හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාරි 01 වැනිදා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි. මේ අතර මල්වතු අස්ගිරි මහානාහිමි වරුන් ඇතුළු පාර්ශව ගණනාවක් පොන්සේකාට නිදහස දෙන ලෙස ඉල්ලා තිබිණි. පොන්සේකාගේ බෑනාවන දණුන තිලකරත්නගේ හයිකෝප් සමාගමේ යුද හමුදාවට උපකරණ කීපයක් මිලට ගත්තැයි දෙවැනි යුද්ධාධිකරණයෙන් වැරැදිකරු වූ පොන්සේකාට මාස 30ක සිර දඬුවමක් නියම විය. ඒ සමග ඔහුගේ මන්ත‍්‍රීධූරයද අහිමිවිය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයින් වෙඩි තබා මරා දමන්නැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළැයි කියන ප‍්‍රකාශයක් සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවීම සම්බන්ධයෙන් පොන්සේකාට එරෙහිව පැවැති නඩු විභාගයකින් පසුව ඔහුට රුපියල් 5000ක දඩයක් නියම කර තවත් තුන් වසරකට සිරගෙට නියමවිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිට පැවරෙන බලතල යටතේ ඔහුට නිදහස ලැබෙතියි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා පැවැසුවේ සමාව ලබාදීම පිළිබඳව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කීප වරක් සාකච්ඡා කළ බවත් ඊට ඇති ගැටළු ගැන අවධානය යොමුකළ බවත් එහෙත් පැවැති සාකච්ඡුා මොනවාදැයි හෙළිකළ නොහැකි බවත්ය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමාගේ අදහස හරිම හොදයි.
ෆොන්සේකා මැතිතුමනි, ඔබට සියලුම ආගම් වල පිහිට ආශිර්වාදය ලැබේවා ! ඔබතුමාණන් හට මුලු මහත් ජාතියම ණයගැතිය. ෆොන්සේකා මැතිතුමන්ව නිදහස් කිරීම යුතුකමකි.
හොද තීරණයක්....
වැරදීම මිනිස් ගතියයි.... සමාව දීම දේව ගතියයි......
ෆොන්සේකාගෙන් සැවොම සමාව ගත යුතුයි
මගේ ජීවිතේ අසපු සතුටුම තීරණය
සත්‍ය සිර කර තැබිය නොහැක.
මෙච්චර කාලයක් නිකන් හිරේ තිබ්බේ ඇයි?
රෝහිතගේ කතාවට අපිත් එකගයි.
හොද නායකයෙකුගේ හොද තීරණයක්.
හොද තීරණයක්. රට නැටුමට එක්වන්න.
ඒ ගොල්ලො දැම්ම ඒ ගොල්ලොම ගන්නවා
සත්‍ය වලදැමිය නොහැක. අපි ඔහුට ණය ගැතියි
ගරු ජනාධිපතිතමනි, ඔබගේ දේශපාලන ගමන් මග සහ අද්දැකීම් සමුදාය මේ රටෙහි කිසිදු පුද්ගලයකට සමාන කල නොහැක. මන්ද ඔබ ගිරිවාපත්තුවේ සිට කොළඹට පයින් ආ නියම සිංහලයෙක් නිසා. ඒ බව බහුතරයක් ලාංකිකයන් දන්වා. හිටපු හමුදාපති තුමනි ඔබට ජනපතිගෙන් ඉගනගතයුත දෑ බොහොමයි. නිදහස ලබා ජනපති සමග රටට සේවයක් කරන්න බලන්න, වෛරයෙන් වෛරය නොසන්සිදේ....!
ඒ තීරණයට අපිට ගොඩක් සතුටුයි...
මෙය විය යුතුම දෙයක්. නිවැරදි මාවතට යොමු වීම ගැන සතුටුයි. ජෙනරල් ඔබට ජය..
හොද වැඩක්
හොද තීරණයක්. නමුත් ඔහුගේ ජීවිතය සුරකින්න..
පලමුව වැරදි. දෙවනුව නඩු. තෙවනුව ජනාධිපති සමාව
ඔබ ගැන ආඩම්බරයි..
ඉතා හොද තීරණයක්
තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න. ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි...
දැන්වත් දෙගොල්ලො එකතුවෙලා වැඩ කරනවානම් තමා හොඳ. නැත්නම් ලංකාවට එරහි ජාත්‍යන්තරේ එකම ආයුධය වෙන්නේ මේ ෆොන්සේකා
අතිගරු ජනාධිපති තුමාත් ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාත් අපේ ලක්මවගේ නෙත්දෙක වගේ අපිට ඇස් දෙකම අවශ්‍යයි. දෙදෙනාගේම උත්සාහයෙන් දිනු මව්බිමට සහනය උදා වේවා දෙදෙනාටම චිරං ජයතු.........
ඔබ දෙපළටම එකතු වී යුද්ධයේ ජය ලබාගන්න පුලුවන් නම්, අපේ රටත් ගොඩ ගන්න පුලුවන්
ඉතාමත් විශිෂ්ඨ තීරණයක්, පරක්කු වී ගත්තත්
සරත් මහත්තයට නියම මිතුරන් හදුනාගන්න පුලුවන් විය යුතුයි. ඔබ මේ රටේ සතුරන්ගෙ ඉත්තෙක් නොවිය යුතුයි. මිතුරු පිල මිසක් අවස්ථාවේදී සතුරන්ගෙන් ඉවත් වෙන්න. 2001-2004 කාලයත් 2005-2009 කාලයත් හොදින් සිහිපත් කර තීරණයක් ගන්න
සියලුම දේශපාලකයන් සහ රජය සමාව ගත යුතුයි ෆොන්සේකා මහත්තයගෙන්
ො දෙන්නම එකතුවෙලා රට හදන්නොකෝ
මගේ සන්තෝෂය
තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න.ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි....2012 වසරේ අපගේ ජනාධිපති විසින් ගනු ලබන විශිෂ්ටතම අයිතිහාසික තීන්දුව මෙයයි. ජනපතිතුමනි, ඔබට දීර්ඝායුෂ...
නියමයි... ජෙනරාල්තුමනි ජනපති සමග එක්ව වැඩ කරන්න. දේශපාලන පක්ෂයකට යන්න එපා..
ජනපති තුමා ගත් තීරනය හොදයි. ඒත් ජෙනරල්තුමා නැවත දේශපාලනයට නොඑනවනම් තමා හොද.
නිදහස් කළාට ඉස්සරහට තියෙන නඩු වලට මොනවද වෙන්නෙ? මොනව වුණත් අපි ඔබ සමගයි. වීරයාණෙනි ඔබට ජය
තීරණය අවංක නම් හොදයි. ජාත්‍යන්තරයේ බලපෑමක් නෙමෙයි නේද?
ජනාධිපතිතුමාගේ තවත් හොද වැඩක් බවට පත්වෙයි. මිනිසුන්ගේ ගරුත්වය තවත් වැඩිවෙයි
නිදහස් කළාට පස්සෙත් එතුමාට වටින කමක් විපක්ෂය දෙයි ද මන්දා.....
අවංක සිතින් නිදහස් කරනවානම් තමයි හොද.
නව වසරට ජනපතිතුමන් ජාතියට දෙන ලොකුම තෑග්ග මෙයයි. ෆොන්සේකා මැතිතුමනි ඔබට ජය.
ඔබට තෙරුවන් සරණයි.
තීරණය හොදයි.. හිටපු හමුදාපතිතුමනි, නැවත නොමග යන්න එපා. ජනපති එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න. ඔබතුමාට අවංකම මිතුරා ජනපතිතුමායි...
දැනටත් පරක්කු වැඩී...
හොද අදහසක්...
අතිගරු ජනාධිපතිතුමනි, මෙම තීරණය ගත්තොත් ඔබතුමා තව තවත් ජනප්‍රිය වෙනවා.. ඔබට ජේසු පිහිටයි...
සමාව දුන්නට කමක් නෑ....
ඒක වසරේ හොදම තීරණය වේවි..
ජෙනරාල්ට සමාව දෙන්න තරම් වරදක් කර නැත.
ජනාධිපති තුමනි එය වහාම කරන්න.මක්නිසාද ඔබගේ ඉදිරි ගමනට මෙය බාධාවක්.
ඒක හොද තීරණයක්....
විය යුත්ත එය තමා.
