කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක‍්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේදී පන්දු යවන්නෝ හොඳ දස්කම් දැක්වීමට සමත් වූහ. කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 47කදී සියලූ දෙනා දැවී ලකුණු 107යි. (සුපුන් නිශ්ශංක 20, ඊ.වී.ආර් මධුෂාන් 22, අයි.ඞී.වයි මධුෂාන් 25/5, එන්.එන්.කේ රාජරත්න 22/3) කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම x ඕවර 37.2කදී සියලූ දෙනා දැවී ලකුණු 93යි. (පී.එන්. මහමේඛල 26, ටී.ඞී. ලක්ෂිත 13/3, පී.එන්. මධුෂාන් 29/3, ඊ.වී.ආර් මධුෂාන් 12/2) කළුතර විද්‍යාලය දෙවන ඉනිම - ඕවර 52 කදී සියලූ දෙනා දැවී ලකුණු 161යි. (රවිඳු උදයංග 30, ඉසුරු බුද්ධික 20, පැතුම් නිස්සංක 38, දිමුත් මධුෂාන් 23, යොහාන් මධුශංක 48/2, මහේෂ් වීරසිංහ 22/2, කවිඳු රාජරත්න 24/3, සුපුන් කරුණාසිංහ 29/2) කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය දෙවනි ඉනිම - ඕවර 17කදී කඩුලූ 3ට ලකුණු 89යි. (සුපුන් කරුණාසිංහ 33, දිල්ෂාන් ලක්ෂිත 18/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු හුළං නිසා (අ)