IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාප් වහන්සේ සැපත් වෙති

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ අසහාය ආගමික නායකයා වන අතිඋතුම් ෆ්‍රන්සිස්‌ පාප් වහන්සේ  රැගත් විශේෂ ගුවන් යානය  මින් ස්වල්ප මොහොතකට පෙර  දිවයිනට සැපත් විය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්‍ගේ පර්යන්තයේදී  උන්වහන්සේ රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය.

අනතුරුව ජනපතිවරයා විසින්  උන්වහන්සේව රතු පලස මතින් විශේෂ පිඨිකාව  වෙත කැඳවාගෙන එනු ලැබීය.

 පාප්වහන්සේ  හෙට පෙරවරු 9.00 ට ගාලුමුවදොර පිටියේදී විශේෂ දේව මෙහෙයක්‌ පවත්වනු ඇත. මෙම දේව මෙහෙයේදී ශුද්ධ වූ ජුසේවාස්‌ මුනිවරයාද ශුද්ධත්වයට පත්වනු ඇත. මෙම අවස්‌ථාවට ලොව ඉන්දියාවේ සිට 1200 ක බැතිමත්හු පිරිසක්‌ද සහභාගි වෙති.

අනතුරුව උන් වහන්සේ  හෙට   සවස 2.00 ට   මඩු මාතා දේවස්‌ථානයේදී විශේෂ දේවමෙහෙයක්‌ පවත්වනු ඇත. මෙම දේව මෙහෙයට ලක්ෂ පහලොවක  පමණ බැතිමතුන් පිරිසක්‌ සහභාගිවීමට නියමිතය.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ මුද්දර දෙකක්‌ සහ රුපියල් 500 සමරු කාසියක්‌ නිකුත් කිරීමට ද කටයුතු යොදා ඇති අතර එම සමරු මුද්දර අද අරලියගහ මැදුරේදී පාප් වහන්සේට පිරිනැමේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවැනි පාප්වහන්සේ ප්‍රැන්සිස්‌ පාප් වහන්සේයි.

උන්වහන්සේ කටුනායක සිට කොළඹට පැමිණෙන මග දෙපස විශේෂ ආරක්ෂාව යොදවා ඇත.

1 5

7 8 9

3 10 IMG_0179

 



අදහස් (0)

පාප් වහන්සේ සැපත් වෙති

සුරේශ් Tuesday, 13 January 2015 04:56 AM

පාප්තුමා පිළිගන්න හිටියේ මහින්ද රාජපක්ෂ මහතා නේද? රනිල් ජන 9 උදේ එහෙම නේද ඉල්ලෙමක් කලේ ? එහෙම දීපු වචනය වෙනස් කලේ මොකද ? (ස)

:       0       0

නෙතුමි Thursday, 15 January 2015 04:18 AM

කතෝලික අපිට ලැබුණු බොහොම වටින අවස්ථාවක්. අප රටින් මෙවෙනි පිළිගැනීමක් ලැබුන එක ගැන ගොඩක් ගෞරවනීයයි, මෙම කටයුත්තටත් දේශපාලන මතගැටුම් ගාවගන්න එක එච්චර හොඳ නෑ. එතුමාව පිළිගන්න රාජ්‍ය නායකයන් කිසිම කෙනෙක්ට නිල ආරාධනයක් අවශ්‍යමද? කුමන හෝ ආගමක වටිනා කටයුත්තක් සම්බන්ධයෙන් දේශපාලන විරසක අැති කර ගන්න හොඳ නෑ.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 13 January 2015 05:43 AM

සාදරෙයන් පිලිගන්නවා සුදතම් පියාණනි. (ස)

:       0       0

සුරේෂ් Tuesday, 13 January 2015 05:53 AM

කාට කියන්නද ඕවා. පොරොන්දු ඉටු කරන හැටි බලමු (බ)

:       0       0

කරුණාජීව Tuesday, 13 January 2015 10:48 PM

සමන් පාදුක්ක විදාන මහත්මයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක් නොවේද කොහෙද? එච්චරයි ඒ මහත්මයාට මට කිවහැක්කේ. (නි)

:       0       0

කපිල Tuesday, 13 January 2015 06:17 AM

අද මුලු ලෝකයම අපේ රට දිහා බලන් ඉන්නේ.මේ අවස්ථාව ගොඩක් වටිනවා.(හේ)

:       0       0

සමීර Tuesday, 13 January 2015 06:18 AM

මෙය අපට ලොකු ගෞරවයක්.(හේ)

