වෙනුවෙන් ජලය සුරක්ෂිත කරන්න. එත් අපේ රට කවදා මේවා ඉගෙන ගනියි ද ? (නි)