සුදොතුම් පාප් වහන්සේගේ ඡායාරූපයක් බදාදා (16) කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී විවෘත කිරීමට නියමිතය.
පාප් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතින් මෙම ඡායාරූපය විවෘත කෙරෙන බව පැවසේ.
කොළඹ මහ නගර සභාව ස්ථාපිත කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් හා සමරු වැඩසටහනක්ද පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපසිංහ මහතා එහෙම හිතන්න එපා. ඕස්ටේලියාව කිතුනු රටක් උවත් තමාගේ ආගම අදහන්ට නිදහස තියෙනවා. හැම නගරයකම වෙහෙර විහාර පන්සල් බුදු පිළිම තිබෙනවා. (නදී)
ලංකාවේ බුදුදහම නැති කරන්නේ හාමුදුරුවරු. මොකද එයාල දන්නේ නැහැ එයාලගේ රජකාරිය. දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා එයාලගේ තැනත් ආගමට තියන තැනත් නැති කරනවා. අනිත් ආගම් වල නායකයෝ එහෙම නැහැ (නදී)
රූපසිංහ මහත්තයෝ ඉතාලියේ විතරක් බෞද්ද පන්සල් කියක් තියනවද කියල හොයල බලන්න ආගම් වලට ගරහන්න ඉස්සෙල්ලා (නදී)
හොඳයි ...හොඳයි ...(බ)
රූපසිංහ, මෙතැන කවුරුත් යුරෝපයේ ජීවත්වීම උජාරුවක් කියල නෑ. ක්‍රිස්තියානි ආගමිකයන් වැඩි රටවල බෞද්ධයන් සුළු ජන කොටසක් තමා. හැබැයි මිනිස්සුන්ගේ බදු මුදලින් බෞද්ධ පන්සල් වලට සහ අනෙක් ආගම් වලට ආධාර කරනවා බොහෝ රටවල. (ම)
රූපසිංහ නොදන්නවා උනාට යුරෝපයේ හැම රටකම හැම නගරයකම විහාරස්ථානයක් තියෙනවාමයි ...සමහර නගරවල පන්සල් එකක් නෙමෙයි දෙකක්ම ...(ම)
රූපසිංහ මහතා වගේ අදහස් තියන අය නිසා තමා රට තුළ ජාතිවාදය ඇතිවෙන්නේ. (නි)
අලුත් වෙනසක්! (නි)
රූපසිංහ කියන අය ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ . (ස)
හැබැයි ඔය රටවල අපේ නායක සංඝයා වහන්සේ කෙනෙකුගේ තබා අප මහා බුදුරජාණන් වහන්සේගේ ඡායාරූපයක්වත් ප්‍රදර්ශනයට තබා තිබෙනවද? (නි)
අනේ හොඳයි.වාසනාවන්. (නි)
රුපසින්හට විරුධව අදහස් දාපු අය විජය කියන කෙනාගෙන් පැවතෙන සිංහලයෝ .රාවණ ගෙන් සිව්හෙලයන්ගෙන් පැවතෙන අය අදහස් වලින් අදුන ගන්න පුළුවන් .රටට විපතක් අකටයුත්තක් වෙනකොට කෙන්ති යන්නේ රටේ නියම අයිති කාරයන්ට (බ)
අයියෝ මේවා ප්‍රශ්න කරගන්න එපා මිතුරනේ.ජාති ආගම් බේද පසෙකලා කටයුතු කරන්න බලමු සුහදත්වයෙන්.(ම)
රූපසිංහ , අනෙක් රටවල් වල ඕනෑතරම් පන්සල් තිබෙනවා. හාමුදුරුවරුත් නිදහසේ ඉන්නවා. (නි)
අපරාදේ මට බැරිවුණානේ මාගේ අදහසට කිපුණු අයට හරි පිළිතුරක් දීගන්න. මම ජීවත් වුණෙත් යුරෝපයේ තමයි මහත්වරුනි. ඒකේ ඇති උජාරුවක් මට නැහැ. මමත් ඉතා මහන්සියෙන් වැඩ කරලා තමයි ජීවත්වන්නේ. නිසි පිළිතුර මේකයි. මෙහෙ තියෙන පන්සල් අතලොස්සක් යුරෝපියන්ට මිස වැඩිපුර සේවයක් වන්නේ මෙහි රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට පමණි. එම සියලු පන්සල් ගොඩනඟා ගැනීමට හේතුවූයේ මෙහි වැඩකරන අප ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රමයෙහි බලයෙනි. (නි)
ජාතිවාදය තුලින් කුහක කම් පාන අය මේ තුලින් පේනවා නේද ? (ම)
රූපසිංහ මහත්තයෝ ඉතාලියේ විතරක් බෞද්ධ පන්සල් කියක් තියනවද කියල හොයල. (ස)
වැඩ වැදගත් හොඳ දේ අගය කිරීම සහ ඒ අයව ප්‍රශංසා කිරීමයි. (ම)
රූපසිංහ දේශපාලකයින්ට පන්දම් අල්ලන්නේ නැති බෞද්ධ සංඝයා වහන්සේලා බිහි උනොත් අපටත් යුරෝපයේ විතරක් නෙමේ හඳේ උනත් සංඝයා වහන්සේලාගේ පිළිරුවක් ප්‍රදර්ශනය කර ගැනීම මහා ලොකු දෙයක් නෙමෙයි. (ස)
ඒක තමයි නේද ශ්‍රීමාන් (නි)