සුමිත් ප්‍රේමතිලක

පානදුර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී කාන්ති මංගලිකා මහත්මියට අද (14) සභා ගැබ තුළදී  ජල ප්‍රහාරයක් එල්ලවිය.

අද (14) පානදුර ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් අතරතුරදී පාලක පක්ෂය දෙසින් මෙම ජල ප්‍රහාරය එල්ල විය.

2022 වර්ෂය සඳහා ඉදිරිපත්වූ  අයවැය සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් කතාබහ අතරතුර දී  විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සභා ගැබෙන් පිටව යන අතරතුර දී , පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැඳී සිටි අන්තයෙන් ජල ප්‍රහාරය එල්ල වූ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී කාන්ති මංගලිකා මහත්මිය ඇතුලු ජවිපෙ මන්ත්‍රී  කණ්ඩායම් නායක අජිත් කුමාර සිරිසේන සහ ප්‍රාදේශීය සභාව ආවරණය කිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදීයාටද ජල ප්‍රහාරය එල්ල විය.