ෆැන්සිස් පාප්තුමා ආජන්ටිනාවේ ගෝනෝස්අයර්ස්හි අගරදගුරු වහයෙන් සිටියදී 1976 දී පූජකවරුන් දෙදෙනකු පැහැර ගැනීමට ආජන්ටිනාවේ මිනීමරු මිලිටරි ජුන්ටාව සමග හවුල් වී සිටි බවට ආජන්ටිනාවේ මානව හිමිකම් පිළිබඳ නීතීඥයෙක් පැමිණිල්ලක් කර ඇත. නව පාප්තුමන් පත්වූ සැණින්ම මේ චෝදනා ඉතාලි පුවත්පත් කිහිපයක අද පළවිය.
එය පරණ චරිත ඝාතනයකියි පාප්තුමාගේ ප්‍රකාශකයෙක් කියයි.
ආජන්ටිනාවේ දේශාපන සිරකරුවන් සොයා ගැනීමට 1976-83 ඒකාධිපති පාලන සමයේ නව පාප්තුමා මානව හිමිකම් කණ්ඩායම් වලට බාධා කළ බවත්, එදා රජය මිනිසුන් සිය දහස් ගණන් මරද්දී ඒකාධිපති රජයට එරෙහිව කතෝලික පල්ලි අපොහොසත් වූ බවත් තවත් චෝදනාවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පාප්තුමාගෙන් ලංකාවට ආශිර්වාද ගන්න පුළුවං වෙයි..!(නු)
මේ රටේ තරම් අනෙක් ආගම් වලට අපහාස කරන වෙනත් රටක් ලෝකයේ වෙන කොහේවත් ඇතියැයි මම නම් නොසිතමි. (නි)
ඕවා ඔහොම තමයි. නරකක් කියන්න කට ඇරුණට හොදක් කියන්න මිනිස්සුන්ගේ කටවල් ඇරෙනවා අඩුයි. (නි)
මෙතුමත් ලංකාවෙ කෙනෙක් වගෙයි..!(නු)
ගින්නක් නැතිව දුමක් නොනගී..!(නු)
තෝරන්න පෙර හෙළිකරන්න බැරිඋනාද?(නු)
දැන් ඔය පාප් වහන්සේව තෝරාගෙන තියෙන්නෙත් දෙවියන් වහන්සේද? (නි)
කාටද කරදර නැත්තේ (දී)
කළු දුම් දෙවරක්ගැසුවේ මේ දේවල්වලට වෙන්න ඇති..!(නු)
මහේෂ්, ස්ත්‍රී දූෂණ කරපු හාමුදුරුවරුනුත් අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. (නි)
මේකට තමයි අට ලෝ දහම කියන්නේ.. බුදුන්ටත් ජේසුතුමාටත් මඩ ගැහුවා ඒ කාලේ..!(නු)
පිදිය යුත්තා පුදනු මිස ගැරහීමෙන් වැළකිය යුතුය. (නි)
හැමෝගෙම කිල්ලොටවල හුණු ටික ටික තියෙනවා නේද?(නු)
කළු දුම් වල තේරුමක් තියෙනවා එහෙනම්..!(නු)
පාප් තුමාට කවුරු පත් උනත් ඒ තේරුණ කෙනාට අකමැති අය ප්‍රකාශ කරනවා.. මේ ලෝකෙ කවුද වැරදි නොකරන්නේ කියලා පුළුවන් නම් එදාට ඒ දේ කියන්න..!(නු)
දෙවියන්වහන්සේගේ නියෝජිතායට කියන කතා..!(නු)
අරවින්ද, දැන් බලන්න හැමෝම කිව්වේ , හිතුවේ ඉතාලියෙන් නැත්නම් බ්‍රසීලයෙන් පත් වෙයි කියලනේ . එත් පත් වුණේ සුදුසන් අතර විසිදෙනාටවත් හිටපු නැති කෙනෙක්නේ. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේද මේක කාර්දිනල්වරු ඡන්දෙ දුන්නට උන්වහන්සේලාගේ යාඥාවන් තුල සැබවින්ම ක්‍රියාකරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. මිනිසුන්ගේ කැමැත්ත නෙමෙයි දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ. ඒ බව මේකෙන් පැහැදිලි වෙන බව මගේ විශ්වාසයයි. (නි)
මටනම් අනුමත කරන්න බැහැ (දී)
එහෙනම් මෙතුමා අවුරුදු කීයක් ඉදීද දන්නේ නැහැ.. (නු)
ඔබ වහන්සේ සැලෙන්න එපා (දී)
ඒවා කතා වැඩ (දී)
මමත් බෞද්ධයෙක්. මේ ලෝකයේ වැරදි නොකරන කවුරුහරි ඉන්නවා නම් මට කියන්න බලන්න. (නි)
අලි, ස්ත්‍රී දූෂණ ගැන කතා කරලා ඔයා උඩ බලාගෙන මූණට කෙළ ගහගන්නද හදන්නේ? (නි)
මේ ඔක්කොම මඩ.. උන්වහන්සේ ආරජින්ටිනාවේ කාදිනල්වරයෙක් වෙලත් උන්වහන්සේට කාර් එකක්වත් නැහැලු.. උන්වහන්සේ ගමන් බිමන් යන්නේ පයින් හෝ බස් එකෙන් විතරලු.. උන්වහන්සේ පාප්තුමා උන් පසුව ඔහුට හිමි බෙන්ස් රථයේ ගමන් නොකර අනෙක් කාදිනල්වරුන් සමග වෑන් රියෙන් ගියේ.. මොකද හේතුව උන්වහන්සේ ජේසු නිකායේ ප්‍රැන්සිස්කන් වීමයි.. සාන්ත පැන්සිස් මුනිතුමාත් සියළුදේ අතහැර දුප්පතුන් සමග ජීවත් වූ අය..!(නු)
මේ පාප්තුමා හොද කෙනෙක් වෙන්න පුළුවං..!(නු)
සියල්ල ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්තනේ. (නි)
මෙන්න දැං තමයි නියම කළුදුම් ගහන්නේ..!(නු).
