ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ අසහාය ආගමික නායකයා වන අතිඋතුම් ෆ්‍රන්සිස් පාප් වහන්සේ රැගත් විශේෂ ගුවන් යානය මින් ස්වල්ප මොහොතකට පෙර දිවයිනට සැපත් විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්‍ගේ පර්යන්තයේදී උන්වහන්සේ රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය.
අනතුරුව ජනපතිවරයා විසින් උන්වහන්සේව රතු පලස මතින් විශේෂ පිඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබීය.
පාප්වහන්සේ හෙට පෙරවරු 9.00 ට ගාලුමුවදොර පිටියේදී විශේෂ දේව මෙහෙයක් පවත්වනු ඇත. මෙම දේව මෙහෙයේදී ශුද්ධ වූ ජුසේවාස් මුනිවරයාද ශුද්ධත්වයට පත්වනු ඇත. මෙම අවස්‌ථාවට ලොව ඉන්දියාවේ සිට 1200 ක බැතිමත්හු පිරිසක්‌ද සහභාගි වෙති.
අනතුරුව උන් වහන්සේ හෙට සවස 2.00 ට මඩු මාතා දේවස්‌ථානයේදී විශේෂ දේවමෙහෙයක් පවත්වනු ඇත. මෙම දේව මෙහෙයට ලක්ෂ පහලොවක පමණ බැතිමතුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.
පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ මුද්දර දෙකක් සහ රුපියල් 500 සමරු කාසියක් නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇති අතර එම සමරු මුද්දර අද අරලියගහ මැදුරේදී පාප් වහන්සේට පිරිනැමේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි පාප්වහන්සේ ප්‍රැන්සිස් පාප් වහන්සේයි.
උන්වහන්සේ කටුනායක සිට කොළඹට පැමිණෙන මග දෙපස විශේෂ ආරක්ෂාව යොදවා ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාප්තුමා පිළිගන්න හිටියේ මහින්ද රාජපක්ෂ මහතා නේද? රනිල් ජන 9 උදේ එහෙම නේද ඉල්ලෙමක් කලේ ? එහෙම දීපු වචනය වෙනස් කලේ මොකද ? (ස)
කතෝලික අපිට ලැබුණු බොහොම වටින අවස්ථාවක්. අප රටින් මෙවෙනි පිළිගැනීමක් ලැබුන එක ගැන ගොඩක් ගෞරවනීයයි, මෙම කටයුත්තටත් දේශපාලන මතගැටුම් ගාවගන්න එක එච්චර හොඳ නෑ. එතුමාව පිළිගන්න රාජ්‍ය නායකයන් කිසිම කෙනෙක්ට නිල ආරාධනයක් අවශ්‍යමද? කුමන හෝ ආගමක වටිනා කටයුත්තක් සම්බන්ධයෙන් දේශපාලන විරසක අැති කර ගන්න හොඳ නෑ.(හේ)
සාදරෙයන් පිලිගන්නවා සුදතම් පියාණනි. (ස)
කාට කියන්නද ඕවා. පොරොන්දු ඉටු කරන හැටි බලමු (බ)
සමන් පාදුක්ක විදාන මහත්මයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක් නොවේද කොහෙද? එච්චරයි ඒ මහත්මයාට මට කිවහැක්කේ. (නි)
අද මුලු ලෝකයම අපේ රට දිහා බලන් ඉන්නේ.මේ අවස්ථාව ගොඩක් වටිනවා.(හේ)
මෙය අපට ලොකු ගෞරවයක්.(හේ)
මහින්ද රජපච්ක්ෂ මහතාටත් එන්න කිව්වා නම් මුළු ලෝකෙම අපේ සංහිදියාව දකිනවා. එහෙම හිතුනේ නැත්ද ආණ්ඩුවේ කාටවත් (නදී)
ශ්‍රී ලාංකික අපි ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා (දිල්)
සුරේෂ් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ නෑ වගේ හොදට හොයල බලන්න. (දිල්)
පාප්වහන්සේව පිළිගන්න අවස්ථාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට දෙන්න තිබුණා. (දිල්)
බලතන්හාවෙන් හිටපු අය නරඹන්නන් බවට පත්වී මෛත්‍රී යුගයක රටට ලැබිය යුතුම දේවාශිර්වාදයන් උන්වහන්සේගෙන් හෙට දවසේ ලැබේවි. (බ)
පොරොන්දු ඉටුකරන විදිහ අපිත් බලාගෙන ඉන්නවා ,(හේ)
මෙවැනි දේවල් වලට දේශපාලනය ගාවගන්න එපා. (ස)
පාප්තුමාට ලංකාවට සැපත්වීමට ආරාධනා කලේ කවුද කියා දැන් කාටවත් මතක නෑ. (ස)
සුරේෂ් මහත්තයෝ, හිටපු ජනාධිපති තුමාට ආරාධනා කළා කියලා පත්තර වල තිබුනා දැක්කේ නැද්ද? ඉතින් ආවේ නැතිනම් මොනවා කරන්නද? (බ)
කුමාර මමත් එ්කම තමයි හිතුවේ. එතුමාට ආරාදනා කළා කියලා තිබුනා. පිළිගත්තේ නැත්නම් කරන්ඩ දෙයක් නැහැ.මේ ඇවිත් ඉන්නේ ලෝක පුජිත පියනමක්. කරුණාකර කුණු ජරා දේශපාලනය මෙතන ඈදාගන්න එපා. (නදී)
ආගමික නායකයෙක්ට මොකටද වෙඩි මුර? (නදී)
මහින්ද මැතිතුමාට සහ කතෝලික බැතිමතියක් වන ශිරන්ති නෝනා මහත්මියට ආරාධනා කළා කියලා මමත් දැක්කා පත්තර වල තිබුණා . ඇයි මේ කවුරුවත් දැකල නැත්තේ ඒ බව ? (දිල්)
සුරේෂ් මහින්ද මහත්තය රනිල් මහත්තය පන පිටින් බේරලා යවල්පු එකම මදිද..? එය ට ආරාධනා කළාට තියෙන ලජ්ජාවට එන්නේ නැතුව ඇති.. හබි එයාට තියෙන ලැජ්ජාව මොකක්ද අර ජනේලෙන් එල්ලීලා බලන් හිටපු හැටි යට ආයෙත් (බ)
අපේ රට ලබපු උතුම් භාග්‍යක් සියලු දෙන අතර සංහිදියාව ඇතිවේවා! කිතුනු බැතිමතුන්ට සුභ දේව ආශීර්වාදයක් වේවා!!. (හේ)
ශ්‍රී ලංකාවේ අපි ලබපු උතුම් භාග්‍යක් සේ සලකනවා. (ස)