මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පිරික්සීමට කතරගම විශ‍්‍රාම ශාලාවට රජයේ රසපරීක්‍ෂක ගිය අවස්ථාවේ ගත් ඡායාරූප දෙකක් ද තමාගේ වෙනත් ඡායාරූප රැසක්ද දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ අණ පරිදි බලහත්කාරයෙන් මකා දමන ලදැයි කතරගම ”ලංකාදීප” වාර්තාකරු එම්.කේ. නන්දසේන, ජනපතිටත්, පොලිස්පතිටත්, මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් තම කැමරාව උදුරාගත් සහකාර පොලිස් අධිකාරීවරයකු එහි තිබූ රාජ්‍ය උත්සව රැසක හා ගම්වැසියන්ගේ අවමගුල් උත්සව ඇතුළු නැවත ගත නොහැකි ඡායාරූප රැසක් මකා දැමූ බව කියන නන්දසේන මහතා තමාට වූ අලාභය රුපියල් ලක්‍ෂ දහයක් බවත් මේ ගැන නිසි පරීක්‍ෂණයක් පවත්වා වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේ අය තමයි දැන් ලංකාවෙම ඉන්නේ.......මිනිසුන්ගේ නිදහස දැන් නෑ....ඇත්තටම ලංකාවට මේ මොකද වෙන්න යන්නේ......
නැවත ලබාගත හැකි මෘදුකාංගයක් අවශ්‍යනම් මාගේ ඊමේල් ලිපිනයට දන්වන්න.
රස පරීක්ෂක නිලධාරීන් ආරක්ෂක හේතූන් මත ප්‍රසිද්ධ මාධ්‍ය වල පෙනී සිටින්න අකමැතියි. අනිත් ඡායාරූප මැකීම නම් වැරදියි.
මකාදැමූ විද්යුත් ලිපිගොනු හෝ මොනයම් දෙයක් නැවත සකසා ගැනීමට ක්‍රම තියනවා. . .
නැවත සකසා ගැනීම නෙමේ. මේක විමර්ශනයකට ලක් වෙන්න උවමනායි. රටේ නීතිගරුක පුරවැසිය අද කොන් වෙලා..
රස පරීක්ෂක නිලධාරීන්ගේ ඡායාරූප, ආරක්ෂක හේතූන් මත ප්‍රසිද්ධ මාධ්‍යගත් ඡායාරූප වැරදියි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරි වන්දි නැත මකාදැමූ විද්යුත් ලිපිගොනු හෝ මොනයම් දෙයක් නැවත සකසා ගැනීමට ක්‍රම තියනවා
නරක වැඩක්නේ කරලා තියෙන්නේ. එහෙම ෆොටෝ මැකුව එක වැරදිනේ
ප්‍රශ්නය අත්තේ මකාදැමු පින්තුර නැවත ප්‍රතිස්ථාපනය කරගැනීම නොව අපේ රටේ ජනමාද්‍ය නිදහස මෙන්ම සිවිල් ජනයාගේ මුලික නිදහසද අත්තනෝමතිකව පොලිස් නිලදරයන් විසින් රිසි සේ අහුරා දැමීමය.අද පොලිසිය උසාවියේ කාරිය කොරන්නට ගොස් ඇත.නඩු අසන්නේත් දඩුවම් දෙන්නෙත් පොලිස් කුඩුවේය,මෙයට නිදශන සිය ගණනක් සොයාගත හැක.පොලිස් නිලදාරින් මෙයට වඩා දුරදර්ශිව හා නිතිගරකව සිවිල් ජනතාව වෙනුවෙන් තම රාජකාරිය ඉටුකළ යුතුව ඇත.