:       0       0

සමන් පාදුක්ක විදාන Tuesday, 13 January 2015 06:36 AM

මහින්ද රජපච්ක්ෂ මහතාටත් එන්න කිව්වා නම් මුළු ලෝකෙම අපේ සංහිදියාව දකිනවා. එහෙම හිතුනේ නැත්ද ආණ්ඩුවේ කාටවත් (නදී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 13 January 2015 06:57 AM

ශ්‍රී ලාංකික අපි ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා (දිල්)

:       0       0

ප්‍රසන්න Tuesday, 13 January 2015 07:00 AM

සුරේෂ් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ නෑ වගේ හොදට හොයල බලන්න. (දිල්)

:       0       0

නවුසාත් Tuesday, 13 January 2015 07:04 AM

පාප්වහන්සේව පිළිගන්න අවස්ථාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට දෙන්න තිබුණා. (දිල්)

:       0       0

රොහාන් Tuesday, 13 January 2015 07:05 AM

බලතන්හාවෙන් හිටපු අය නරඹන්නන් බවට පත්වී මෛත්‍රී යුගයක රටට ලැබිය යුතුම දේවාශිර්වාදයන් උන්වහන්සේගෙන් හෙට දවසේ ලැබේවි. (බ)

:       0       0

සමන් Tuesday, 13 January 2015 07:19 AM

පොරොන්දු ඉටුකරන විදිහ අපිත් බලාගෙන ඉන්නවා ,(හේ)

:       0       0

තිවංක Tuesday, 13 January 2015 08:02 AM

මෙවැනි දේවල් වලට දේශපාලනය ගාවගන්න එපා. (ස)

:       0       0

ඩයස් Tuesday, 13 January 2015 08:05 AM

පාප්තුමාට ලංකාවට සැපත්වීමට ආරාධනා කලේ කවුද කියා දැන් කාටවත් මතක නෑ. (ස)

:       0       0

කුමාර් Tuesday, 13 January 2015 09:13 AM

සුරේෂ් මහත්තයෝ, හිටපු ජනාධිපති තුමාට ආරාධනා කළා කියලා පත්තර වල තිබුනා දැක්කේ නැද්ද? ඉතින් ආවේ නැතිනම් මොනවා කරන්නද? (බ)

:       0       0

අශාන් Tuesday, 13 January 2015 09:42 AM

කුමාර මමත් එ්කම තමයි හිතුවේ. එතුමාට ආරාදනා කළා කියලා තිබුනා. පිළිගත්තේ නැත්නම් කරන්ඩ දෙයක් නැහැ.මේ ඇවිත් ඉන්නේ ලෝක පුජිත පියනමක්. කරුණාකර කුණු ජරා දේශපාලනය මෙතන ඈදාගන්න එපා. (නදී)

:       0       0

සුමනජෝති හිමි Wednesday, 14 January 2015 04:50 AM

ආගමික නායකයෙක්ට මොකටද වෙඩි මුර? (නදී)

:       0       0

සරසි Tuesday, 13 January 2015 09:57 AM

මහින්ද මැතිතුමාට සහ කතෝලික බැතිමතියක් වන ශිරන්ති නෝනා මහත්මියට ආරාධනා කළා කියලා මමත් දැක්කා පත්තර වල තිබුණා . ඇයි මේ කවුරුවත් දැකල නැත්තේ ඒ බව ? (දිල්)

:       0       0

සමීර Tuesday, 13 January 2015 10:11 AM

සුරේෂ් මහින්ද මහත්තය රනිල් මහත්තය පන පිටින් බේරලා යවල්පු එකම මදිද..? එය ට ආරාධනා කළාට තියෙන ලජ්ජාවට එන්නේ නැතුව ඇති.. හබි එයාට තියෙන ලැජ්ජාව මොකක්ද අර ජනේලෙන් එල්ලීලා බලන් හිටපු හැටි යට ආයෙත් (බ)

:       0       0

පද්මිණි Tuesday, 13 January 2015 10:21 AM

අපේ රට ලබපු උතුම් භාග්‍යක්‌ සියලු දෙන අතර සංහිදියාව ඇතිවේවා! කිතුනු බැතිමතුන්ට සුභ දේව ආශීර්වාදයක් වේවා!!. (හේ)

:       0       0

බර්නාඩ් Tuesday, 13 January 2015 03:44 AM

ශ්‍රී ලංකාවේ අපි ලබපු උතුම් භාග්‍යක් සේ සලකනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site