කොළඹ ගාලු මුවදොර විශේෂ පීඨීකාවකදී ෆ්‍රැන්සිස් පාප්තුමෝ ලක්ෂ සංඛ්‍යාත කිතුනුවන් ඉදිරිපිටදී ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් කිරීමේ දිව්‍ය පූජාව අද උදෑසන පැවැත්වූහ.
ජුසේ වාස් මුනිතුමන් ශුද්ධත්වයට පත් කිරීමේ ප්‍රීතිය අප සැම භුක්ති විඳින බව පාප් වහන්සේ කීහ.
ජේසු තුමන්ගේ කරුණාවේ සංකේතයක් ලෙස ජුසේ වාස් පියතුමන් සැලකිය හැකි බව පාප්තුමෝ කීහ.
එතුමා ආදර්ශමත් පූජකවරයෙක්.
ඉන්දියාවේ ඉපදුණු ජුසේ වාස් මුනිතුමා ශ්‍රී ලංකාවේ ඕලන්ද යුගයේ යාචකයකු ලෙස වෙස් වළාගෙන ශ්‍රී ලංකාවට පැමිණ මර්දනයට ලක්ව සිටි කිතුනුවන් සොයා ගොස් වසර 25 කට ආසන්න කාලයක් අපමණ දුක් විඳිමින් කිතුනුවන්ගේ යහපත වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකළ බව කතෝලික සභාව කියයි.
සුදත් සිල්වා
රොමේෂ් ධනුෂ්ක සිල්වා







































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd