(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.

ඒ අවස්ථාවේ සභාවේ සිටි සමගි ජන බලවේගය පක්ෂයේ සහ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහවූ පුද්ගලයන් පුනරුත්ථාපනය විධිමත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම පනතේ අරමුණයි.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්වුණු අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.