ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙන්නේ ‘ටොයෝටා ෆන් වී 2’ යනුවෙනි.‘ටොයෝටා ෆන් වී 2’ ඉතාමත් සුවිශේෂී මෝටර් රථයකි. ස්පර්ශක, සංවේදක සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හිමිකරුගේ උපදෙස් මත, මඟ සොයා ගෙන තනිවම ගමන් කිරීමට මෙම මෝටර් රථයට හැකියාව ලැබේ.අධි සුඛෝපබෝගී, පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි ඇතුළත ස්පර්ශක තිරවලින් සමන්විතය. එම ස්පර්ශක තිර නිර්මාණය වන්නේ පරිගණක තිර කිහිපයකිනි. ඒ අනුව මෝටර් රථයේ ගමන් කරද්දී චිත‍්‍රපට නැරැුඹීමට, සිංදු ඇසීමට මෙන්ම අන්තර්ජාලයට පිවිසීමට ද ඔබට හැකියාව ලැබේ.‘ටොයෝටා ෆන් වී 2’ රථයේ ඇති විශේෂත්වය නම් එහි පිටත පෙනුම තමන්ට කැමැති වර්ණයකට හෝ රටාවකට අනුව වෙනස් කිරීමට ද හැකිවීමය. පිටත ආවරණය ද පරිගණක තිරයකට සමාන වන අතර මෝටර් රථයේ ඉදිරිපස හෝ පිටුපස වීදුරු නැත. ‘ටොයෝටා ෆන් වී 2’ තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත්, වෙළෙඳ පොළට හඳුන්වාදීමේදී එය ඉතා මිල අධික මෝටර් රථයක් වනු ඇති බවත් ටොයෝටා සමාගම පවසයි.

1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd