පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහල් පිල ලකුණු 83 කින් කොළඹ මහානාම විදුහල පරාජය කළේය.
රාජකීය විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර අවසන් මහ තරගය මේ මස 8 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
රාජකීය විදුහල ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 171
(දමිඳු අෂාන් 39, මාධව නිමේෂ් 47, පවන් මධුරජිත් 40, ලක්ප‍්‍රිය ධනංජය 20, එස්. කෞෂල්‍ය 28/2, කලන අෂාන් 23/3, ප‍්‍රනීත් සතරසිංහ 13/3)
මහානාම විදුහල ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 88
(දුලන්ත සිල්වා 22, අකිල ලක්‍ෂාන් 29/2, කලන චතුරංග 16/3, විමුක්ති මධුෂාන් 14/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මල්ලිලා හොඳට සෙල්ලම් කරලත් පරාද උනානේ.... (ස)
මගේ සුබ පැතුම් පුතාලා! මගේ පුතත් පානදුර රෝයල්. (නි)