ලොකු වෙනසක් වෙන්න ඕන...
ඇසුව හොදම ප්‍රවෘත්තිය. සරත් ෆොන්සේකාට ජයවේවා...
ඒක හොද අදහසක්...
තීරණාත්මක අවස්ථාවක්....
රජයෙන් ඉතා හොද තීරණයක්... ඒවගේම ෆොන්සේකාද හමුදාපති කාලයේ මෙන් ඉතා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි.. අවංක දේශපාලනඥයකු වන්න...
වෛරයෙන් වෛරය නොසන්සිදේ ..! සියලු බේද පසෙකලා එකමුතුව රට ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමාටත් ජෙනේරල් සරත් ෆොන්සේකා මහතාටත් සුභ පැතුම්.
එක්වෙලා සතුටු සිතින් රට ගොඩ නගමු. ජනපතිතුමාට ජයවේවා...
ආණ්ඩුව වරද්ද ගන්නද දන්නෑ යන්නේ...
වැදගත් තීරණයක් ගැනීම පිලිබදව ජතපතිට සුබ පතනවා
සරත් ෆොන්සෙකා මහත්තයගෙ ජිවිතය අවදානමකට ලක් වෙනව මේ තිරනයත් සමග. සරත් ෆොන්සෙකා මහත්තයගෙ ජිවිතය ආරක්ශා කරන්න ජනපති තුමනි. හෑම දෙනාම එක මවකගෙ දරුවො
එකට එකතු වී අපේ රට ගොඩ නගමු...
2012 වසරේ අපගේ ජනාධිපති විසින් ගනු ලබන විශිෂ්ටතම අයිතිහාසික තීන්දුව මෙයයි. ජනපතිතුමනි, ඔබට දීර්ඝායුෂ...
2012 ට හොද ප්‍රවෘත්තියක්..
විශිෂ්ට තීරණයක්
හොද වැඩක් කරන්න යන්නේ...
වෛරය අමතක කරන්න ෆොන්සේකා මහතාට හැකි වේවා!
මේක දේශපාලන තීරණයක් මත හෝ ගත්ත හොද තීරණයක්. දැන්වත් සරත් මහත්තයාත් ඉවසලා කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒක එහෙම උනොත් බෙදුම්වාදීන්ටයි රටේ හතුරන්ටයි කනේ පහරක් වෙයි.ජයවේවා ශ්‍රි ලංකා!
මහත්තයෝ,බුදු බණෙත් කියන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ.. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ.. කියලා..ඔබතුමාගේ ඔය තීරණයට මගේ ශීර්ෂ ප්‍රණාම ස්තූතිය..ජනාධිපතිතුමනි,අපි සියලු දෙනා එක්වී අපේ මව්බිම අපි ගොඩනගමු..
මහින්ද මහත්තයා ඒක කළොත් ගොඩක් හොද වැඩක්.. ඔහුට පුළුවන් දැනට වැඩිය ගොඩන් ඉදරියට එන්න..
අදහස ගොඩක් හොදයි.. ජනපතිතුමනි ඔබට ජය...
ජනපතිතුමන් ප්‍රමාධ වී හෝ ඔබ තුමා ගත්ත නිවැරදි තීරණය හොදයි...
ඔබ හොද හමුදා නිලධාරියෙකි. නමුත් හොද දේශපාලනඥයකු නෙවේ...
කල වැරැද්ද බැටරි වැනි දේ මිලදී ගැනීමලු. ඒකත් හමුදාවේ ප්‍රයෝජනයටලු. ෆොන්සේකා මැතිතුමනි, ජයවේවා!
නිදහස් කරන එක හොදයි. ෆොන්සේකා මහත්තයාත් කෙළින් වැඩ කරන්න ඕන
ඔබ අග්‍රගන්‍ය නායකයෙක් බවට පත්වෙනවා..
ඉතාමත් හොද තීරණයක්
මේට මේ ප්‍රවෘත්තිය ඇසීම ගොඩක් සතුටක්. ගොඩක් හොදයි..
ජනපතිතුමනි, ඔබතුමා රටට සාමය උදා කරන්න ගත් තීරණයට පමණයි මෙය දෙවැනි වෙන්නේ... ඔබට සදා ජය..