IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පානදුර - ද්‍රවිඩ සංගම් පෙරමුණේ

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයෙන් පානදුර ක‍්‍රීඩා සමාජය ද, ‘බී’ කාණ්ඩයෙන් ද්‍රවිඩ සංගම් පිල ද, පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.  

පානදුර ක‍්‍රීඩා සමාජය තරග 6 කදී ජයග‍්‍රහණ 5 ක් සහ පරාජයක් සමගින් ප‍්‍රසාද ලකුණු 87.585 ක් ලබා සිටියි. ද්‍රවිඩ සංගම් පිල තරග හයම ජය ලබා අපරාජිතව ප‍්‍රසාද ලකුණු 100.025 ක් හිමිකර ගෙන තිබේ.

මුවර්ස් (86.775) සහ කෝල්ට්ස් (77.720) ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වන අතර එස්. එස්. සී. (97.505) සහ එන්. සී. සී. (83.055) ‘බී’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාවල රැදී සිටියි.

හයවැනි සතියේ එකම ද්විත්ව ශතක ලාභියා බවට පත්වෙමින් ද්‍රවිඩ සංගම් පිලේ රුමේෂ් බුද්ධික නොදැවී ලකුණු 203 ක් රැස්කිරීමට සමත් විය. වරාය අධිකාරි පිලේ චානක කොමසාරු හයවැනි සතියේ පන්දුයවන්නා බවට පත්වෙමින් ලකුණු 97 කට ගාල්ල පිලේ කඩුලූ 10 ක් දවා ගත්තේය.

ඩිල්රුවන් පෙරේරා, පානදුර ක‍්‍රීඩා සමාජයේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් ඉනිම දෙකේදී ලකුණු 133 කට කඩුලූ 9 ක් සහ පළමු ඉනිමේදී ලකුණු 98 ක් රැස්කරමින් හයවැනි සතියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා බවට පත්විය.  

බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට කඩුලූ 7 ක ජයක්)
බී. ආර්. සී. පිල පළමු ඉනිම 223 (ඇන්ඩි සොළමන්ස් 29, රොස්කෝ තටිල් 46, නිමේෂ් පෙරේරා 25, ගිහාන් දිල්රුක් 52, හසිත වික‍්‍රමසිංහ නොදැවී 33, සුජීව ද සිල්වා 21/3, ඩිල්රුවන් පෙරේරා 42/3* සහ දෙවැනි ඉනිම 215 (හෂාන් ගුණතිලක 61, රොස්කෝ තටිල් 47, ඩිල්රුවන් පෙරේරා 91/6)

පානදුර පිල පළමු ඉනිම 320 (ප‍්‍රසන්න ජයවර්ධන 26, චාමර සිල්වා 93, චානක විජේසිංහ 33, ඩිල්රුවන් පෙරේරා 98, හසිත වික‍්‍රමසිංහ 74/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 124 (ප‍්‍රසන්න ජයවර්ධන 41, ලසිත් ප‍්‍රනාන්දු 59)

පී. සරවනමුත්තු- ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ඉනිමක සහ ලකුණු 88 ක ජයක්)
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම කඩුලූ 4 ට 466 (රුමේෂ් බුද්ධික නොදැවී 203, තිලකරත්න සම්පත් 38, සචිත‍්‍ර සේරසිංහ 82, ජීවන් මෙන්ඩිස් නොදැවී 100, සමන් ප‍්‍රියන්තක 56/2)

කුරුණෑගල තරුණ පිල පළමු ඉනිම 200 (සිසිර කුමාර 45, උපේෂ් විජේසිරි 51, චාමිකර එදිරිසිංහ නොදැවී 34, චානක වෙළගෙදර 52/4, ජීවන් මෙන්ඩිස් 53/5) සහ දෙවැනි ඉනිම 178 (චාමිකර එදිරිසිංහ 42, ප‍්‍රසාද් කැල්ලෙපත නොදැවී 48, චානක වෙළගෙදර 35/3, ජීවන් මෙන්ඩිස් 65/3)

සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්. එස්. සී. පිලට ලකුණු 266 ක ජයක්)
එස්. එස්. සී. පිල පළමු ඉනිම කඩුලූ 8 ට 354 (ධනුෂ්ක ගුණතිලක 41, තරංග පරණවිතාන 57, කෞෂාල් සිල්වා 37, තිළිණ කණ්ඩම්බි 60, කෞෂාල් ලොකුආරච්චි 47, දසුන් ශානක 44, උපුල් බණ්ඩාර 27, දිනුක් හෙට්ටිආරච්චි 118/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 241 (තරංග පරණවිතාන නොදැවී 105, කෞෂාල් සිල්වා 69, දසුන් ශානක 33, දිනුක් හෙට්ටිආරච්චි 68/2)

සී. සී. සී. පිල පළමු ඉනිම 226 (ගිහාන් රූපසිංහ 131, සචිත‍්‍ර සේනානායක 83/6, චරිත් ජයම්පති 35/4) සහ දෙවැනි ඉනිම 103 (කසුන් මධුසංඛ 35/7)

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 9 ක ජයක්)
ලන්කන් පිල පළමු ඉනිම 190 (තාරක වඩුගේ 34, යොහාන් අරුණමන්ත‍්‍රි 26, සමීර වීරසිංහ 48, විමුක්ති පෙරේරා 46/3) සහ දෙවැනි ඉනිම 160 (ලස්සන ඩයස් 33, මාලින්ද පුෂ්පකුමාර 37/3, ෂෙහාන් ජයසූරිය 50/5)

මුවර්ස් පිල පළමු ඉනිම 232 (හර්ෂ කුරේ 69, චතුරංග ද සිල්වා 49, ජනක ගුණරත්න 56, ලස්සන ඩයස් 75/4, සචිත‍්‍ර පෙරේරා 41/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 119 (ෂෙහාන් ජයසූරිය නොදැවී 73, ජනක ගුණරත්න නොදැවී 30)

කෝට්ල්ස් ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරි පිලට ඉනිමක සහ ලකුණු 123 ක ජයක්)
වරාය අධිකාරි පිල පළමු ඉනිම කඩුලූ 7 ට 400 (යොහාන් ද සිල්වා 53, තරිඳු මෙන්ඩිස් 58, ගයාෂාන් වීරසේකර 66, මුතුමුදලිගේ පුෂ්පකුමාර 32, ඉසුරු උදාන නොදැවී 103, ශානුක දිසානායක නොදැවී 32, කෞෂල්‍ය ගජසිංහ 74/2)

ගාල්ල පිල පළමු ඉනිම 122 (චලිත හැළඹගේ 33, ශානුක දිසානායක 23/3, චානක කොමසාරු 42/5) සහ දෙවැනි ඉනිම 155 (චලිත හැළඹගේ 33, ඉමේෂ් උදයංග 26, අනිල් රිදීගම්මනගෙදර 29, චානක කොමසාරු 55/5)

බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 154 ක ජයක්)
බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 314 (මාධව වර්ණපුර 102, දමින්ද රණවීර 27, සුරාජ් රන්දීව් 35, තරංග ලක්‍ෂිත 87, ශෂ්රීක පුස්සගොල්ල 102/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 218 (ඩිල්ෂාන් මුණවීර 112, ප‍්‍රමෝෂ් පෙරේරා 72)

සැරසන්ස් පිල පළමු ඉනිම 255 (රාජ්කුමාර් රකිත 63, රුක්ක්‍ෂාන් විරසිංහ 31, සමිත් දුෂාන්ත 48, බුද්ධික මෙන්ඩිස් 66, ඩිල්ෂාන් මුණවීර 47/5) සහ දෙවැනි ඉනිම 123 (මොහොමඞ් අස්ලාම් 36, චතුර රන්දුණු 46/5, උපුල් ඉන්ද්‍රසිරි 25/3)

එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)
එන්. සී. සී. පිල පළමු ඉනිම 275 (නිරෝෂන් දික්වැල්ල 111, ජෙහාන් මුබාරක් 25, උපුල් තරංග 45, චාමර කපුගෙදර 38, සාලිය සමන් 52/4, රොෂාන් ලක්සිරි 58/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 212 (උපුල් තරංග නොදැවී 120, ළහිරු මධුසංඛ නොදැවී 35)