අලි හරි, හැම ආගමක්ම අදහන අය හරි වැරදි දෙකම කරනවා. ක්‍රිස්තියානි, මුස්ලිම් විතරක් නෙවෙයි, බෞද්ධ අයත් වැරදි කරනවා. හාමුදුරුවරු, ෆාදර්, ලෙබ්බේ කියන්නේ බුදුන්වත් ජේසුවත් නෙවෙයි. (නි)
හිටපු පාපේ වහන්සේ පත්වුණහමත් ඔහොම මඩ තිබුණනේ. (නි)
කාටහරි මඩක් ගහන එක ලෝකෙ හැටි.. මේවා නිසා කම්පා නොවීම තමයි හොද..(නු)
වැඩේ හලාල් උනාද පටන්ගන්න කොටම? (අ)
මිනිසුන් ඉතිහාසයේ සිදවූ අදහම් වැඩ නවත්තන්න පල්ලියේ මැදිහත්නොවීම සැළකිල්ලට ගත්තොත් පාප්වහන්සේ කෙනෙක් ගොයන එක ලෙහෙසි වෙන්නේ නැහැ..!(නු)
ලංකාවෙන් පත් වුණා නම් ජිනීවා අයට ඒකත් ප්‍රශ්නයක් වේවි. (නි)
දැන් අපි මඩ චෝදනා නවත්වමු. කොහොම නමුත් වත්මන් පාප්තුමා පත්කර අවසන්. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න අපි ඔහුට සුබ පතමු. (නි)
අයහාපත් ලෝකය යහපත් කරන්නට ඔබ වහන්සේට හැකියාව ලැබේවා. (අ)
ඉතාලියෙන් මඩ ගහන එකයි හිතා ගන්න බැරි (දී)
පාප්තුමාට එයාගේ වැඩක් කරගන්න දීලා අපි අපේ වැඩක් බලාගෙන ඉමු.. එතකොට ඉවරයිනේ.. අනුන්ගේ දේවල් වලට කෑගහන්න යන්නේ නැතිව.!(නු)
දෙයියෝ සාක්කි (දී)
පටන්ගත්තගමන්ම මඩ..!(නු)
ප්‍රදීප් කරුණාකරලා මම කියන දේ තේරුම් ගන්න. (ස)
වතිකානුවේ කොහොමත් ඔහොම තමයි.පාප් තුමා වෙන්න එකත් සුදුසු කමක්ද කවුද දන්නේ.(නු)
තරහක් පිරිමහනවත්ද (දී)
සම්පත් වෙනත් අයට කියන කොට ඔයාලට පුදුම තෘප්තියයක් තියෙන්නේ නේද ? හැබැයි ඔයාගේ ආගමත් කවුරුත් මොකුත් කියන්න හොද නැහැ නේද ?
ලංකාවේ වෙන සමහර දේවල් එක්ක බලද්දී මේක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
ලෝකෙම මඩ ගහනවා වගේ ඒ පාර (දී)
මං හිතුවෙ පාප්තුමා අපේ ලංකාවෙන් තෙරෙයි කියල.(නු)
කොහොමත ගල් වදින්නේ ඵල ඇති රුකුටනේ. (ස)
බණ්ඩාර, වැරදි නොකරන බෞද්ධයින් සහ අන්‍ය ආගමිකයින් ඕනෑතරම් ලෝකයේ සිටිනවා. (නි)
හරියටම හරි සිරි (නි)
මටනම් හිතා ගන්නවත් බැහැ (දී)
දම්මි, කලින් ජේසුස් වහන්සේ ගැන කතා කරමු. උන්වහන්සේටත් මිනිස්සු කොයිතරම් නම් මඩ ප්‍රහාර , බොරු චෝදනා කළාද ? ඒවා නවත්තන්න කාටවත් බැහැ. ඒක ලෝක ස්වභාවය නෙමෙයි මිනිසුන්ගේ ස්වභාවය. (නි)
ක්‍රිස්තියානු, මුස්ලිම් ආගම් වල මේ දේවල් ගොඩක් ලොකු ප්‍රශ්න නෙමෙයි නේද? (නි)
අනේ. පුද්ගලික තරහක් තමයි මේ නම් (දී)