IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාප්තුමෝ ලංකාවෙන් සමු ගනිති

අති උතුම් ශුද්ධෝත්තම  ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  අද උදෑසන සිය ශ්‍රී ලංකා සංචාරය නිමකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් පිලිපීනයේ මැනිලා නුවර බලා  දිවයිනෙන් පිටත් වුහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු මැති අැමතිවරු රැසක්   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ පැවති සමුදීමේ රාජ්‍ය උත්සවයට පැමිණියහ.

පාප් වහන්සේ රතුපලස මතින් පැමිණ ශ්‍රී ලාංකිකයන්ට ආශිර්වාද කරමින් දිවයිනෙන් සමුගත්හ.

ශ්‍රී ලංකා රජයේ සහ කතෝලික සභාවේ ආරාධනයකට අනුව ඉකුත් 13 වෙනිදා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්  වහන්සේ වතිකානු රාජ්‍යයේ සිට මෙරටට සැපත් විය.

උන්වහන්සේගේ මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2015 වසරේ ප්‍රථම ආසියානු නිල සංචාරයද වෙයි.

උන්වහන්සේ මෙරට රැදි සිටි කාලය තුළ  සර්ව ආගමික නායකයන් හමුවුහ.

පාප් වහන්සේගේ  ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දිව්‍ය පූජා යාගය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත් වු අතර උන්වහන්සේ  ජෝශප් වාස් මුනිතුමන් ශුද්ධවරයට ඔසවන ලදී.

ඒ අනුව ශුද්ධවු ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා බවට පත් විය.

ඉන් අනතුරුව උන්වහන්සේ  මඩු දේවස්ථානයට ගොස්   යාච්ඥා මෙහෙයක් ද පැවත්වුහ.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දර දෙකක් හා රුපියල් 5 සමරු කාසියක් නිකුත් කෙරිණි.

01 02 03

 



අදහස් (0)

පාප්තුමෝ ලංකාවෙන් සමු ගනිති

නලින් Thursday, 15 January 2015 04:07 AM

දෙවිඳුන්ට ප්‍රශංසා වේවා! සුදොතුම් සංචාරය සාර්ථක කර ගැනිමට මහන්සි වූ සියලු දෙනාටම ජේසු පිහිටයි! (නි)

:       0       0

රෝහණ‍ Thursday, 15 January 2015 04:36 AM

ඔබ වහන්සේට ජේසු පිහිට පතමි. (නි)

:       0       0

හර්ෂාන් Thursday, 15 January 2015 04:49 AM

අපේ රටට ලොකු ආශීර්වාදයක් ජේසු පිහිටයි (බ)

:       0       0

චතුරි Thursday, 15 January 2015 10:20 AM

සුබ ගමන් (බ)

:       0       0

සල්ගාදු- ප්‍රංශය Thursday, 15 January 2015 07:23 AM

ඔබට තුනුරුවන් පිහිටයි , ජේසු පිහිටයි , අල්ලාහ් පිහිටයි , නැවත එන්න අපේ රටට.(හේ)

:       0       0

ලසිත් Thursday, 15 January 2015 08:33 AM

සුභ ගමන්.! නැවත අපේ රටට එන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site