IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාප්තුමෝ රන් පොතේ අත්සන් කරති

ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගරු කරමින් ආගමික හා දේශපාලන සංහිඳියාව ඇති කරන රටක් බවට පත්වනු දැකීම තම අභිලාශය බවත්, ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය දැඩි ලෙස අගය කරන බවත් ෆ්‍රැන්සිස් පාප්තුමෝ කටුනායක ගුවන් තොටේ දී අද (13) උදේ පැවසූහ.

ශ්‍රී ලංකා රජයේ හා මහජනතාවගේ ඉහළම ගෞරව සම්මාන මැද්දේ පාප්තුමා විශේෂ නියෝජිත පිරිසක් සමඟ වතිකානයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායකට සැපැත්වූහ.

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා හරසරින් පිළිගත්තේය.

ත්‍රිවිධ හමුදා උත්තමාචාරය මැද රතු පලස ඔස්සේ විශේෂ පීඨිකාවට සැපැත් වූ පාප්තුමා මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඇතුළු කතෝලික පූජාකවරුන් හා වෙනත් ආරාධිතයන් හට අතට අත දුන්නේය.

ගුවන් තොටුපොළේ ස්වර්ණ පුස්තකයේ සිය අත්සන තැබූ පාප්තුමෝ ගුවන්තොටේ සිරිලක් මැදුරට කැඳවාගෙන යන ලද්දේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පාප්වහන්සේ අද සවස කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකාවේ ආගමික නායකයන් හමු වීමට නියමිතය.

එතුමන් සිරිලක් මැදුරේ විවේකයෙන් පසු විවෘත රියකින් කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරනු ඇත.

දැනටම කටුනායක කොළඹ මාර්ගය දෙපස දහස් සංඛ්‍යාත ජනකායක් එතුමාට ගෞරව දැක්වීම පෙළ ගැසී සිටිති.

තම ලංකා ගමන කතෝලිකයනට පමණක් නොව සියලු ආගමිකයනට ආශිර්වාදයක් වනු ඇතැයි පාප්තුමෝ කීහ.

ශ්‍රී ලංකාවේ ජාතීන් හා ආගම් අතර යළි ගැටුම් ඇතිවී තුවාල පෑරෙන්නට ඉඩ නොදිය යුතු බවත්, එසේ වීමට ඉඩ දුනහොත් ආගමික ගැටුම් හට ගැනීමේ ඉඩ කඩ ඇති බවත් එතුමෝ කීහ. එවැනි තත්ත්වයක් ඇති නොවේවා යන්න තම පැතුම බව ද පාප්තුමෝ පැවසූහ.

සියලු ආගමිකයන් අන්‍යෝන්‍ය සහගෝගයෙන් හා සුහදත්වයෙන් කටයුතු කරනු ඇති බව තම එකම බලාපොරොත්තුව බව ද කීහ.

නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාප්තුමන් පිළිගනිමින් පැවසුවේ නව පදවියේ වැඩ භාරගෙන දිනකින් පාප් වහන්සේ පිළිගැනීමට ලැබීම තම ජීවිතයේ සුවිශේෂී කරුණක් බවයි. එතුමන් පෙන්වූ සාමකාමී හා සංහිඳියා මාර්ගයේ ගමන් කිරීමට රජය ඉතා ඕනෑකමින් පියවර ගන්නා බවත් එවැනි වටපිටාවක් ඇති කිරීම සඳහා එතුමන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවත් කීවේය.

_DSC0169 _DSC0172 _DSC0176 _DSC0186 _DSC0187 _DSC0204 _DSC0206 _DSC0207

B7MzZW_CMAI79t9.jpg-large

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

_80224901_fd862037-4f2e-407e-bbfa-186f459cafee

(ඡායාරූප බීබීසී )

016-1024x576 026 033

(ඡායාරූප - නෙත් නිව්ස් අනුග්‍රහයෙනි)

ebcc50376ac6d5cca970e2fa361f6766_L

(ඡායාරූපය - ඒෂියන් මිරර් අනුග්‍රහයෙනි)

_DSC0005 _DSC0006 _DSC0011 _DSC0047 _DSC0108 _DSC0131 _DSC0143 _DSC0159 _DSC0171 _DSC0200 _DSC0239 _DSC0245 DSC_0244 DSC_0250 IMG_0156 IMG_0171 IMG_0173

(ඡායාරූප- ඉෂාන් සංජීව)

 

 



අදහස් (0)

පාප්තුමෝ රන් පොතේ අත්සන් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site