පාපැදි පුහුණුකරුවකු වන පී. ඇන්තනී සිමන්ස් මහතා ජාතික පාපැදි පුහුණුකරුධූරය තමන්ට ලබාදීමට දිගින් දිගටම වළක්වා ඇතැයි කියමින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
ඒ වෙනුවෙන් තමන්ට වන්දි වශයෙන් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් රුපියල් මිලියන තුනක මුදලක් අයකර දෙන ලෙසද ඔහු එම පැමිණිල්ලෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
කි‍්‍රඩා ඇමතිවරයා ඇතුඵව කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි, හිටපු කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වන මිල්ටන් අමරසිංහ හා කී‍්‍රඩා අමාත්‍යංශයේ හිටපු ලේඛම්වරයෙකු වන එස්. ලියනගම මහතා යන මහත්ම මහත්මීන් එම පැමිණිල්ලේ වග උත්තරකරුවන් කර තිබේ.
වසර 2005 දී ජාතික පාපැදි පුහුණුකරු ධූරය තේරීමේදී නීති රෙගුලාසිවලට පටහැනිව උපාලි රත්නායක මහතා එම ධූරයට තෝරා ගැනීම එන්. කරුනාරත්න මහතාගේ බලපෑම් මත පාපැදි කී‍්‍රඩාවට කිසිදු සමබන්ධයක් නැතැයි කියන ඔහු තෝරා ගැනීම වසර 2012 දී පැවති ජාතික පාපැදි පුහුනුකරු සම්මුඛ පරීක්‍ෂණයට කී‍්‍රඩා අමාත්‍යංශයේ ලියාපදිංචිවී තිබියදී තමන් නොකැදවීම, 1997-2000 කාල සීමාවේදී පුහුණුවීම් මෙහෙයවීමෙන් තමන්ට අයවිය යුතු රුපියල් 75000 කට අධික මුදල අයකර දෙන ලෙසද සිමන්ස් මහතා පැමිණිල්ලෙන් දක්වා තිබේ. නිහාල් කුලසේකර, ජයලත් අපෝන්සු හා ලෙස්ලි රූපසිංහ යන මහත්වරු පාමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස දක්වා තිබේ.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
823
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාපැදි පුහුණුකරු සිමන්ස් කී‍්‍රඩා ඇමතිගෙන් මිලියන 3ක් ඉල්ලයි
ජනුක Tuesday, 23 April 2013 06:56 AM
ඒකනේ මේ වගේ ක්‍රීඩාවල කවදාවත් දියුණුවක් දකින්න නැත්තේ. (නි)