බදුරලිය පිල පළමු ඉනිම 195 (මාලිංග මාලිගස්පේ 35, පබසර වඩුගේ 36, සාලිය සමන් 44, ෆර්විස් මහරුෆ් 46/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 178 (හාන්ස් ප‍්‍රනාන්දු 33, නිලූෂාන් නෝනිස් 60, සහන් විජේරත්න 25, සොහාන් බොරලැස්ස 61/3)

කටුනායක වෙළෙඳ කලාප ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)
යුද හමුදා පිල පළමු ඉනිම 401 (රිෂාන් කාවිංග 61, මංජුල ද සොයිසා නොදැවී 128, සීකුගේ ප‍්‍රසන්න 77, රොෂාන් ජයතිස්ස 35, මධුර ලක්මාල් 90/4, මාලිංග බණ්ඩාර 116/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 202 (සීකුගේ ප‍්‍රසන්න 76, ඩිලාන් සොයිසා 27, ජනිත් සිල්වා නොදැවී 39, කෞෂල්‍ය වීරරත්න 22/3, දුලංජන් ද සිල්වා 61/3)

රාගම පිල පළමු ඉනිම 281 (උදාර ජයසුන්දර 50, මයිකල් වැන්ඩොට් 38, දුලංජන් ද සිල්වා 71, මිලින්ද සිරිවර්ධන 30, සීකුගේ ප‍්‍රසන්න 94/5, රොෂාන් ජයතිස්ස 70/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 101 (මිලින්ද සිරිවර්ධන නොදැවී 31, සීකුගේ ප‍්‍රසන්න 61/3)

කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරගය විසඳුමකින් තොරව අවසන්)
කෝල්ට්ස් පිල පළමු ඉනිම 464 (ෂෙහාන් ප‍්‍රනාන්දු 26, නිසල් රන්දික 158, මලින්ද වර්ණපුර 39, කුසල් ජනිත් 97, තරංග රවීන් 145/5, අකිල ඉෂංක 71/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 5 ට 290 (ෂෙහාන් ප‍්‍රනාන්දු 67, චතුරංග කුමාර 88, මලින්ද වර්ණපුර 42, අනුක් සිල්වා නොදැවී 49, රොෂේන් සිල්වා නොදැවී 27)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 432 (ටී. නදීර 31, යශෝධ ලංකා 171, සංජීව බුලත්වල 60, අජත් කුමාර 28, බුද්ධික සඳරුවන් නොදැවී 47, ඉෂාන් ජයරත්න 81/3, නිසල් රන්දික 81/5)

වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (තරග විසඳුමකින් තොරව අවසන්)
මේරියන්ස් පිල පළමු ඉනිම 354 (නුවන් කාවින්ද 34, අසේල ජයසිංහ 30, ගීත් කුමාර 82, උමේෂ් කරුණාරත්න 44, නිෂාම් මෂාහිර් 29, සොහෙල් අහ්මඞ් 63, විදුර අධිකාරි 35, විමේෂ් වික‍්‍රමසිංහ 54/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 174 (විදුර අධිකාරි 36, ගීත් කුමාර 44, අසේල ජයසිංහ 27, එස්. චාමික 50/4)

නාවික හමුදා පිල පළමු ඉනිම 218 (ගයාස් ක‍්‍රිස්ටෝපර් 55, දුලීක තිස්සකුට්ටිගේ 29, අනුර වැගොඩපොළ නොදැවී 63, ප‍්‍රභාත් ජයසූරිය 72/5, ගීත් කුමාර 52/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 233 (දුලීක තිස්සකුට්ටිගේ 41, බුද්ධික හසරංග 51, යොහාන් කුමාර නොදැවී 68, රනිල් රසාංග 25, සංජය ප‍්‍රනාන්දු 28/3)



අදහස් (0)

පානදුර - ද්‍රවිඩ සංගම් පෙරමුණේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site