ශූද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ලංකා ගමනය වෙනුවෙන් ඉන්දියාවේ ගෝවේ සිට කතෝලික බැතිමතුන් 1200 ක් මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි.
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේදී භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධවරයට එසැවෙන අතර එම පියතුමන් ඉන්දියාවේ ගෝවේ සිට මෙරටට පැමිණි කතෝලික ධර්ම දූත සේවාවේ නිරතවුවෙකුද වේ.ඒ හෙයින් මෙම ගෝවේ බැතිමතුන් පිරිස දිවයිනට පැමිණෙන බවද එම සභාව කියා සිටි.
පාප් වහන්සේ සහභාගී වන එකම දිව්‍ය පුජාව ලබන 14 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන අතර එහිදී භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධවරයට එසැවේ.ලංකාවෙත් ශූද්ධ වරයට නම් කෙරෙන එකම පියතුමන් වන්නේ භාග්‍යවත් ජුසේ වාස් පියතුමන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෝලිකයන්ට මුවාවෙලා වෙන වෙන දේවල් සඳහා ලංකාවට එන අයත් මේ අතර ඉන්න පුලුවන්. ඉතාමත් කල්පනාකාරී වියයුතු අවස්ථාවක් !!! (නි)